පිළිම තැන්පත් කිරීමට හා විවිධ ආගමික කටයුතු සඳහා වගේම බුදු කුටි අලංකාර කිරීමට මෙන්ම මල් ආසන සඳහා ද මේ පූජා මල් යොදා ගන්න පුළුවන්.
ඉතා අලංකාරව විවිධ වර්ණවලින් නිර්මාණය කර ගත හැකි පූජා මල් අගනා ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කළ හැකියි. මෙවර තරුණී නුගසෙවණ ආදරණීය සුසංයෝගය ඔබට තිළිණ කරන්නේ මේ අනගි පූජා මල් නිර්මාණය කරන අයුරුයි.
අවශ්‍ය අමු ද්‍රව්‍ය :-
අඟල පළල රිබන් අවශ්‍ය පාටින් සහ අවශ්‍ය ප්‍රමාණයෙන්
පිටුපසට දැමීම සඳහා ඝනකම් රෙද්දක්
ගම් ගන් එකක්
ගම් කූරු
පබළු හෝ සීකුයිවින්ස්
පොල්තෙල් පහනක් හෝ පුච්චා ගැනීමට හැකි දෙයක්
සකසා ගන්නා ආකාරය :-
සාදන ක්‍රමය
පළමු පියවර
පළමුවෙන් රිබන් ගෙන 3.5 cm ප්‍රමාණයේ කැබලි කපා ගන්න. සකස් කරන පූජා මලේ ප්‍රමාණය අනුව අවශ්‍ය රිබන් කැබලි ප්‍රමාණය වෙනස් වේ.
දෙවැනි පියවර
ඝනකම් රෙද්දක් ගෙන අවශ්‍ය ප්‍රමාණයට රවුමක් කපා ගන්න. ඉන්පසුව වට ප්‍රමාණය සමාන වන අයුරින් එහි මැද රවුම් ඇඳ ගන්න. රවුම් අතර පරතරය එක සමාන විය යුතු වේ.
3 පියවර
පොල්තෙල් පහන ගෙන කපා ගත් රිබන් පටියක් ගෙන ත්‍රිකෝණයක් වන සේ මැදින් දෙකට නවා පැති දෙක සහ කොන් දෙක සමානව ගෙන පුච්චා ගන්න. අනතුරුව එක් කොනක් නැවත ඉදිරිපසට නවා පුච්චා ගන්න. පසුව අනෙක් කොනද ඉදිරියට නවා පුච්චාගෙන මල් පෙත්ත සකසා ගන්න.
4 පියවර
කපාගත් රවුම ගෙන මල් පෙති ළඟින් ළඟට සිටින සේ හිඩැස් නොමැතිව එකිනෙකට ගම් ගන් එකෙන් අලවා ගන්න. පළමු රවුම, දෙවැනි රවුම ආදී වශයෙන් අවශ්‍ය රවුම් ප්‍රමාණය කැමැත්ත පරිදි වෙනස් කළ හැකියි.
5 පියවර
රවුම්වට පෙති අලවා ගත් පසුව ඉතිරි වන මැද කුඩා රවුමට පබළුවක් හෝ ප්‍රමාණයෙන් විශාල සීකුවින්ස් එකක් අලවා ගන්න.
6 පියවර
අවසානයේ පෙතිවල එකින් එක සීකුවින්ස් හෝ පබළු අලවා අලංකාර නිමාවකින් යුත් පූජා මලක් සකසා ගන්න.

උපදෙස්:-
අත්කම් නිර්මාණ
ශිල්පිනි නදීශා දිල්හානි