Honing Rod (හෝනින් රොඩ්) එකක් භාවිතය
මෙය දිගු ලෝහ දණ්ඩක් වන අතර එමඟින් පිහිතලය සෘජු කර ගැනීමට වගේම පිහිය මුවහත් කර ගැනීමටත් පුළුවනි. පිහිය හෝනින් රොඩ් එකට වම් පැත්තෙන් වගේම දකුණු පැත්තෙන් අංශක 20 කෝණයකින් අල්ලාගෙන අග සිට මුලට මෘදු ලෙස අදින්න. සති දෙකකට වරක් මෙලෙස සිදු කිරීමෙන් පිහියේ මුවහත දිගු කාලයක් පවත්වා ගැනීමට ඔබට පුළුවනි.
Sharpening Stone (මුවහත් ගල්) භාවිතය
මෙයට Whet Stone කියලත් කියනවා. මොකද පිහියක් මුවහත් කරන්නට පෙර මෙවැනි ගල් තෙත් කරන නිසාවෙන්. අංශක 15ත් 20ත් අතර කෝණයකින් පිහිය හසුරුවාගෙන කැපුම් තලයේ දෙපැත්තම මුවහත් කර ගැනීමට පුළුවනි. දෛනිකව නිවෙස්වල මෙම මුවහත් ක්‍රමය සුලබව දැක ගැනීමට පුළුවනි. මුවහත් කිරීමෙන් පසු කපු රෙදි කඩකින් පිහිය පිරිසුදු කිරීමටත් මතක තබා ගන්න.
Electric Knife Sharpener (විදුලි මුවහත් යන්ත්‍රය) භාවිතය
මෙයද අද මුළුතැන්ගෙයක් තුළ භාවිත කරන සුලබ උපකරණයකි. විදුලි මුවහත් යන්ත්‍රයේ සලකුණු කර ඇති දාර හරහා පිහිය ඇදීමෙන් ඔබට මුවහත ලබා ගැනීමට පුළුවනි. නමුත් මෙමඟින් නිතර මුවහත් කිරීම තුළින් පිහියේ කඩතොලු ඇතිවන්නට පුළුවනි. එනිසා නිතර භාවිතයෙන් වළකින්න.
Butter Knife ( බටර් පිහි )
මුළුතැන්ගෙට අත්‍යවශ්‍යම පිහියක් වන මෙය කෙටි වගේම කැපුම් තලය තරමක් පුළුල් වේ. එය වටකුරු හා මෘදු පිහියකි. මෙමඟින් බටර්, මාගරින්, ජෑම් ආදිය මෘදුව පාන්, බනිස්, කේක් ආදියෙහි තවරා ගැනීමට ඔබට පුළුවනි. කුඩා දරුවන්ටත් පහසුවෙන් භාවිත කළ හැකි අඩු බරක් ඇති මෙය පහසුවෙන් පාලනය කිරීමට ද පුළුවනි.
