මොනතරම් ඉහළට ඉගෙන ගත්ත කෙනකුට වුණත් මුල් අඩිතාලම ලැබෙන්නේ මෝන්ටිසෝරියෙන්. එහෙමත් නැත්තම් පෙර පාසලෙන්. දරුවන්ගේ නිදහස් මනස තේරුම් ගනිමින්, ඔවුන්ගේ පූර්ව ළමාවිය සංවර්ධනය කරමින්, අනාගතයට අවශ්‍ය අඩිතාලම දාන්න මේ මොන්ටිසෝරි කියන සංකල්පය, ආයතනය ඉතාම ලොකු උදවුවක්.
ඉතින් අපි අද කතාකරන්නේ මේ පුංචි දරුවන් වෙනුවෙන්, මේ මොන්ටිසෝරි කියන ආයතනය ගොඩනඟලා, විශාල මෙහෙයක් ඉටු කරන ආදරණීය ගුරු මාතාවක් ගැනයි. ඇය අපේ රටට දැයට මහඟු සේවයක් කරන විශිෂ්ට කාන්තා ව්‍යවසායිකාවකි.
තරගකාරී සමාජයක ජීවත් වන ඔබ අප නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ තම දරුවන්ට තිබෙනා ඉස්තරම්ම දේ ලබාදී, ඔවුන්ව පෝෂණය කරන්නයි. කුඩා දරුවකුගේ මූලික අධ්‍යාපනය ඔවුන්ගේ ජීවිතයේ ඉදිරි දැක්ම ගැන
තීරණය කරන ඉතා වැදගත් අවධියකි. තම දරුවන්ට තරමටම අන් දරුවන්ට ද ආදරය සෙනෙහස සමසේ දක්වන්න පුළුවන් නම් එය සැබෑම මවුගුණයකි. පෙර පාසල් ගුරුවරියක් බොහෝ විට “දෙවැනි මවක්” ලෙස සැලකෙන්නේ එම නිසාය. ඇය කුඩා දරුවන්ට වටිනාකමක්, අවබෝධයක් සහ ඉගෙන ගැනීමට දිරිමත් කරන ආදරණීය පරිසරයක් නිර්මාණය කරයි.
එලෙස දැයේ දරුවන්ගේ හෙට දවස ආලෝකමත් කරන්නට First Friends ඇරැඹූ ඇය ටොවිනි විජේරත්නයි. අංක 1A, නිත්තවල පාර, කටුගස්තොට පිහිටි මෙම පෙර පාසල ආරම්භ කර දැනට වසර 12කි. එලෙස ආරම්භ කරන ලද ෆස්ට් ෆ්‍රෙන්ඩ්ස් පෙර පාසල ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් ආභාසය ලත් දැක්මක් මත ගොඩනැඟී ඇත. එහි විදුහල්පතිනිය වන ටොවිනි විජයරත්න තම පෙර පාසල ගැන මෙසේ අදහස් පළ කළාය.
මම වසර අටක පමණ කාලයක් විදේශගතව සිටි අයෙක්. ඒ කාලය තුළ වෙනත් රටවල පෙර පාසල් අධ්‍යාපනය ඉතා උසස් අයුරින් සිදු කරනවා දැක්කා. මටත් ඒ පිළිබඳ ඉගෙන ගැනීමට ආස හිතුණා. පසුව ලංකාවට පැමිණ ජාත්‍යන්තර පාසලක සේවය කරන අතරතුර පෙර පාසල් අධ්‍යාපනය පිළිබද හැදෑරුවා. මම මේ වන විට අධ්‍යාපනය සම්බන්ධව ශාස්ත්‍රපති උපාධිධාරිනියක් මෙන්ම ජාත්‍යන්තරව පිළිගත් A.M.I පෙර පාසල් ඩිප්ලෝමාධාරිනියක්.
මේ පෙර පාසල ළමුන් 30 දෙනකුගෙන් ආරම්භ කළ එකක්. මේ වන විට වයස අවුරුදු 2 සිට 5 දක්වා දරුවන් 250ක් පමණ පෙර පාසලේ අධ්‍යාපනය ලබනවා. ඉගැන්වීම් කරනුයේ A.M.I පෙර පාසල් ඩිප්ලෝමාධාරී/ උපාධිධාරි ප්‍රවීණ පළපුරුදු ගුරුවරු වයස අවුරුදු 2-3ත් අතර දරුවන් Play Group පන්තියටත්, වයස අවුරුදු 3-4 දරුවන් LKG පන්තියටත්, වයස අවුරුදු 4-5 දරුවන් UKG පන්තියටත් වශයෙන් කාණ්ඩ තුනකට බෙදා එම වයස්වලට සරිලන ලෙස ඉතා නිර්මාණශීලීව සකසා ඇති විෂය මාලාවක් දරුවන්ට ලබා දෙනවා.
ඔබ දරුවන්ට ප්‍රාෙයා්ගික ක්‍රියාකාරකම් ලබා දෙන්න නිරතුරුව වෙහෙසෙනවා.
ඔව්. මම සියලුම විෂය මාලාවන් හා ක්‍රියාකාරකම් සිදුකරනු ලබන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. බහුමාධ්‍ය විශේෂ වැඩසටහන් හරහා දරුවන්ට පරිගණක හා ඉංග්‍රීසි දැනුම වර්ධනයට අවශ්‍ය පහසුකම් පමණක් නොව නැටුම්, ගැයුම්, චිත්‍ර හා නිර්මාණශීලී කුසලතා වර්ධනය කර ගැනීම, ප්‍රායෝගික සහ පිහිනුම් අභ්‍යාස, සමාජශීලී ආචාර ධර්ම, ශාරීරික වර්ධනය, කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට ද අවස්ථාවක් ලබා දෙනවා.
පෙර පාසලේ ඉගෙන ගන්නා දරුවන් අධ්‍යාපනයට පමණක් සීමා කළ යුතු නැහැ. ඔවුන් සෙල්ලම් කරන වයසේ පසු වෙන්නේ. එම නිසා අප ඔවුන්ගේ මානසිකත්වයට හානි නොවන පරිදි ක්‍රියාකාරකම් තුළින් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කළ යුතුයි.
එළැඹෙන වසර වෙනුවෙන් ඔබේ සැලසුම කෙසේද?
ඔව්. මුල් ළමාවිය සංවර්ධනය උදෙසා ඇපකැප වී කළ විශිෂ්ට මෙහෙවර උදෙසා 2017 වසරේ දී අපේ පෙර පාසල රන් සම්මානයෙන් සම්මානනීය වුණා. ඒ මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සංවිධානය කළ තරු සම්මාන උලෙළේදී යි. ඒක අපි ලබපු ලොකු ජයග්‍රහණයක්.
සෑම වසරකම මෙම පෙර පාසලට අයදුම්පත් බොහෝමයක් ලැබෙනවා. ඉඩකඩ සීමා සහිත නිසා ඇතුළත් කරගනු ලබන්නේ සීමාසහිත ප්‍රමාණයක්. දරුවන්ගේ අයදුම්පත් දැන් සිටම භාර ගැනීමට අප අදහස් කළා. First Friends පෙර පාසලට සමගාමීව First Friends උසස් අධ්‍යපන ආයතනය ( First Friends Campus) හරහා ඔබේ දරුවන්ට ඉංග්‍රීසි ( Elocution) සහ පරිගණක (IT) පාඨමාලාන් හැදෑරීමට අවස්ථාව උදාකර දී තිබෙනවා.
පුංචි දරුවන්ගේ හෙට දිනය ආලෝකමත් කර ඔවුන්ගේ මංපෙත් විවර කර අනාගතය දිනන්න හොඳම දේ ඔබේ දරුවාට ලබා දීමට ඔබ ද කටයුතු කරන්න.

