Monday, November 3, 2025
Epaper
Home විශේෂාංගGEN Z පරපුරේ ආදර අවනඩුව

GEN Z පරපුරේ ආදර අවනඩුව

by Shanaka Lakehouse

කාලය කියන්නේ ම එක් නිමේෂයකින් එක් හුස්මක්. ක්‍රියාවක්, වචනයක් සරලවම සෑම දෙයක්ම වර්තමානයෙන් අතීතයට ගෙන යන්නක්. මෙලෙස ගෙවන කාලයත් සමඟම අපිටත් නොදැනීම මිනිසුන්ගේ ආකල්ප, දින චර්යාවන්, හැසිරීම් රටා… යනාදිය වෙනස් වෙමින් පවතී.

ඒ අනුව කාලයත් සමඟ විවිධ හැසිරීම් සහ ගෝලීය වෙනස් වීම් පාදක කරගනිමින් ශත වර්ෂ ගණනක පරම්පරා වශයෙන් වර්ග කරයි. ඒ Gen Y, (1981 – 1996) Gen X(1965 – 1980), Boomers (1946- 1964), Silent Gen(1928-1945) G.1.Gen (1901- 1927) සේම වර්තමානයේ ක්‍රියාකාරි තාරුණ්‍යය නොඑසේ නම් ශ්‍රම බලකාය හසුරුවනුයේ වත්මන් පරපුර වන GEN Z පරම්පරාවය. ඔවුන්ගෙන් පසුව තාරුණ්‍යය අත්පත් කරගනුයේ (2013 සිට වර්තමානය දක්වා) Gen Alphaවරුන්ය.

වර්තමාන තරුණ පරපුර එනම්, Gen Z නැතිනම් Generation Z (Zoomers) යනු 1990 දශකයේ අග භාගය සහ 2010 දශකයේ මුල් භාගය අතර උප්පත්තිය ලැබූ පිරිසයි. සංඛ්‍යාත්මකව මේ කාල සීමාව නිර්ණය කළහොත් එය 1997 – 2012 දක්වා කාලය ලෙස සටහන් කරන්නට කැමැතිය. මේ Gen Zවරුන් ඩිජිටල් ස්වදේශිකයන් (Digital Natives) ලෙස නම් කරයි. එය ඔවුන්ගේ ජීවිත කාලය පුරාම අන්තර්ජාලය, Smart Phone සහ සමාජ මාධ්‍ය පැවතීමත් ඒවා ඔවුන්ගේ දෛනික ජීවිතයේම කොටසක් වීමත් නිසාය. ඔවුන්ට පෙර සිටි පරම්පරාවලට සාපේක්ෂව වඩා ඉහළම ප්‍රායෝගික, සමාජීය වශයෙන් දැනුම්වත්භාවයක් සහ විවිධත්වය අගයන ආකල්ප සහිත පරපුරක් ලෙසට සමාජ විශ්ලේෂකයන් විසින් නම් කරයි. නමුත් මේ දියුණු ආර්ථිකයත්, මුදල මත දිවෙන ලෝකයක් නිසා Gen Z පරපුරට ඔවුන්ගේ සමාජයීය සහ මානුෂික අවශ්‍යතාවන් මත “ආදරය” යන මාතෘකාව මඟහැරීමක් හෝ ඔවුන් විසින්ම ඉවත දැමීමේ ප්‍රවණතාවක් වත්මන් සමාජ විද්‍යාත්මක පර්යේෂණ ඔස්සේ ඔප්පු වී ඇත.

ඒ අනුව Gen Z නැතිනම් Generation Z පරම්පරාවට වර්තමාන මූල්‍යමය ගැටලු සහ ඒ හරහා ඇතිවන මානසික පීඩනය ඔවුන්ගේ සම්බන්ධතා කෙරෙහි දැඩි වශයෙන් බලපෑම් ඇති කරන බවට නවතම පර්යේෂණ වාර්තාවලට අනුව හෙළි වී ඇත. ඒ අනුව Generation Z යනු අන්තර්ජාලය සමඟම පිබිදුණු අයවලුන්ය. ඒ හරහා ගෝලීයකරණය වූ ලෝකය තුළ ජීවත් වීමට නම් මූල්‍යමය ශක්තිය සහ මූල්‍යමය නිදහස (Economic Freedom) අත්පත් කර ගැනීම අත්‍යවශ්‍යම වේ. ඒ අනුව මූල්‍ය තාක්ෂණ සමාගමක් වන ඉන්ටුයිට් විසින් පසුගිය දා නිකුත් කරන ලද The Cuffing Economy වාර්තාවට අනුව මෙම Gen Zවරුන් තිදෙනකුගෙන් එක් අයෙකු (1/3) නොමිලේ ආහාර වේලක් ලබා ගැනීමේ අරමුණින් පමණක් පෙම් හමු (Dates)වලට සහභාගී වන බව වාර්තා වේ. තවද අද වන විට අහස උසටත් එහා ගිය ජීවන වියදම හේතුවෙන් Gen Z පරපුරේ 58%ක් පමණම පෙම් හමු සංවිධානය කිරීම නවතා ඇති බව වාර්තා වේ. එනම් Gen z වරුන්ගෙන් භාගයකට වැඩි පිරිසක් ආදරය තම ජීවිතයෙන් කපාහැර ඇත. ඔවුන්ගේ මවුපිය පරම්පරාව ලෙස සැලකෙන Gen Xපරම්පරාව මෙන් මිලාධික අවන්හලවල්වලට හෝ සංචාරවලට ගොස් පෙම් හමු පවත්වනවා වෙනුවට Gen z වරුන් සරල ඇවිදීමකින් හෝ නි‍ෙවසේදී සිනමා පටයක් නැරඹීම වැනි අඩු වියදම් ක්‍රම හරහා ඔවුන් පෙම් හමු නිර්මාණය කරගන්නා බව ද මේ වාර්තාවට අනුව තහවුරු විය.

ප්‍රධාන වශයෙන්ම මේ වාර්තාවෙන් අනාවරණය වන්නේ Gan Z පරම්පරාව මූල්‍යමය වශයෙන් දැඩි පීඩනයක සිටින බවත්, තම සහකරුට සමාන මූල්‍ය ඉලක්ක තිබීම අතිශයින්ම වැදගත් ලෙස ඔවුන් සලකන බවත්ය. නවාතැන් කුලී මිලගණන් ඉහළ යෑම, ශිෂ්‍ය ණය බර, රැකියා විරහිතභාවය සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ විශ්වාසයක් නොමැතිවීම.. ආදී කරුණු මෙයට හේතුන් වී ඇත. තවද වර්තමානයේ බහුල වශයෙන්ම වන AI තාක්ෂණය හේතුවෙන් ද රොබෝ තාක්ෂණය සහ මෙම තාක්ෂණික වර්ධනය තරුණ තරුණියන්ට රැකියා අහිමිවීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇත. තවද මේ රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් මිනිසුන්ගේ නිර්මාණාත්මක චින්තනය සහ කලාත්මක බවට පහර වැදී ඇති බව විවිධ පර්යේෂණවලදී නිර්ණය කරගෙන ඇත. මෙය Gen Zවරුන්ට පමණක් නොව අනාගත තාරුණ්‍යය වන Gen Alpha වරුන්ට ද එතරම් හිතකර නොවේ. මේ The Cuffing Economy වාර්තාවට අනුව පෙර පරම්පරාව වූ Millennials (Gen Y) එනම් 1980 – 90 දශකයේ උපත ලැබුවන් 51%ක් පමණ මේ හමු මඟහැරී අතර ඒ තත්ත්වය Gen Z වනවිට 58% දක්වාම ඉහළ ගොස් ඇත. මේ ආර්ථික අස්ථාරත්වය සහ ආකල්පමය වෙනස මෙලෙසම පැවතුණහොත් මේ ප්‍රතිශතය Alpha වරුන්ගේ මීටත් වඩා ඉහළ යා හැකිය. මේ Gen Z පරපුර නොමිලේ ආහාර වේලක් වෙනුවෙන් පෙම් හමුවලට සහභාගි වීම 2019 වර්ෂයේදී ජනප්‍රිය යෙදුමක් වූ ‘Foodie Calls’ලෙස ද නම් කරයි.

මනෝ උපදේශකවරියක් වූ අජා එවගේ වාර්තා සහ ඇයට අනුව නම් වයස අවුරුදු 30 ට අඩු තරුණයින්ගෙන් 50%කට වැඩි පිරිසක් පෙම්වතුන් සොයා ගැනීමට Dating App භාවිත කරනා බවයි. පෙම්හමු හා ආහාර යන සංකල්පය App සම්ප්‍රදාය හරහා ද ව්‍යාප්ත වන බව දැකගත හැකිය. නොමිලේ ආහාර වේලක් උදෙසා මේ App හරහා පුද්ගලයන් නොමඟ යවන බවක් එවන්ස් පවසයි. වර්තමානය වන විට Gen Z පරපුර අතර තවත් ප්‍රවණතාවක් නම් භෝජන සංග්‍රහයේ වියදම හරි අඩ බැගින් දෙදෙනා අතර බෙදාගෙන ගෙවීමයි.

තවදුරටත් ගත් කල මෙහි සඳහන් කළ වර්තමාන Generation Z පරපුරේ ස්ත්‍රී සහ පුරුෂයන් යන දෙපාර්ශ්වය විද්‍යාත්මකව සහ සමාජයීය ගති පැවැතුම් අනුව ගත් කළ පිරිමියකු සිය මුල්‍යමය ස්ථාවරත්වය සනිටුහන් කර ගත් පසුව ඔහු ස්ත්‍රියක් සමඟ එකට එක්ව පවුල් ජීවිතයක් පිළිබඳ සැලසුම් කල ද මේ පරපුරේ ස්ත්‍රියක් සිය මූල්‍යමය නිදහස නිර්මාණය කරගත් පසුව පරපුරේ ස්ත්‍රියක් සිය මූල්‍යමය නිදහස නිර්මාණය කරගත් පසුව ස්වාධීන වීම සහ තවත් පිරිමියකු සමඟ ජීවිතයේ එකට එකතු වී ගත කිරීමට මැළිකමක් දක්වන බව ද තවදුරටත් වෙනත් සමාජ වාර්තාවල හෙළිදරව් වී ඇත. බැලූ බැල්මට මෙය හුදෙක් තරුණ තරුණියන්ගේ ආදරය හා සබැඳි ගැටලුවක් ලෙස පෙනුණද මෙහි යටි පෙළ පිළිබඳ බැලීමේදී එය ඊට සාපේක්ෂව භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව පෙනී යයි. එනම් මෙලෙස ආදරය ප්‍රතික්ෂේප කිරීම හරහා මිනිස් පැවැත්මට ද එය බලපෑමක් විය හැකිය. මක්නිසාද යත් මොවුන් සිය ලිංගික අවශ්‍යතාව සපුරා ගත්ත ද තම වර්ගයා බිහිකිරීම වැනි කරුණු මඟහරින්නට වැඩි ඉඩක් පවතී. ඒ නිසා මෙය මානව සංහතියට නියමාකාරව මතු යම් දිනයක බලපෑම් කරන කාරණාවකි.

ඔබත් Gen Zවරයකු නම් මේ ලිපිය කියවීමෙන් පසුව ඔබ තුළත් බොහෝ විට පැවතිය හැකි එවැනි ආකල්ප Generation Z හිම බහුතර මතයම වන බව දැනගන්නට ඇති.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?