කාමරංගා යනු අපේ රටේ උද්‍යානයක හෝ ගෙවතු කුඩා ගස්වල දක්නට ලැබෙන රසවත් පලතුරකි. එය නිරූපක හැඩයෙන් නවමු අමුත්තන්ටත් ආකර්ෂණීය වන අතර, විටමින් අඩංගු කාමරංගා යනු අපේ රටේ උද්‍යානයක හෝ ගෙවතු කුඩා ගස්වල දක්නට ලැබෙන රසවත් පලතුරකි.
කාමරංගා පලතුර පමණක් අනුභව කිරීමෙන් පමණක් නොව, එය විවිධ ආහාර වර්ග සෑදීමටත් භාවිත කළ හැකියි.
කාමරංගා Star Fruit යනු එහි සුන්දර තාරකා හැඩය සහ ප්‍රබෝධමත් රසය නිසා බොහෝ දෙනාගේ සිත් දිනාගත් පලතුරකි.
පැණි සහ ඇඹුල් යන ප්‍රභේද දෙකකින්ම දක්නට ලැබෙන මෙම පලතුර, විටමින් ප්‍රතිඔක්සිකාරක සහ කැල්සියම් වැනි පෝෂක රැසකින් පොහොසත්ය. ආහාර රුචිය වඩවන, ශරීරයට සිසිලස ගෙන දෙන කාමරංගා යොදා සකස් කළ හැකි රසවත් ආහාර කිහිපයක් මෙන්න.
කාමරංගා වෑංජනය

කාමරංගා වෑංජනය යනු දේශීය ආහාර වේලට එක් කළ හැකි සුවිශේෂී ව්‍යාංජනයකි. ඇඹුල් කාමරංගා මෙයට වඩාත් සුදුසුය.
සකස් කරන ආකාරය:
අමුද්‍රව්‍ය – අමු කාමරංගා, පොල් කිරි, ලුණු, අමු මිරිස්, සුදු ලූනු, ඉඟුරු, තුනපහ, කහ කුඩු, ලුණු, උළුහාල්, කරපිංචා සහ රම්පේ.
කාමරංගා ගෙඩි සෝදා, දාර ඉවත් කර, කුඩා කැබලිවලට කපා ගන්න. මැටි හෝ සාමාන්‍ය බඳුනකට කපාගත් කාමරංගා, පොල් කිරි සහ අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය එක්කර හොඳින් මිශ්‍ර කරන්න. වතුර සිඳී හොඳින් තැම්බි, තෙම්පරාදු ස්වභාවයක් ගන්නා තෙක් මඳ ගින්නේ පිස ගන්න.
කාමරංගා ජෑම්

කාමරංගාවල ඇති පෙක්ටීන් නිසා ජෑම් සෑදීමට ඉතා සුදුසුය.
අමුද්‍රව්‍ය ඉදුණු කාමරංගා මද, සීනි, දෙහි යුෂ කාමරංගා මදය සහ සීනි මිශ්‍ර කර ළිප මත තබා, හොඳින් උකු වී ජෑම් පදම එනතෙක් පිස ගන්න.
කාමරංගා සලාදය

අපට අලුත් රසයක් ලබා දෙන සලාදයක් ලෙස කාමරංගා කැබලි, ගෝවා, තක්කාලි, පිපිඤ්ඤා, හා කැරට් එකට එකතු කර විනාකිරි සහ මිරිස් කුඩු සමඟ මිශ්‍ර කළ හැකිය. මේ සලාදය විටමින් සහිත සෞඛ්‍ය සපයන ආහාරයකි.
කාමරංගා බීම

කාමරංගාවලින් සකස් කරන පාන වර්ග ඉතා ප්‍රබෝධමත්ය. මෙය ශරීර දාහය දුරු කිරීමටද උපකාරි වේ.
අමුද්‍රව්‍ය-
ඉදුණු කාමරංගා, සීනි (හෝ මී පැණි) රස අනුව, වතුර ස්වල්පයක්, ලුණු, (අවශ්‍ය නම්) කස කසා ඇට හෝ ඉඟුරු කැබැල්ලක්
සකස් කරන ආකාරය:
කාමරංගා ගෙඩි හොඳින් සෝදා කුඩා කැබලිවලට කපා ගන්න. කපාගත් කැබලි බ්ලෙන්ඩරයකට දමා, සීනි, ලුණු සහ ජලය එක්කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. යුෂ පෙරා සිසිල් කර හෝ අයිස් කැට සමඟ පානය කරන්න.
කාමරංගා චට්නි

ඇඹුල් සහ පැණි රස මිශ්‍ර වූ රසයකින් යුත් කාමරංගා චට්නි, බත් හෝ පාන් සමඟ කැමට ඉතා සුදුසු අතුරු කෑමකි.
අමුද්‍රව්‍ය – තරමක් ඉදුණු කාමරංගා, සීනි, ඉඟුරු, කුරුඳු පොතු, එනසාල්, කරාඹු නැටි, මිරිස් කුඩු, ලුණු.
සකස් කරන ආකාරය:
කාමරංගා කුඩා කැබලිවලට කපා ගන්න. සීනි සමඟ ජලය දමා ළිප තබා උණු කරගත් පසු, එයට කපාගත් කාමරංගා සහ අනෙකුත් සියලුම කුළුබඩු වර්ග එක්කර හොඳින් පිස ගන්න. වතුර හිඳී, චට්නි උකු වූ පසු ළිපෙන් බා ගන්න.
සෞඛ්‍ය අවදානම් පිළිබඳ විශේෂ අවධානයක්!
කාමරංගා ගුණදායක වුවද, එහි “ඔක්සලික් අම්ලය “Oxalic acid” අධික බැවින් වකුගඩු රෝග හෝ වකුගඩු ආබාධ ඇති පුද්ගලයින් විසින් කාමරංගා ආහාරයට ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටිය යුතුය. සාමාන්‍ය නීරෝගි පුද්ගලයින් වුවද මෙය අධික ලෙස ආහාරයට ගැනීම සුදුසු නොවන බව වෛද්‍ය මතයයි.
