Monday, November 17, 2025
Epaper
Home Uncategorizedඋසස් ප්‍රජනන තාක්ෂණික ප්‍රතිකාර සේවාවන් වැල්ලවත්තේ දී

උසස් ප්‍රජනන තාක්ෂණික ප්‍රතිකාර සේවාවන් වැල්ලවත්තේ දී

by Thanushika

තොරතුරු සඳහා: 0777215588

රෝයල් ප්‍රශාන්ත් උපජනන මධ්‍යස්ථානය,

රෝයල් රෝහල, වැල්ලවත්ත.

ජාත්‍යන්තර ප්‍රවීණ IVF විශේෂඥ වෛද්‍ය ගීතා හරිප්‍රියා වෛද්‍යතූමියගේ මඟපෙන්වීමෙන්, දශක දෙකකට වැඩි කාලයක් පුරා ප්‍රශාන්ත් උපජනන පර්යේෂණ මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකික යුවළට දරුවන් දායාද කරදීමේ සිහින සැබෑ කරමින් සිටියි.

දැන්, ඉන්දියානු මායිම් අබිබවා, පළමුවරට එම මධ්‍යස්ථානයේ නව ශාඛාවක් වැල්ලවත්තේ ඔක්තෝබර් a31වන දින විවෘත විය.

ප්‍රශාන්ත් රෝහල, වැල්ලවත්තේ, රෝයල් රෝහල සමඟ අත්වැල් බැඳගනිමින්, නුදුරේදී ම “රෝයල් ප්‍රශාන්ත් උපජනන මධ්‍යස්ථානය” ලෙස වර්ධනය වී, උපජනන ගැටලු සඳහා විදේශගත වීමකින් තොරව ඉතා උසස් තාක්ෂණික උපජනන සේවාවන් දැන් මෙරට දී ද, සාධාරණ මිලකට ලබා ගැනීමට අවස්ථාව උදාකර දී තිබේ. ඒ විශේෂඥ ගීතා හරිප්‍රියා වෛද්‍යතුමියගේ අදහස් මල්ඵල ගැන්වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

“අද විද්‍යාත්මක හා තාක්ෂණික ක්ෂේත්‍රයේ ඇතිවූ විශාල පරිණාමය සමඟ, වෛද්‍ය ක්ෂේත්‍රය ද අති නවීන තත්ත්වයෙන් වර්ධනයත්, එමෙන්ම උපකාරක ප්‍රජනන තාක්ෂණය (Assisted Reproduction)ද ලෝකය පුරා විශාල දියුණුවක් ලබා තිබීමත් නිසා දැන් දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අම්මලාට එය සුබ ආරංචියක්.”

රෝයල් ප්‍රශාන්ත් උපජනන මධ්‍යස්ථානයේ ප්‍රධානී සහ ලෝක ප්‍රසිද්ධ උපජනන විශේෂඥ වෛද්‍යතුමිය ගීතා හරිප්‍රියා සඳහන් කළාය.

ඇය තවදුරටත් පැවසුවේ,

“අලුත් සංඛ්‍යාලේඛන අනුව, උපජනන ගැටලු ඇති යුගලයන්ගෙන්, කාන්තාවන්ගේ සාධක 30%ක් ද පුරුෂ සාධක 40%ක් මෙන්ම දෙපැත්තේම සාධකයන් ද හේතුවන බව තහවුරු වී ඇති බැවින්, දෙපැත්තේම සාධකයන් විශ්ලේෂණය අත්‍යවශ්‍ය වන බවය.

නවතම තාක්ෂණික උපජනන ප්‍රතිකාර

රෝගීන්ට ඉහළ තාක්ෂණික ප්‍රතිකාර (High-Tech) යොදාගැනීමට බලාපොරොත්තු වෙමු. IMSI, Embryoscope, Embryo Glue, Microscopic Testicular Mapping වැනි අති නවීන තාක්ෂණ ක්‍රමයන්ගෙන් මෙම ආයතනය යුක්තවේ .”

IMSI (Intracytoplasmic Morphologically Selected Sperm Injection)* – පිළිබඳව ඇය තවදුරටත් ප්‍රකාශ කරමින් පවසා සිටියේ. ශුක්‍රාණු ප්‍රමාණ අඩු, ශුන්‍ය ශුක්‍රාණු, අසාමාන්‍ය මෙන්ම, මීට පෙර IVF අසාර්ථක වූ යුගලයන් සඳහා ප්‍රයෝජනවත් ක්‍රමයක් බවය. එමෙන්ම Embryoscope යනු කලලයන්ගේ විකාශනය නිරන්තරව නිරීක්ෂණය කරන විශේෂ උපාංගයක් ලෙසය. එමඟින් උසස් ගුණාත්මක කලල තෝරා ගත හැකි බව තවදුරටත් වෛද්‍යතුමිය ප්‍රකාශ කළාය.

Embryo Glue මඟින් කලලය මවගේ ගර්භාශ බිත්තියට අලවා ගැනීම පහසු කරමින්, ගැබ් ගැන්වීමේ අනුපාතය වැඩි කිරීමට මේ ක්‍රමය හරහා සමත්වේ.

Microscopic Testicular Mapping – ශුන්‍ය ශුක්‍රාණු (Azoospermia) ඇති පුරුෂයන්ට විශේෂ වාසියක් වන නවීන තාක්ෂණික ක්‍රමයකි. ශුක්‍රාණු පටක පරීක්ෂණ මඟින් ශුක්‍රාණු නිපදවන ස්ථාන සොයා ගනී.

ශ්‍රී ලාංකික ජනතාවට ආදරණීය සේවාවක් ලබාදෙන විශේෂඥ වෛද්‍ය, ගීතා හරිප්‍රියා වැඩිදුරටත් මෙසේ පැවසුවාය:

“ශ්‍රී ලාංකික ජනතාව සමඟ මාගේ බැඳීම අති විශේෂයි. කලකට පෙර ඔවුන්ට මා හා සම්බන්ධ වීමට අපහසු විය. ඔවුන්ගේ පහසුව සඳහා ප්‍රථමයෙන් වැල්ලවත්තේදී තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ කළෙමි. දැන් ඔවුන්ට තවත් පහසුකම් වැඩි කරමින්, ඉන්දියාවෙන් පිටත පළමු IVF මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට අප සූදානම්ව සිටිමු.

“සෑම ගැටලුවකටම නිසි මඟකින් උත්සාහ කළහොත් විසඳුමක් ළගාකර ගත හැකිය. ඔබේ දරුවකු ලබා ගැනීමේ සිහින බොඳ වීමට නොදී නිසි මඟපෙන්වීමක් සමඟ උත්සාහ කිරීමෙන් ඔබටත් ඔබගේම දරුවකු සුරතල් කිරීමේ සිහිනය සපල්‍යතාවට පත්වීම යථාර්යක් වනු ඇත.”

ඔක්තෝබර් මස 31 වන දින රෝයල් ප්‍රශාන්ත් උපජනන මධ්‍යස්ථානය විවෘත වූ අතර, එදින සහ නොවැම්බර් 1 දින නොමිලේ උපදේශන වැඩසටහනක් ද පැවැත්විණ.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?