Monday, November 10, 2025
Epaper
Home විශේෂාංගධන ආකර්ෂණයට මුළුතැන්ගෙයින් Tips

ධන ආකර්ෂණයට මුළුතැන්ගෙයින් Tips

by Shanaka Lakehouse

මානසික සුවය වගේම නි‍ෙවසට නව ආලෝකයක් ලැබීමට මුළුතැන්ගෙයි ඇති මේ දේ්වලින් ධන ආකර්ෂණය ලබා ගැනීමට ගෘහිණියක් හැටියට ඔබත් අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න.

පවුලේ ආර්ථිකය ශක්තිමත් වෙන්නෙ අපි හම්බ කළොත්. දරු මල්ලන්ගේ බඩ කට පුරවන්න නම් අප මහන්සි වී වැඩ කළ යුතුමයි. ලස්සන ගෙයක් දොරක් හදාගෙන හුරුබුහුටි වාහනයකුත් ගන්න ලැබෙනවා නම් ඒ තමයි පවුලේ හීනය. මේ හීන සැබෑ කරගන්න නම් අනිවාර්යයෙන්ම අප උපයන මුදල් සකසුරුවමින් පරිහරණය කළ යුතුමයි. නමුත් අද හැමෝගෙම මැසිවිල්ලක්, හම්බ කරන සල්ලි අතේ රැඳෙන්නේ නැති බව. ඒ නිසා අපි හිතුවා… පවුලේ වාසනාව නිති රඳවා ගැනීම සඳහා ධන ආකර්ෂණය ලබා දෙන පුංචි පුංචි රහස් ටිකක් ඔබට කියාදෙන්න. ලොකු වියදමක් නැතිව ඔබේ මුළුතැන්ගෙයි ඇති දේවලින්ම කරගත හැකි නිසා සාක්කුවට බරකුත් නැහැ.

අවශ්‍ය ද්‍රව්‍ය :
පිරිසුදු වීදුරු කෝප්පයක් හෝ ජෑම් බෝතලයක්
කාසි කිහිපයක් (3,4)
ලුණු කුඩු
කුරුඳු පොතු කිහිපයක්
කරාබුනැටි කිහිපයක්
කුරුඳු තෙල් / පොල්තෙල්
ගිනිකූරක්

කෝප්පයේ හරි අඩක් පමණ වන ලෙසට ලුණු දමා ගන්න. ලුණු දැමූ කෝප්පයේ වටේට කාසි තුන ගසා ගන්න. ඒ ආකාරයටම කුරුඳු පොතු කිහිපය සහ කරාබු නැටි කිහිපය ද කෝප්පයේ වටේට ගසා ගන්න. කෝප්පයේ මැද ගිනිකුර ගසා එයට කුරුඳු තෙල් හෝ පොල්තෙල් දමා පහන පත්තු කරන්න. ලුණු පහන පත්තු කර යහපත් ප්‍රාර්ථනා පමණක් කිරීමෙන් ඔබේ නි‍ෙවසට ධන ආකර්ෂණය ලබා ගැනීමට හැකි වේ. මෙය අඛණ්ඩව සිදු කරන විට නොසිතූ ලෙස ඔබේ පසුම්බියට මුදල් ලැබේවි.

අවශ්‍ය ද්‍රව්‍ය :
වතුර ටිකක්
කුරුඳු පොතු කිහිපයක්
මුදල් නෝට්ටුවක්

මුදල් නෝට්ටුවේ වතුර ටිකක් ආලේප කරගෙන එයට කුරුඳු කුඩු ටිකක් ඉසීම සිදු කරන්න. කුරුඳු කුඩු ටික හොඳින් නෝට්ටුවේ තවරාගෙන තමන්ගෙ පැත්තට මුදල් නෝට්ටුව තුන් වතාවක් නවාගන්න. පසුව නවාගත් මුදල් නෝට්ටුව තමන්ගේ මුදල් පසුම්බියේ තබාගන්න. මුදල් පසුම්බියේ නිතර මුදල් රැඳීමක් මින් අදහස් කෙරේ.

අවශ්‍ය ද්‍රව්‍ය :
කුරුඳු කූරක්
රතු නූලක්
මුදල් නෝට්ටුවක්

මුලින්ම කුරුඳු කූර නෝට්ටුව මැදට වෙන්න තියා එය ඔතාගන්න. පසුව රතු නූලින් මුදල් නෝට්ටුවේ මැද ගැටගසා ගැට 04ක් දාගන්න. එය තමන්ගේ මුදල් පසුම්බියේ තබාගන්න. ඊට ඉහළින් කුරුඳු කුඩු ටිකක් ඉසින්න. මෙය නිවෙසට ධනය ගලා එන්නට බොහෝ දෙනා කරන තවත් සරල ක්‍රමයක්.

අවශ්‍ය ද්‍රව්‍ය :
පිරිසුදු වීදුරු බෝතලයක්
ලුණු කැට

මේ සඳහා පිරිසුදු වීදුරු බෝතලයක් අවශ්‍ය වෙනවා.(එම බෝතලය පිරිසුදු කිරීමේදී ඉඳුල් මිශ්‍ර වූ සබන් භාවිත කිරීමෙන් වළකින්න. එමෙන්ම එම වීදුරු බෝතලය පිරිසුදු කිරීමට පෙර පිලී ද්‍රව්‍ය ගබඩා කිරීමට යොදාගත් බෝතලයක් නොවිය යුතුයි. ) මෙය බ්‍රහස්පතින්දා දිනයන්හි දී සිදු කළ යුතුය. ඔබ කාන්තාවක් නම් ඔබගේ ඔසප් සමය තුළදී මෙය සිදු නොකළ යුතු අතර , ඔබ පිරිමි පුද්ගලයකු නම් මෙය සිදු කරන අවස්ථාව ඔබ දුම්වැටි සහ මත්ද්‍රව්‍යවලින් තොර වූ අවස්ථාවක් විය යුතුයි.

උදෑසනින් නා පිරිසුදු වී ලුණු කැට දැමූ පීරිසිය සහ වීදුරු බෝතලය මේසයක් මත තබා ලුණු කැට පීරිසිය අතින් අල්ලා මෙම මන්ත්‍රය 07 වතාවක් පැවසිය යුතුයි.

“ඕම් ශ්‍රීම් ධන ලක්ෂ්මි නමෝ නමහා “

එම මන්ත්‍රය 07 වතාවක් පවසමින් ලුණු කැට තම පිරිසුදු අතින් වීදුරු බෝතලයට දැමීම සිදු කළ යුතුය. ලුණු කැට දමන අතරතුර මෙමඟින් තමන්ට දියුණුවෙන් දියුණුව ළඟා වීමට හැකිවේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරන්න.

ඉන්පසු මෙම බෝතලය තමන්ගේ ඇඳේ තමන් නිදාගත් පසු හිස තබාගන්නා ස්ථානයට යටින් මෙම බෝතලය තැබිය යුතුයි. ඉන්පසු දින 14ක් ඇතුළත ඔබගේ සෑම ආර්ථික අපහසුතාවකින්ම මිදීමට ඔබට හැකි වේ.

මෙම ක්‍රම නිතර නිතර විශ්වාසයෙන් සිදු කිරීමෙන් ඔබගේ ආර්ථික අපහසුතාවන් දුරු කර ගැනීමටත්, ධන ආකර්ෂණය ලබා ගැනීමටත්, ඔබගේ මානසික සැපය සුවය ළඟා කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.

TEXT :
ධනුරි බාලසූරිය
පේක්ෂා ජයකොඩි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?