ලෝකයේ උතුම්ම ලාභය නීරෝගිකම යන කියමනට අප කවුරුත් කැමතියි. ආයුෂ වැඩිකර ගැනීමට කෙනෙකුට වරමක් ලබා දුන්හොත් වසර සියයක්, දෙසීයක් තරම් ඈතකට ජීවත් වෙන්නට අප කවුරුත් කැමතිය.
ලංකාව වැනි ඝර්ම කලාපීය රටක වෙසෙන මිනිසුන්ට ඈත අතීතයේ සිට ඉහළ ආයු කාලයක් තිබුණි. ඒ ආදී මුතුන්මිත්තන්ට තිබූ ආයු අපේක්ෂාවෙන් කාලයත් සමඟ වියැකී ගොස් අද වන විට ජීවත්වන උපරිම ආයු කාලය වසර 60කට මිස ඊට වැඩි නොවේ. මෙවන් වටපිටාවක සෑම පුද්ගලයකුම ආයුෂ වැඩි කර ගැනීමට බොහෝ උපායන් යෙදුවත් අප ගන්නා ආහාර රටාවට ජීවන රටාවට අනුව එය එසේ සිදු කිරීමට හෝ සිතීමට පවා නොහැකි තත්ත්වයක් පවතී.
දකුණු ආසියාතික රටක් වන අප රටේ ආයු අපේක්ෂාව ද ආසන්න අවුරුදු පනහකට හැටකට සීමා වුවත් ජපානය එවැනි රටවල මිනිසුන්ට වසර සියයක් ජීවත් වූවා යැයි කීවාට පුදුමයක් නොවේ. එනම් නවතම දත්ත වාර්තාවලට අනුව ජපානයේ වෙසෙන
අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස 100,000කට ආසන්න මට්ටමක් දක්වා වැඩි වී ඇති බවයි. මේ වාර්තාවට අනුව ජපානය මේ වන විට වයස අවුරුදු 100 සම්පූර්ණ වූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 99,763 ක් වී ඇත. වැදගත්ම කාරණාව වන්නේ මේ අගයෙන් 88% ක් ම කාන්තාවන් වීමය. ජපන් කාන්තාවන් මෙතරම් ප්‍රමාණයක් වයස අවුරුදු 100 ජීවත් වීමේ රහස කුමක්ද? විශේෂයෙන් ලෝකයේ රටවල් බොහොමයක් අතරින් ජපානය ලෝකයේ දීර්ඝතම ආයු අපේක්ෂාව ඇති රටකි. මෙම තත්ත්වයට මූලිකම හේතුව වී ඇත්තේ ජපන් වැසියන් බොහොමයක් සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් භුක්ති විඳින නමුත් අනුපාතය අඩු මට්ටමක පැවතීමය. දැනට ජපානයේ වයස්ගතම පුද්ගලයා වන්නේ යමටෝ කොරියාමා හි උපනගරයක් වන නාරා නගරයෙහි වෙසෙන 114 හැවිරිදි කාන්තාවක් වන ගිගේ කෝ කගා ය. එමෙන්ම දැනට වයස්ගත පිරි පුද්ගලයා වන වයස අවුරුදු 111 ක් වන කියොටකා විසූ හෝ වෙරළාශ්‍රිත නගරයක් වන ජපානයේ ඉවාටා ප්‍රදේශයේ ජීවත් වේ.
ජපාන රජය 1963 දී වයස අවුරුදු 100 සම්පූර්ණ වුවන් පිළිබඳ සමීක්ෂණය සිදු කරන විට වයස අවුරුදු 100 හෝ ඊට වැඩි පුද්ගලයන් 153 දෙනෙක් එරට සිටියහ. එම අගය 1981 දී 1000 ක් දක්වාත් 1998 වන විට 10,000 දක්වාත් ඉහළ ගොස් තිබිණි. විශේෂයෙන් ජපානය වැනි රටක මේ ආකාරයෙන් ආයු අපේක්ෂාව ඉහළ යාමට නිශ්චිත හේතු කිහිපයක් තිබේ. ඉන් ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ හෘද රෝගවලින් හා පියයුරු, පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත පිළිකාවලින් සිදුවන මරණ සංඛ්‍යාව අඩු වීමයි. රතු පැහැති මස් වර්ග අඩුවෙන් මෙන්ම මාළු හා එළවළුවලින් වැඩි ආහාර වේලක් ඔවුන්ගේ දෛනික ආහාර රටාවේ තිබීම මෙකී මරණ අනුපාතිකය පහළ යාමට හේතු සාධක සපයයි. එමෙන්ම ජපානයේ කාන්තාවන් අතර තරබාරුකමේ අනුපාතය විශේෂයෙන් අඩු මට්ටමක පවතින අතර ඔවුන්ගේ සහකරුවන්ට සාපේක්ෂව ජපාන කාන්තාවන්ට වැඩි ආයුෂ ප්‍රමාණයක් හිමි වන්නේ මේ හේතු නිසාවෙනි.
තවද ලෝකයේ සෙසු රටවල් ගණනාවක ම ආහාර සඳහා අඩංගු වන සීනි හා ලුණු ප්‍රමාණය වැඩි කරන විට ජපානය වැනි රටක් තුළ සිදු කරන්නේ ඊට විරුද්ධ දිශාවට ගමන් කිරීමයි. එනම් සෙසු රටවලට සාපේක්ෂව දුරු හා සීනි පරිභෝජනය ඉතා
අඩු රටවලින් එකක් ලෙස ජපානය පෙරමුණේ සිටියි. මෙකී ආයුෂ වැඩිවීම ආහාර වේලෙන් පමණක් සිදු නොවේ. එයට තවත් එක හේතුවක් ලෙස ජපානයේ ජීවත්වන බොහෝ පුද්ගලයන් තම සැඳෑ කාලය තුළ ක්‍රියාශීලිව සිටීමට නිතරම ඇවිදීමත්, පොදු ප්‍රවාහනය භාවිත කිරීමත් සිදුකරන බව අනාවරණය වී ඇත. පොදුවේ ගතහොත් සෙසු රටවල වඩා ජපානයේ වැඩිහිටියන් ඉතා ක්‍රියාශීලිව දිවි ගෙවන බව පැහැදිලිව අනාවරණය වේ. ලංකාව අැතුළු බොහෝ දකුණු ආසියාතික රටවල් මෙන්ම සෙසු බටහිර රටවල ඉහළ මරණ අනුපාතිකයන් පවතින්නේ හුදෙක් රිය අනතුරු, ස්වාභාවික විපත් නිසාම පමණක් නොවේ.
එදිනෙදා යොදා ගන්නා ආහාර රටාවක් හේතුවන බව ජපානය විසින් පැහැදිලි කර ඇත. විශේෂයෙන් අප ගන්නා ආහාරවලින් අඩක්ම වස විසෙ පිරුණු ආහාර වන අතර ඒවායේ බලපෑම නිදන්ගත රෝගවලට අත වනන බව පැහැදිලිය. ජපානයේ පවතින ආහාර රටාවට අනුගත වීමට සෙසු රටවලට නොහැකි වූවද අවම වශයෙන් වස විසෙ තොර ආහාර රටාවකට හුරුවීමෙන් නීරෝගි දීර්ඝායුෂ හිමි දිවිපෙවෙතක් ගත කිරීමටත් රෝහලකට ගතවන කාලය අවම කරගැනීමටත් සෑම දෙනකුටම ඉඩකඩ සැලසේ.
TEXT – ගීත් හේවමානගේ
මූලාශ්‍ර – BBC News
