සෙරෙප්පු, සපත්තු, කොණ්ඩා කටු මේවා පුංචි දෝණි හැඩකරන අපූරු ආයිත්තම්. මේ වෛවර්ණ විලාසිතාවල පෙනුම සහ නිමාව තුළින් ඇගේ හැඩ අලුත් කරනවා. ඒ වගේම ලස්සනක් එකතු කරනවා. අද තරුණී නුගසෙවණ සුසංයෝගයෙන් ගෙනහැර දක්වන්නේ ආදරණීය දූ කුමරිය හැඩ කරන පාවහන් යුගලයක් සහ කොණ්ඩ කටු නිර්මාණය කරන ආකාරයයි. මේ නිර්මාණ පෙළ සෙනෙහෙබර අම්මා කෙෙනකුට දෝණිට දියහැකි ලස්සන තිළිණයක් වේවි.
සෙරෙප්පු යුගළ නිර්මාණය සඳහා අවශ්‍යය ද්‍රව්‍ය
🌼රබර් සෙරෙප්පු යුගලක්
🌼අඟල් 1/2 රිබන්
🌼ඩිසයින් කිරීම සඳහා ගැළපෙන අයිතමයන්
🌼හීට් ගන් එකක්
පාවහන් යුගල නිර්මාණය කිරීම
රබර් සෙරෙප්පු යුගලයේ අග කොටසේ විවරයෙන් රිබන් එක මතුකරගෙන ගැට ගසා ගන්න.
සෙරෙප්පුව අග කෙළවරට ග්ලු ගන් දමා සෙරෙප්පු පටිය තදින් ඇද ගන්න.
ඉන්පසුව රිබන් පටිය එළියට ගෙන එය රබර් සෙරෙප්පු පටියේ කෙළවර තෙක් නිවැරදිව ඔතා ගන්න.
සෙරෙප්පුවේ අග කොටසටත් ග්ලු ගන් දමා අලවාගෙන මඳක් වේළාගන්න.
ඔබ කැමති ආකාරයේ ඕනමන්ට් ආයිත්තමක් යොදා අලංකාර කර ගන්න.
කොණ්ඩ කටු
අවශ්‍යය ද්‍රව්‍ය
ලිනන් රෙදි කොටසක්
B6000 Glue හෝ බයින්ඩර් ගම්
බේබි රිබන්
පබළු
ටැපස්ටි ඉදිකටු
සාමාන්‍ය ඉදිකටුවක්
නූල්
එම්බ්‍රොයිඩර් ෆ්‍රේම්
ෆෙල්ට් ශීට්
නිර්මාණය කර ගන්නා ආකාරය
කොණ්ඩ කටු නිර්මාණය කිරීමේ දී වෙළෙඳපොළෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් කටු මිලදී ගන්න.
ලිනන් රෙදි කොටස එම්ෙබ්‍රායිඩර් රාමුවට දමා සකසා ගන්න. අනතුරුව කොණ්ඩ කටුව රෙදි කොටස උඩින් තබා පිටපත් කර ගන්න.
ඉන්පසු කොණ්ඩ කටුවේ හැඩයට ෆෙල්ට් ශීට් කොටස් කපා ගන්න. එක කොණ්ඩ කටුවකට දෙක බැගින් අලවා හැඩ කරගන්න.
TEXT
අචිනි ලක්මාලි
චන්ද්‍රසේකර
Pix By
ශාන් රඹුක්වැල්ල
