Monday, November 17, 2025
Epaper
Home ජ්‍යෙතිෂයනොවැ.17 සිට නොවැ.24 දක්වා

නොවැ.17 සිට නොවැ.24 දක්වා

by Shanaka Lakehouse

මේෂ

වියදම් තරමක අධික වේ. නමුත් උනන්දු වූ විට ලාභ ද හිමි වේ. අධ්‍යාපනික දියුණුවක් ඇත. වාහන හා ඉඩකඩම් සම්බන්ධ වාසියක් උදා වේ. දරුපල බලාපොරොත්තු අයට සාර්ථක ප්‍රතිඵල ඇති අතර දරුවන්ගේ කටයුතුවලින් සතුටක් හිමි වේ.

වෘෂභ

අනාගතය සම්බන්ධ දුර බලා ගන්නා තීරණ සාර්ථක වන සතියකි. තම හැකියාවන් ඉස්මතු වන අතර මූල්‍ය කටයුතුවලට පෙර තිබූ බාධා මඟහැරී යයි. ධෛර්යයෙන් වැඩ කරන සතියකි. විවාහ කටයුතුවලට හා ප්‍රේම සබඳතා ශක්තිමත් වේ.

මිථුන

තනතුරු බලාපොරොත්තු වන අයට යහපත් ලාභ හිමි වේ. පිටරට යාමට බලාපොරොත්තු වී ඒවා ලබන යෝග ඇත. අධ්‍යාපනයේ සුබ ලකුණු ඇති කරයි. තම නෑදෑ හිතවතියන්ගෙන් ප්‍රවේසම් වන්න. අලංකාරය පිළිබඳ තරමක් සිතයි. පවුලේ සුබ ආරංචියක් ලැබෙයි.

කටක

උසස් අධ්‍යාපනයේ ආරම්භයක් හා අලුත් අධ්‍යාපනික මාර්ග උදා වේ. සැමගේ සහාය ලබයි. රැකියාවේ උසස් තත්ත්වයක් හිමිකරන අතර තමා සතු දෙයක් ලබා ගැනීමට ඉතා දුෂ්කර විය හැකි සතියකි. තැන්පත් ධනයක් ලැබෙන සතියකි. තම පවුල නිසා සිත සතුටු කරන සතියකි.

සිංහ

සිත් කරදරයකින් සතිය ආරම්භ වේ. පිටරට සිටින අයගෙන් ලාභ හිමි වේ. පුණ්‍ය කටයුතුවලින් සිත් සතුටු කරගනී. අන් අය හා ගැටෙන අතර තමාට ජය ලබන යෝග ඇත. මවුපියන්ගේ මැදිහත් වීමෙන් යෝජිත මංගල්‍යයන් ළඟා වේ. සොර සතුරු කරදර මතු වේ. රැකියාවේ දියුණුව මතු වේ.

කන්‍යා

කාගේ හෝ අසුබ දෙයක් විපතක් අසන්නට ලැබේ. ආදර සබඳතා ශක්තිමත් වන සතියකි. පුණ්‍ය කටයුතුවලට සහභාගීවීමට ලැබේ. අලුත් ව්‍යාපාර හා කටයුතු අාරම්භයට සුබ සතියකි. මිතුරකු හා සම්බන්ධ වී කරන කටයුතු සාර්ථක වේ. බොහෝ අයගේ උපකාර ලැබී ප්‍රශ්න විසඳේ.

තුලා

මවුපියන්ට කරදර ප්‍රශ්න මතු කරන අතර සතුරු කරදර මඟහැරී ජය ලැබේ. සොර සතුරු කරදර හා තමා සතු දේ නැතිවන සතියකි. නීති ප්‍රශ්නයකින් නිදහස් වී නව රැකියා ලාභ උදා වේ. අන් අයගෙන් සහයෝගය ලබන සතියකි. ශරීර සෞඛ්‍ය පිළිබඳ වැඩිපුර සිතයි.

වෘශ්චික

විනෝදකාමී ගමන් බිමන් යෙදේ. තම සේවක ප්‍රශ්න මතු වී මනස අවුල් වේ. අන් අයගෙන් කෙනෙහිලිකම් ලබන සතියකි. ආගමික කටයුතුවලට ද නැඹුරු වේ. ව්‍යාපාරවලදී වැඩි මහන්සියකින් ලොකු ලාභ ලබයි. මංගල යෝග උදා වේ.

ධනු

තරමක් කාර්යබහුල වන අතර කලා ක්ෂේත්‍රයේ අයට වැඩි ලාභ හිමි වේ. කැඩී ගිය යාන වාහන නැවත සාදන සතියකි. ස්ත්‍රී අයට තරමක කරදර මතු වේ. සිත් තැවුල් වේ. සමාජයේ යම් ප්‍රසිද්ධියක් ලබයි. විදෙස් ලාභ හිමි වේ. උසස් අය හා කරන ගනුදෙනු සාර්ථක වේ. මිත්‍රයන්ගෙන් උපකාර ලබයි.

මකර

තම ධෛර්යයෙන් උත්සාහයෙන් වැඩ කරන සතියකි. බොහෝ විනෝදකාමී කටයුතු සැලසෙන අතර ප්‍රථමාධාර ලබා ගන්නා තරමටම ලෙඩ ගති ඉස්මතු වේ. නෑදෑයන් තමා දැක බලන්න එන සතියකි. ශල්‍යකර්ම හා සෞඛ්‍ය ගැටලු ඇති වේ.

කුම්භ

නොසිතූ ධන ලාභ හිමි වේ. අධ්‍යාපන කටයුත්තක වෙනසක් හා යහපත උදා වේ. ස්ථාවර දේපළ දියුණු කර ගනී. දුර ගමන් බිමන්, වන්දනා ගමන් බිමන් ඇති කරයි. සිත් කරදර මතු වේ. තම හිතවත් අයගෙන් දුකක් ඇති කරන කටයුත්තක් ලබන යෝග ඇත. සතුරු කරදර ද ඉස්මතු වන සතියකි.

මීන

ශරීරය පිළිබඳ හා අලංකාරය පිළිබඳ වැඩිපුර සිතයි. ඉගෙනීමේ කටයුත්තකින් සුබ ආරංචියක් ලබයි. තම දේපළ විකිණීමකට යෝග ඇත. දරුවන් නිසා විශාල වියදම් ඇත. සතුරු ලෙස පැවති චෝදනාවලින් මිදී ජයග්‍රහණ ලබයි.

TEXT
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?