Monday, November 17, 2025
Epaper
Home පුවත්“සිසුවර 2025” 15 දා ගාල්ලේ දී…

“සිසුවර 2025” 15 දා ගාල්ලේ දී…

by Shanaka Lakehouse

කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයනංශයේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා උසස් ඩිප්ලෝමා පාඨමාලාව (හයවැනි කණ්ඩායම) මඟින් සන්නිවේදන හා මහජන සම්බන්ධතා සැලසුම් කරන ව්‍යාපෘති විෂය ඒකකයට සමගාමීව “සිසුවර – 2025” නමින් පාසල් ව්‍යාපෘතියක් මේ මස 15 වැනි සෙනසුරාදා දින ගාල්ල, යක්කලමුල්ල තලංගහ වත්ත සරස්වතී දෙමළ මහා විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය. මෙහිදී පාසල් සිසුන්ගේ මානසික සෞඛ්‍යය හා ඩිජිටල් සාක්ෂරතාව ප්‍රවර්ධනය උදෙසා වැඩමුළුවක් පාසල් සිසුන්, ගුරුවරුන් හා මවුපියන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙම වැඩමුළුවට සමගාමීව පාසලේ ප්‍රධාන ශාලාව අලුත්වැඩියා කිරීම, පාසල් පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම, මෙන්ම පාසලට අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ, පාසල් උපකරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය හා ප්‍රථමාධාර කට්ටලයක් ද පරිත්‍යාග කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?