දැයේ වැඩදායී කාන්තාවන් අගයමින් ” MUGP ” ජාත්‍යන්තර සංවිධානය 2වැනි වරටත් පැවැත්වූ “Women Legends Awards 2025″ සුවිශේෂී සම්මාන උලෙළ ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ ” මොනාච් ඉම්පීරියල් ” හෝටල් පරිශ්‍රයේදී පසුගිය දිනෙක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
එහිදී තරුණි පුවත්පත හා ළබැඳි අත්කම් නිර්මාණ ශිල්පිනියක වන චූලනී ජයසිංහ හා ඇගේ දියණිය වන හසිනි දිසාරාත්, කේක් නිර්මාණ ශිල්පිනියක වන ත්‍යාගි ගමගේත්, රූපලාවණ්‍ය ශිල්පිනියක වන රන්දිමා දසාත් ඇගයුමට ලක්විණි.
ප්‍රවීණ අත්කම් නිර්මාණ උපදේශිකා ආචාර්ය චූලනී ජයසිංහ
අත්කම් නිර්මාණ කලාව තුළ වසර 23ක කාලයක් නියැළෙමින්, ඇය” Legendary Woman In Social Services Entrepreneur Ship” සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මෝස්තර නිර්මාණ ශිල්පිනී හසිනි දිසාරා එහිදී එකම වේදිකාවේදී ඇය සහ ඇගේ දියණිය වන හසිනි දිසාරා සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයකි. මෝස්තර නිර්මාණකරණය පිළිබඳ ළාබාලතම කථිකාචාර්යවරියක වන ඇය අධ්‍යාපනයේදී දැක්වූ විශේෂ දක්ෂතා වෙනුවෙන් ඇගයීමක් ලෙස “Excellence In Fashion Education and Mentorship” සම්මානයෙන් පිදුම් ලැබුවාය. එකම ඇඳුමකින් තවත් ඇඳුමක් නිර්මාණය වන සංකල්පය ( Fully transforming dresses ) ප්‍රථම වරට ලංකාවට හඳුන්වා දුන්නේ ඇයයි.
ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී ත්‍යාගි ගමගේ
කේක් නිර්මාණ ක්ෂේත්‍රයේ ඉහළටම ඒමට හැකි වුණු ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනියකි.
බේකරි නිෂ්පාදන සහ කේටරින් සේවාව තම මවුපියන්ගේ ව්‍යාපාරය වූ හෙයින් නිෙවසේදීම Home made කේක් ලෙස මවගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. මවගේ අඩි පාරේ ගිය ඇය ඇමරිකානු විල්ටන් කේක් පාසලේ කුඩා කේක් පාඨමාලාවක් ද හැදෑරුවාය.
කේක් නිර්මාණ ප්‍රදර්ශන කිහිපයක්ම පවත්වා ඇති ඇය, කාන්තා පුවත්පත් සඳහා කේක් සෑදීම පිළිබඳ දැනුම ලබා දෙන්නියක සහ විවිධ රූපවාහිනී වැඩසටහන් සඳහා කේක් ඉදිරිපත් කිරීම් වලට ද සහභාගී වී ඇත.
කේක් නිර්මාණ තරග සඳහා සහභාගී වෙමින් රන් පදක්කම්, රිදී පදක්කම් ආදිය ලබා ඇති ඇය, Asia cake oscars නමින් ජාත්‍යන්තර සම්මානයක් ද හිමිකරගෙන තිබේ. ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි රන්දිමා දසා
වසර 26ක පළපුරුද්දකින් යුතුව රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන ඇය රන්දිමා දසා ය.
බේරුවල සැලෝන් රන්දිමා නමින් රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන ඇය, මෙම ක්ෂේත්‍රයට පිවිසියේ ජාතික රූපවාහිනිය හරහා ප්‍රේමසිරි හේවාවසම් මහතා අත්කම් නිර්මාණ සඳහා ලබා දුන් ලබා දුන් ශිෂ්‍යත්ව වැඩසටහනකදී ඇය කළ නිර්මාණයක් සඳහා ප්‍රථම ස්ථානයට පත්වීමෙනි. එතුමන් ලබාදුන් ශිෂ්‍යත්වයකින් පසුව වැඩිදුර රූපලාවණ්‍ය අධ්‍යාපනය හදාරන්නට විය.
රමණී ප්‍රනාන්දු මහත්මිය විසින් පවත්වන ලද සන්සිල්ක් හැඩකාරී තරගයෙන් ජයග්‍රහණය ලබා එහිදී ද ශිෂ්‍යත්වයක් ලැබ රූපලාවණ්‍ය පිළිබඳව උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට ඇයට හැකිවිණි.
2012 තරුණි 4ever super Beauty star තරගයේ top 10 අතරට, 2012 මාස් ලංකා කාන්තාභිමානි ගෞරව සම්මානය, හොඳම රුපලාවණ්‍ය සත්කාරක රූපලාවණ්‍යගාරයට
හිමි පිනකල් සම්මානයත්, අහස මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන ලද Top 100 සම්මානය අඛණ්ඩව වසර 3කුත්, මනුෂ්‍යත්වයේ සමාජ සේවා සත්කාරක පදනම විසින් රූපලාවණ්‍ය පද්ම විභූෂණ කීර්ති ශ්‍රී දේශාමාන්‍ය දිරිය කාන්තා යන ගෞරව නාමයත් හිමි කර ගන්නට ඇයට අවස්ථාව ලැබිණි.

