ප්‍රවීණ මැහුම් උපදේශිකා නිශාන්ති රත්නායක මෙහෙයවනු ලබන නිශාන්ති රත්නායක Dress Marking Academy හි ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය පසුගිය දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණි.
එහිදී ප්‍රධාන ආරාධිතයන් ලෙස තරුණී ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ, ප්‍රවීණ මාධ්‍යවේදනී මංජුලා මල්කාන්ති, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්ය රාධවී නරසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා
චතුරංගනී තෙන්නකෝන්, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී දෙපොළක් වන සමන්ත ගුණසේකර සහ ජොනි ගුණසේකර යන අය සහභාගී වූහ.
මෙම ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවයේ දී නිශාන්ති රත්නායකයන්ගෙන් මැහුම් ශිල්පය හැදෑරූ කුරුණෑගල, මීගමුව, නුගේගොඩ, කිරිබත්ගොඩ, මහනුවර යන මධ්‍යස්ථානවල සිසු සිසුවියන් 1120ක් සමඟ ඩිප්ලෝමා සහතිකපත් ලබාගන්නා ලදී.
TEXT අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

