Monday, November 17, 2025
Epaper
Home විශේෂාංගවාසනා පිරි ගෘහයකට වාස්තු රහස්

වාසනා පිරි ගෘහයකට වාස්තු රහස්

by Shanaka Lakehouse

වාසනාවන්ත නි‍ෙවසක් කියන්නෙම සතුට, සැහැල්ලුව, නීරෝගි බව සෞභාග්‍ය ඉතිරුණු තැනක්. අපි වැඩිපුරම රැඳෙන නි‍ෙවස වාසනාවන්ත නි‍ෙවසක් බවට පත්කර ගන්න ලේසි පහසු රහස් ගැන කතා කරමු.

නැඟෙනහිර දිශාව තමයි නි‍ෙවසකට සූර්යාලෝකය ගෙන එන්නේ. එම නිසා මෙම දිශාව ඉතා පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්. නි‍ෙවසක නැඟෙනහිර දිශාව තුළ කසළ බඳුන්, වැසිකිළි වළවල්, කොසු ඉදල් වැනි දෑ තියන්න නරකයි. ඒ වෙනුවට කහපාට මල් පිපෙන ගහක් සිටුවන්න. එය ඔබගේ නි‍ෙවසට ඉතා සුබයි.

ගෙදරක ආහාර පිසින ළිප ගිනිකොන දිශාවට තබනවා වගේම පිටත බලාගෙන ගිනි දැල්වීම සුබඵල ගෙන දෙන්නකි. එමඟින් ඔබේ නි‍ෙවසේ සෞභාග්‍ය රඳවා තබාගන්න පුළුවන්.

එමෙන්ම මුළුතැන්ගෙයි තුළ පිළුණු ආහාර නොතබා නිතරම පිරිසුදුව තබාගන්නට වග බලා ගන්න. මන්ද නීරෝගි සම්පත්තිය හා මූල්‍ය සම්පත්තිය ඇති කරන්නට මුළුතැන්ගෙය හේතුවන නිසාවෙනි.

ඔබේ මුළුතැන්ගේ තුළ කුරුඳු තෙල් මංජුසාවක් තබාගන්න. එය ඉතාම යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නකි.

ඔබේ නිවහනේ භාවිතයට ගන්නා වතුර රඳවා තබන දෑ උතුර හෝ ඊසාන දෙසින් තබන්න. එමඟින් ඔබට දියුණු වන්නට මාර්ගවිවර ‍ෙවනවා වගේම ඔබ නිතර ලෙඩ රෝගවලින් පෙළෙන අයෙක් නම් එම ලෙඩ රෝගවලින් සහනයක් ලැබීමටද එය ඉවහල් වනු ඇත.

නි‍ෙවසකට වාසනාව කැන්දන ප්‍රධාන අමුද්‍රව්‍යක් විදහට ලුණු හඳුන්වා දිය හැකිය. සතියකට වරක් ලුණු මිශ්‍ර ජලයෙන් ඔබේ ගෙබිම මොප් කරන්න පුළුවන්නම් එය නිවෙසට ඉතා සුබයි. ඒ වගේම තමයි ගෙදර මුළුතැන්ගෙයි ලුණු සහ සීනි ඉවර නොවන්න වගබලා ගන්න.

ඔබ නිදන ඇඳ යටින් පිරිසුදු වීදුරු බඳුනක ලුණු දමා තබන්නේ නම් එමඟින්ද ධන ආකර්ෂණය ඇති කරගන්නට පුළුවනි.

වර්තමානයේ ගොඩක් නිවෙස්වල තිබෙන ශාකයක් තමයි Lucky Plant / Money Plant කියන්නේ. නි‍ෙවසට ධනය ආකර්ෂණය කරගන්න මෙම ශාකයට පුළුවන් කියලා සමාජයේ විශ්වාසයක් තිබෙනවා. නි‍ෙවසේ ඇතුළත හෝ පිටත ලී රාමුවක් තුළ මෙම ලකී ප්ලාන්ට් එක තියන්න. එය ඔබට නිසැකවම ප්‍රතිඵල ගෙනදෙයි.

නි‍ෙවසක ප්‍රධාන දොර ගෙදරට විශාල වාස්තු විද්‍යාත්මක බලපෑමක් සිදු කරනවා. ප්‍රධාන දොර නැඟෙනහිර දිශාවට මුහුණලා තිබීම ඉතාමත් යෝග්‍ය වේ. තවද නි‍ෙවසේ ප්‍රධාන දොරටුව අසලට කුරුඳු කුඩු ස්වල්පයක් ඉසීමෙන් ඔබේ ගෘහයට සෞභාග්‍ය ළඟා කරගත හැකි වේ.

බොහෝ නිවෙස්වල අද භාවිත කරන්නේ විවිධ වර්ණයෙන් යුත් පාපිසි. ඔබටත් පුළුවන් නම් නි‍ෙවසේ දුඹුරු පැහැති පාපිසි භාවිත කරන්න එය ඔබේ නි‍ෙවසට වාසනාව ගෙනදෙයි.

විනිවිද පෙනෙන පිරිසුදු වීදුරු බඳුනක් ගන්න. එයට කාසි කිහිපයක්, සහල් හා බේ ලීව්ස් කිහිපයක් දමන්න. එය නි‍ෙවසේ හොඳින් නෙත ගැටෙන ස්ථානයක තබන්න. එය ඔබටත් ඔබේ නිවහනටත් වාසනාව කැන්දනවා නිසැකයි.

මේ පුංචි රහස් ටික ඔබත් අත්හදා බලන්න. ඔබේ පුංචි නිවහනට වාසනාව ගෙන එන්න ඔබට හැකිවේ. එමෙන්ම නිවැසියන්ගේ ආධ්‍යාත්මික සැහැල්ලුවද වැඩිදියුණු කරගන්න පුළුවන්. ඔබේ ජීවිතයේ වැඩි කාලයක් ගත කරන්න කැමැති ස්ථානය සතුටින් පුරවන්න ඔබට හැකිවේවි.

TEXT
තේජානී තීක්ෂණා
චාරුනී කරුණාරත්න

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?