Monday, November 17, 2025
Epaper
Home විශේෂාංගහත් කන්‍යාවන්ගේ කන්ද හෙවත් සප්ත කන්‍යා

හත් කන්‍යාවන්ගේ කන්ද හෙවත් සප්ත කන්‍යා

by Sachintha Lakehouse

‘සප්ත කන්‍යා‘ යන නම ඇසූ පමණින්ම සිහිපත් වන්නේ කන්තාවන් සත් දෙනෙක් ගැනයි. මස්කෙළිය තෙබර්ටන් වතු යායේ තිබෙන මෙම අපූරු කඳුවැටිය ගැන විශාල වශයෙන්ම කතාබහට ලක් වූයේ 1974 වර්ෂයේ සිදුවූ ගු වන්යානා අනතුර නිසයි. එතෙක් සුන්දරව, නිසොල්මන්ව නිදාසිටි සප්ත කන්‍යාවට මෙම නම ලැබී ඇත්තේ මෙම කඳු යාය බැලූ බැල්මට කාන්තාවක් ඇලයට නිදා සිටින ආකාරයක් ගෙන දෙන නිසයි.

එමෙන්ම මෙහි කඳු පන්ති හතක් ඇති නිසා ‘සප්ත කන්‍යා‘ ලෙස මෙම අලංකාර කඳුවැටිය නම් දරා ඇත. නෝටන්බ්‍රිජ් සිට නල්ලතන්නියට පිවිසෙන ශ්‍රී පාද පිවිසුම් මාර්ගයේ කිරිවන්එළිය නම් ගම්මානයේදී මෙය දැකගත හැකියි. මෙයට අමතරව මෙම මාර්ගයේදී ලක්ෂපාන දිය ඇල්ල ද දැක බලා ගත හැකි අතර ස්නානය කිරීමේ පහසුකම ද ඇත.

1974 දී මෙම කන්දේ විශාල ගුවන් අනතුරක් සිදුවිය. මාටින් එයාර් ගුවන් සේවයේ 138 ගුවන් යානය 1974 දෙසැම්බර් 04 වැනි දින සප්ත කන්‍යා කඳුවැටියේ ගැටී විනාශයට පත් විය. එය හජ්ජි උත්සවය සැමරීමට ඉන්දුනීසියාවේ සිට මක්කම බලා පැමිණි ගුවන් යානයකි. මෙම අනතුරින් යානයේ සිටි 191 දෙනාම ජීවිතක්ෂයට පත්විය. මෙම යානයට අයත් ටයරය තවමත් නෝටන්බ්‍රිජ් නගරයේ ප්‍රදර්ශනය කර ඇත. ශ්‍රී පාද වන්දනාවේ යන බැතිමතුන්ට මෙය දැක බලා ගත හැකියි.

ගුවන් යානා අනතුරට ලක් වූ යානයේ සිටි අයගේ සොහොන් කොත් ද මෙහිදී දැකබලා ගත හැකි වේ. මෙම ගුවන් යානය ගැටී තිබෙන්නේ මෙහි පස්වැනි කන්දේ වීම නිසා එහි පහළින් පිහිටි තැනක ඉතිරු වූ සිරුරු කොටස් මිහිදන් කොට තැනූ සොහොන් කොත් ප්‍රදේශයක් ඇත. කන්ද තරණය කිරීමට බලාපොරොත්තු වන අයට මෙම සොහොන්ද දැක බලා ගැනීමේ අවස්ථාව ඇත.

භූගෝලීය පිහිටීම සහ ස්වාභාවික සුන්දරත්වය

සප්ත කන්‍යා කඳුවැටිය මධ්‍යම කඳුකරයේ බටහිර කොටසේ පිහිටා ඇති අතර, අවට ඇති තේ වතු, දිය ඇලි සහ වන ආවරණය නිසා අතිශයින් සුන්දර දර්ශනයක් නිර්මාණය කරයි. විශේෂයෙන්ම, මෙම කඳු මුදුන් මතින් නැඟෙන හිරු උදාව සහ බැස යන හිරු බැසීම දැකීම විස්මයජනක අත්දැකීමකි. කඳු මුදුන් බොහෝ විට මීදුමෙන් වැසී ඇති අතර, ඊට අද්භූත සුන්දරත්වයක් එක් කරයි.

ජනප්‍රවාද සහ කතන්දර

සප්ත කන්‍යා කඳුවැටියට අදාළව බොහෝ ජනප්‍රවාද සහ කතන්දර පවතියි. වඩාත් ප්‍රචලිත කතාව වන්නේ කන්‍යාවන් හත් දෙනකු පිළිබඳවය. මෙම කතන්දර අනුව, කන්‍යාවන් හත් දෙනකු දුක්ඛිත ඉරණමකට මුහුණ දී කඳු බවට පත්වූ බව විශ්වාස කෙරේ. මෙම කතන්දර නිසා මෙම කඳුවැටියට විශේෂ ආගමික සහ සංස්කෘතික වටිනාකමක් ද ලැබී ඇත.

සංචාරක ආකර්ෂණය

සප්ත කන්‍යා කඳුවැටිය කඳු නගින්නන්, ඡායාරූප ශිල්පීන් සහ සොබාදහම අගය කරන්නන් අතර ඉතා ජනප්‍රිය ගමනාන්තයකි. කඳු මුදුන් තරණය කිරීම අභියෝගාත්මක වුවද, එහිදී ලබාගත හැකි දර්ශනීය අත්දැකීම අමතක නොවන එකකි. මීට අමතරව, අවට ඇති මාර්ග සහ වනගත ප්‍රදේශ, පාපැදි සවාරි සහ කඳවුරු බැඳීම සඳහා ද ඉතා සුදුසුය.

දර්ශනීය ස්ථාන

සප්ත කන්‍යා කඳුවැටිය අවට පිහිටා ඇති සමහර දර්ශනීය ස්ථාන අතර, ලක්ෂපාන දිය ඇල්ල, මාපාන දිය ඇල්ල, සහ කැනියොන් තේ වතු ප්‍රධාන වේ. මෙම ස්ථාන සප්ත කන්‍යා සංචාරය වඩාත් අලංකාර කරයි.

ප්‍රවේශ මාර්ග:

සප්ත කන්‍යා කඳුවැටියට ප්‍රවේශ වීමට මස්කෙළිය නගරය හරහා යා හැකිය. මෙම ප්‍රදේශය ප්‍රධාන නගරවලට මාර්ග මඟින් සම්බන්ධ වී ඇති බැවින් ප්‍රවාහන පහසුකම් ද ඇත.

සප්ත කන්‍යා යනු ශ්‍රී ලංකාවේ ස්වාභාවික අලංකාරය විදහාපාන අද්විතීය ස්ථානයකි. එහි කඳු, ජනප්‍රවාද සහ සුන්දර දර්ශන නිසා එය බොහෝ දෙනාගේ සිත් ඇදගන්නා ස්ථානයක් වී ඇත.

 

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?