Monday, November 17, 2025
Epaper
Home විශේෂාංගමැසි උවදුරට කදිම විසඳුම්

මැසි උවදුරට කදිම විසඳුම්

by Shanaka Lakehouse

මැස්සා කියන කෘමියා කොයිතරම් කරදරකාරී සතෙක්ද කියලා අපි හැමෝම දන්නා කරුණක්. මෙම කෘමියා ඉඳුල්, මල අපද්‍රව්‍යවල ඉඳලා අපේ ශරීරවල වගේම පිසින ආහාර මත රැඳෙමින් අපට විවිධ රෝගාබාධ ඇති කරන රෝගකාරකයෙක් වෙනවා. අපි අද කතා කරමු මැස්සන් පලවා හරින්න අපිට කරන්න පුළුවන් ස්වභාවික ක්‍රම කිහිපයක් ගැන.

ඔබේ නි‍ෙවසේ දිනපතා එක් රැස්වන කුණු ඉවත් කිරීම ප්‍රධාන කරුණක් වෙනවා. ඉඳුල් වැනි දෑ එදිනෙදා ඉවත් කිරීමෙන් මැස්සන් පැමිණීම ඔබට වළක්වා ගන්නට පුළුවන්.

දුම් කබලක් ගන්න. පුලුස්සන ලද පොල් කටුවක් එහි දමන්න. කොහොඹ කොළ අහුරක් දමා එයින් නැඟෙන දුම ගේ පුරා අල්ලන්න. එහි ඇති විකර්ෂණ ගුණය නිසාවෙන් මැස්සන් ඉක්මනින්ම පලවා හරින්නට ඔබට පුළුවනි.

ගම්මිරිස් මිශ්‍ර කරන ලද දියර ඉසීමෙන් ද ඔබට මැස්සන් පලවා හරින්නට පුළුවනි. ගම්මිරිස් කුඩු වතුරට එක්කර පැයක හෝ දෙකක කාලයක් තබා පසුව ස්ප්‍රේ කරන්න.

ලෙමන් හෝ දෙහි ගෙඩියක බෑයක් ගන්න. එයට කරාබු නැටි ස්වල්පයක් ගසා මැස්සන් එන තැන්වලින් තබන්න. එමඟින් ද ඔබට මැස්සන් විකර්ෂණය කර ගන්නට පුළුවනි.

වතුර පුරවන ලද විනිවිද පෙනෙන බෑග් භාවිත කිරීමෙන් ද මැස්සන් පලවා හරින්නට පුළුවනි. මෙම ක්‍රමය හොඳින් හිරු එළිය තිබෙන දි‍ෙනක සිදුකරන්න.

ඉඟුරු ඉස්ම ගන්න. පැඟිරි තෙල් හා ලුණු ස්වල්පයක් ඊට මිශ්‍ර කරන්න. එම දියරය ද ස්ප්‍රේ කිරීමෙන් මැස්සන් ඒම වළක්වා ගන්නට පුළුවන් කදිම උපක්‍රමයකි.

කොහොඹ කොළ අහුරක් මුට්ටියකට දමා කපුරු කුඩු හා වතුර එක් කර එය හොඳින් තම්බාගන්න. එම දියරය භාවිත කිරීමෙන් ද මැස්සන් විකර්ෂණය කරගන්නට ඔබට පුළුවනි.

මෙම උපක්‍රම ඔබත් නි‍ෙවසේදී අත්හදා බලන්න. එයින් ඔබට මැසි කරදරයෙන් අත්මිදීමට පුළුවන් වේවි.

 

TEXT තේජානී තීක්ෂණ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?