පර්යේෂණ අනුව ගර්භණිභාවයේ අවසන් කාලය සහ ප්‍රසවයෙන් පසු මුල් මාස එකහමාර, දෙක වැනි කාලය තුළ මවකගේ ලිංගික හෝමෝන, තයිරොයිඩ් හෝමෝන, ආතති හෝමෝන යන ඒවායේ වෙනස්කම් විශාල වශයෙන් සිදුවිය හැකිය.
ගර්භිණී සමය මෙන්ම ප්‍රසූතියෙන් පසුව ද කාන්තාවක් තමන්ගේ සෞඛ්‍ය ගැන සිතීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුව නිරායාසයෙන් පැවරෙන වගකීම් ගොන්න නිසාවෙන් මවක් තම මානසික සෞඛ්‍ය ගැන සිතීම ඉතා වැදගත් වෙයි.
ගර්භිණී සමයේදීත් දරුවා ලැබූ පසුවත් කාන්තාවගේ චිත්ත පරාසය පුළුල් ලෙස විහිදීම සිදුවේ. බොහෝ දෙනා සිතන්නේ මවක් වැඩි වශයෙන් මානසික අවපීඩනයට ලක්වන්නේ ගර්භිණී සමය තුළ බවයි. නමුත් ඇත්තෙන්ම කාන්තාවක් වැඩි වශයෙන් මානසික අවපීඩනයට ලක්වන්නේ දරු ප්‍රසූතියෙන් පසුවය. දරවෙකු ලැබීමෙන් පසු දරුවා බලාගැනීම, පෝෂණය කිරීම, දරුවාගේ අනාගතය ගැන සිතීම , පවුලේ අනෙකුත් වැඩකටයුතු කරන්නේ කෙසේද යනාදී වෙහෙසකාරී සිතිවිලි පිළිබඳ ඕනෑම මවක් සිතයි. මෙලෙස වැඩිදුර සිතීම තුළින් මවක් පසු ප්‍රසව විශාද තත්ත්වයට ලක් විය හැකිය.
“ළදරු බ්ලූස්” යනු කුමක්ද?
දරු ප්‍රසූතියෙන් දින දෙක තුනකට පමණ පසු, මානසික අවපීඩනය සහ කාංසාව පිළිබඳ හැඟීම් බහුලව දක්නට ලැබේ. ඔබට හේතුවක් නොමැතිව අඬන්නට, නිදා ගැනීමට අපහසු වීමට හෝ ඔබේ අලුත උපන් බිළිඳා රැකබලා ගැනීමේ හැකියාව ගැන ප්‍රශ්න කිරීමට සිදුවිය හැකිය. “මෙය බොහෝ දුරට ප්‍රොජෙස්ටරෝන් මට්ටම්වල වෙනස් වීම නිසා සිදුවේ. නමුත් හෝමෝනවල වෙනස්කම් එකම හේතුව විය නොහැක. මෙම හෝමෝන වෙනස්කම්වලට අමතරව, දිගු කාලීන වෙහෙස, මවුකිරි දීමේ අභියෝග සහ අනෙකුත් පශ්චාත් ප්‍රසව සංකූලතා වැනි මෙම හැඟීම් ඇති කළ හැකි වෙනත් සාධක තිබේ.
පවුලෙන්, ආදරණීයයන්ගෙන් සහ මිතුරන්ගෙන් හොඳ සහයෝගයක් ඇතිව, මෙම හැඟීම් සාමාන්‍යයෙන් සති දෙකක් ඇතුළත ප්‍රතිකාර අවශ්‍යතාවයකින් තොරව පහව යයි.
පසු ප්‍රසව විෂාදය යනු කුමක්ද?
පසු ප්‍රසව විෂාදය, ළදරු බ්ලූ තත්ත්වයට වඩා වෙනස් ය. එය සාමාන්‍යයෙන් දරු ප්‍රසූතියෙන් සති දෙකේ සිට අට දක්වා සිදු වේ,
නමුත් දරුවා ඉපදී වසරක් දක්වා එය සිදුවිය හැකිය. “පසු ප්‍රසව විෂාදය පිළිබඳ වැදගත් දෙයක් නම් එය දුකක් දැනීම පමණක් නොවේ. දැඩි කාංසාව පිළිබඳ හැඟීම් ද පසු ප්‍රසව විෂාදයේ පොදු ලක්ෂණයකි.
අවධානය යොමු කළ යුතු පසු ප්‍රසව විෂාදයේ සමහර රෝග ලක්ෂණ අතර හැගීම් අධික ලෙස දැනීම, නොනවත්වා හැඬීම, ඔබේ දරුවා සමඟ බැඳීමක් නොමැතිකම, ඔබ සහ ඔබේ දරුවා රැකබලා ගැනීමට ඔබට ඇති හැකියාව සැක කිරීම ඇතුළත් වේ.
පසු ප්‍රසව විෂාදයට හේතු,
පසු ප්‍රසව විෂාදයට හේතුන් සම්පූර්ණයෙන් හඳුනාගෙන නැත.
ඔබට පසු ප්‍රසව විෂාදය ඇතිවීමට වැඩි ඉඩක් ඇති කරුණු ගණනාවක් තිබේ. මේවාට ඇතුළත් වන්නේ,
මානසික සෞඛ්‍ය ගැටලු
ජීවිතයේ මුල් අවධිවල ඇතිවූ මානසික අවපීඩනය
ගර්භිණී සමයේදී ඇතිවූ මානසික
සෞඛ්‍ය ගැටලු
ඔබට සහාය වීමට සමීප පවුලක්
හෝ මිතුරන් නොමැති වීම
ඔබේ සහකරු සමඟ දුෂ්කර
සම්බන්ධතාවයක් පැවතීම
මෑත කාලීන ආතති සහගත
ජීවිත සිදුවීම්
ගෘහස්ථ හිංසනය වැනි ශාරීරික
හෝ මානසික කම්පනය
ඔබට මේ කිසිවක් නොමැති
වුවද, දරුවෙකු ලැබීම ජීවිතය
වෙනස් කරන සිදුවීමක් වන
අතර එය සමහර විට මානසික
අවපීඩනය ඇති කළ හැකිය.
පසු ප්‍රසව විෂාදයේ රෝග ලක්ෂණ
ශක්තිය නොමැතිකම සහ සෑම
විටම දැනෙන වෙහෙසකාරී බව
රාත්‍රියේ නිදා ගැනීමට අපහසු
වීම සහ දිවා කාලයේදී නිදිමත
දැනීම
ඔබ සහ ඔබේ දරුවා රැකබලා
ගැනීමට අපහසු වීම
අනෙක් අය සමඟ සම්බන්ධතා
වලින් ඉවත් වීම
අවධානය යොමු කිරීමේ සහ
තීරණ ගැනීමේ ගැටලු
දුකක් හෝ මානසික අවපීඩනයක්
දැනීම
සාමාන්‍යයෙන් ඔබට සතුට ගෙන
දෙන දේ තවදුරටත් සතුටුදායක
නොවීම
ආහාර රුචියේ වෙනස්කම්
පසු ප්‍රසව විෂාදය වළක්වා ගන්නේ කෙසේද?
ගර්භිණී සමයේදී ඔබව හොඳින් තබා ගැනීමට ඔබට කළ හැකි දේවල් තිබේ. එනම්, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පවත්වා ගැනීම සහ ඔබට කතා කළ හැකි සහ සහාය ලබා ගත හැකි කෙනෙකු සිටීම වැනි දේ වැදගත් වේ.
පූර්ව ප්‍රසව සායනවලට සහභාගි වීම සහ අනෙකුත් ගර්භිණී කාන්තාවන් හෝ නව මාපියන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගැනීම ද ප්‍රයෝජනවත් විය හැකිය.
ඔබ ගැබ්ගෙන සිටී නම් හෝ ගැබ් ගැනීම ගැන සිතන්නේ නම්, වෛද්‍යවරයෙකු හමුවී උපදේශ ලබා ගැනීම වැදගත් වේ.
මූලාශ්‍ර:- National health services (NHS) UK, UNICEF
