Monday, November 17, 2025
Epaper
Home වෛද්‍යඑන්ඩොමෙට්‍රිෙයා්සීස් ගැන A-Z

එන්ඩොමෙට්‍රිෙයා්සීස් ගැන A-Z

by Shanaka Lakehouse

වර්තමානයේ කාන්තා සෞඛ්‍යයට බලපාන රෝගී තත්ත්වයන් බොහොමයක් ඇත.ඒ අතරින් ලොව පුරා මිලියන 190 කට අධික කාන්තාවන්ට බලපාන රෝගී තත්ත්වයක් නම් එන්ඩොමෙට්‍රිෙයා්සිස් නම් රෝගයයි.

එන්ඩොමෙට්‍රිෙයා්සිස් යනු කුමක්ද?

එන්ඩොමෙට්‍රිෙයා්සිස් යනු ලොව පුරා කාන්තාවන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට සෑදෙන සංකීර්ණ රෝගයකි.මෙම රෝගයේදී කාන්තාවන් තුළ එන්ඩොමෙට්‍රියම් වැනි පටක ගර්භාශයෙන් පිටත වර්ධනය වන අතර එමඟින් දරුණු වේදනාවක් ඇතිවේ.මේ හරහා රුධිරය වහනය වන හෙයින් ඩිම්බකෝෂයේ රුධිරය එකතුවීමෙන් ලේ ගෙඩි ඇතිවේ. මෙම රෝගී තත්ත්වයට එන්ඩොමෙට්‍රියම් නමැති ගර්භාශයේ පටක ආවරණය සැකසී ඇති සෛලවල ක්‍රියාකාරීත්වය බලපායි. මේ සෛල ඉතාමත් විශේෂිතයි. ඒවා තිබිය යුත්තේ ගර්භාශය තුළ පමණයි. ශරීරයේ වෙනත් තැනක තිබේ නම් මෙය අසාමාන්‍ය දෙයක් ලෙස සලකයි. ඒ අනුව එන්ඩොමෙට්‍රිෙයා්සිස් රෝගයේ පදනම මෙයයි

ඔසප් වනවිට කාන්තාවන්ගෙන් 90%කට විතර තමන්ගේ පිටවෙන ප්‍රමාණය ශ්‍රෝණියටත් යයි. එය 90%කට වෙන දෙයකි. එවිට එම සෛල ශරීරය ඇතුළටත් යයි. නමුත් අපේ තිබෙන ප්‍රතිශක්තිය හේතුවෙන් අලුත් සෛල විනාශ කර දමයි. නමුත්, 10%කට මෙය කර ගැනීමට නොහැකියි. එවිට මෙම රෝගී තත්ත්තවය ඇතිවීමට මූලික වෙයි.

එන්ඩොමෙට්‍රිෙයා්සිස් රෝගය සෑදීමට හේතු ?

නිශ්චිතවම හේතුවක් සෙවීමට නොහැකිය.පරිසර සාධකත් මේ සඳහා යම් විදියකට බලපානු ලබයි. එනම් පරිසර දූෂණත් සමඟ කැඩ්නියම්, නිකල් බැර ලෝහ රීස්ට්‍රජන් සමඟ සමාන ක්‍රියාකාරීත්වයක් ඇති කිරීමට පුළුවනි.

ඒ වගේම ආරමය බලපෑමක් වැදගත් වේ.ඔබේ මවට හෝ සහෝදරියට හෝ ඒ දෙදෙනාටම එන්ඩොමෙට්‍රිෙයා්සිස් ලක්ෂණ පවතින්නේනම් ඔබටද එම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය 7 ගුණයකින් වැඩි වනු ඇත. එවැනි පසුබිමක ඒ පිළිබඳ පරීක්ෂාකාරී වීම වඩා සුදුසුය.

මෙම රෝගය සෑදීමට යම් කිසි වයස් සීමාවක් තිබේද?

මෙම රෝගය සම්පූර්ණයෙන්ම කාන්තාවන්ට සෑදෙන රෝගයකි.ප්‍රජනක වයසේ ඕනෑම කෙනකුට මෙය සෑදීමේ හැකියාව පවතී.පරීක්ෂණ මඟින් වයස් කාණ්ඩ 2 ක් සොයා ගෙන ඇත.25-29 වයස් කාණ්ඩය හා 35-50 වයස් කාණ්ඩයේ රෝගය හඳුනාගැනීමට පුළුවන් වයස් කාණ්ඩ වේ.

රෝගය හඳුනා ගැනීමට රෝගලක්ෂණ මොනවද?

රෝග ලක්ෂණ ගත්විට අධික වේදනාව ප්‍රධානම රෝග ලක්ෂණය වේ. ඔසප් වීමේදී යම්කිසි වේදනාවක් දැනීම සාමාන්‍යයි. තමාගේ වැඩ කරගැනීමට හැකියාවක් පවතින ලෙස දැනෙන වේදනාව අසාමාන්‍ය නොවේ.සමහරවිට මෙම අධික වේදනාව ඔසප්වීමට පෙර සිට ඇතිවීමට පුළුවනි. ඔසප් වූවාට පසුවද මෙම වේදනාව තිබීමට පුළුවනි. සමහර අයට ඔසප් වීමට පෙරද වේදනාව තිබී ඔසප් වූවාට පසුවද අධික වේදනාවක් දැනීමට පුළුවනි. මේ ආදී ලක්ෂණ ඔබටත් තිබේනම් සැලකිලිමත් විය යුතුයි. මේ නිසා සාමාන්‍ය වැඩකටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවේ.පාසල් යාමට නොහැකි වීම හෝ පාසල් සහ කාර්යාලීය සික් රූම් වල දවස වේදනාවෙන් ගතකිරීමට සිදුවේ.

විවාහක කාන්තාවක් නම් ලිංගික එක්වීමේදී අධික වේදනාව ප්‍රධාන රෝග ලක්ෂණයකි.මේ අතර මදසරුභාවයෙන් යුතු කාන්තාවන් 50% ක් එන්ඩොමෙට්‍රිෙයා්සිස් රෝගී තත්ත්වයෙන් පෙළෙන බව හඳුනාගෙන තිබේ.

මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ රෝග ලක්ෂණ මතුවීමෙන් වසර 10ක් පමණ යනතුරු රෝගය විනිශ්චය කර ගැනීමට නොහැකිවීමයි.

රෝගය විනිශ්චය කරගත හැකිවන්නේ කෙසේද ?

රෝගය විනිශ්චය කර ගැනීමට මීට අවුරුදු විස්සකට පෙර පැවසුවේ ලැපරොස්කොපි පරීක්ෂණය අනිවාර්ය බවයි.නමුත් අද වන විට එය අත්‍යවශ්‍ය වන්නේ නැත. යෝනි මාර්ගය හරහා ස්කෑන් පරීක්ෂණයක් මඟින් රෝගය හඳුනා ගැනීමට පුළුවනි. ඒ වගේම MRI පරීක්ෂණය මඟින්ද රෝගය විනිශ්චය කරගැනීමට පුළුවනි. එහෙත් අවිනිශ්චිත නම් ලැපරොස්කොපි පරීක්ෂාවට යොමු වීමට පුළුවනි.

ප්‍රතිකාර ගැන කතා කළොත්?

මෙම රෝගය නිශ්චිතවම සුව කරන ප්‍රතිකාර ක්‍රම මෙතෙක් සොයාගෙන නැත.ඉබුප්‍රොෆෙන් සහ නැප්‍රොක්සන් වැනි ස්ටෙරොයිඩ් නොවන ඖෂධ (NSAIDs) සහ අනෙකුත් වේදනා නාශක බොහෝවිට වේදනාවට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරයි. හෝමෝන ඖෂධ සමහර කාන්තාවන් තුළ වේදනාවේ බරපතළකම අඩු කළ හැකි ය.

මෙවැනි රෝගී කාන්තාවක් දරු‌වෙක් අපේක්ෂා නොකරනවා නම් පමණක් ඖෂධ ප්‍රතිකාරවලින් රෝගය පාලනය කිරීමේ හැකියාව පවතියි. එහිදී ප්‍රතිකාර සඳහා ලබාදෙන ප්‍රධාන ඖෂධයක් ලෙස මිතුරි වැනි පවුල් සංවිධාන පෙති වර්ග භාවිත කරනු ලබයි. ඩෙපෝ ප්‍රෝටීන (ඩෙපො ප්‍රෝෙටා්) එන්නත මේ සඳහා භාවිත කරන අතර විශේෂයෙන්ම මාස තුනක් සඳහා ලබාදෙන එම එන්නත යොදා ගනියි. මීට අමතරව තාක්ෂණික උපකරණය වන ලූපයක් භාවිත කරයි. ඖෂධ වලින් ලැබෙන ප්‍රතිචාරයට සැනසීමට නොහැකි නම් ශල්‍යකර්මයක් සිදුකොට ලේ ගෙඩි හා එන්ඩොමෙට්‍රිෙයා්සිස් ගැටිති ඉවත් කිරීමට අවශ්‍ය විය හැකියි. මෙවැනි ශල්‍යකර්ම කිරීමට වඩාත් සුදුසු ක්‍රමවේදය ලැපරොස්කොපි ක්‍රමයයි. සමහර අවස්ථාවල ශල්‍ය ප්‍රතිකාර මඟින් ගර්භාශය, ඩිම්බකෝෂ ඉවත් කිරීමේ ප්‍රතිකාර සඳහා ද යා යුතුයි. ශල්‍යකර්ම මඟින් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය නම් පමණක් සිදු කරයි. නමුත් මෙය නිසි ප්‍රතිකාරයක් නොවේ.වැඩියෙන්ම අපට කළහැක්කේ මෙය යටපත් කිරීමක්, පාලනයක් ආදියයි.

අද ගොඩක් සමාජයේ මේ රෝගය පිළිබඳ නොදැනුවත්වභාවයට හේතුව නම් “ගැහැනු කෙනෙක් වුණාම මේක තමයි උරුමය,ඒක සාමාන්‍යයි.ඕවට හුරුවෙන්න.බබාල හම්බුණාම හරියනවා” ආදි ලෙස අවවාද ලැබීමයි. යම් අවස්ථාවල වෛද්‍යවරයෙකුගෙන්ද මෙවැනි උපදෙස් ලැබීමට පුළුවනි. එසේ වුවහොත් වෙනත් වෛද්‍යවරයෙකු හමුවී උපදෙසක් ලබාගැනීම වැදගත් වේ.

කාන්තාවන්ට දීමට ඇති උපදේශය නම් මෙලෙසින් අසාමාන්‍ය ඔසප් වේදනාවක් තිබේ නම් දිනපොතක් තියාගන්න. “මට කවද්ද ඔසප් වෙන්නෙ,වේදනාව පටන් ගන්නෙ කවද්ද,කොච්චර කල් වේදනාව තිබුණද ආදි ලෙස සටහන් කරගන්න.ඒ වගේම වේදනාව සඳහා 0 -10 දක්වා ලකුණු ලබා දෙන්න. වේදනා රහිත නම්, 0 ලෙසත් උහුලන්න බැරි වේදනාව 10 ලෙසත් වර්ග කළ හැකිය. මෙය වෛද්‍යවරයෙකු හමුවන විටද රැගෙන යාම ඉතාම වැදගත් දෙයකි.

ඉතින් මේ සම්බන්ධයෙන් රෝග ලක්ෂණ ඇති විට වහා ම වෛද්‍ය උපදෙස් ලබාගෙන කල්තබා රෝග තත්ත්වය හඳුනා ගැනීම අත්‍යවශ්‍යයි.

TEXT චතූ වීරසිංහ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?