දේශීය අමුද්‍රව්‍ය යොදා ගෙන නිෙවසේදීම, විසිතුරු ආභරණ සකස්කර ගන්න ක්‍රමයක් පිළිබඳයි අපි මෙවර කතා කරන්නේ. මෙය ස්වයං රැකියාවකට ඔබට මාර්ගෝපදේශයක් වනු ඇත.
ස්වාභාවික අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගෙන අර්ථවත් දෙයක් නිර්මාණය කරගනිමු.
මේ සඳහා භාවිත කරන මෝල්ඩ් විවිධ හැඩවලින් වෙෙළඳපොළේ තිබෙන බැවින් මෝල්ඩ් එකක් මිලදී ගන්න විට මේ සියලු දේවල්වලට යොදා ගත හැකි මෝල්ඩ් එකක් තෝරා ගැනීමට උපක්‍රමශීලී වන්න. ඉතින් ඔබත් වෙනස් විදිහකට සිතන නිර්මාණශීලී කෙනෙක් නම් මෙය උත්සාහ කර බලන්න. මෙම නිර්මාණවලට ඉතා ඉහළ දේශීය සේම විදේශීය වෙළෙඳපොළක් තිබෙනවා. ඔබත් නිෙවසට වී සිටින කෙනෙක් නම් මේ වගේ නිර්මාණයක් කරන්න ලොකු වෙලාවක් ගත වන්නේ නැහැ. ඉතින් උත්සාහ කර බලන්න. ඉතා ලස්සන නිර්මාණයක් අවසානයේ නිම වේවි.
අවශ්‍ය අමුද්‍රව්‍ය
* සිලිකන් මෝල්ඩ් එකක් (අවශ්‍ය මෝස්තරයට අනුව)
* රෙසින් හා හාඩ්නර් (කෙමිකල් වර්ග 2)
* මනින කප් 2 (මනින ප්‍රමාණ අංක සටහන් කර ඇති කප්)
* පොප්සිකල් ස්ටිස් (කලවම් කිරීමට සුදුසු දෙයක් )
* මිශ්‍ර කිරීමට කප් දෙකක්
* අලංකාර කිරීමට භාවිත කරන වියළි මල් හෝ වෙනත් පහසුවෙන් සොයා ගත හැකි ඕනෑම ද්‍රව්‍ය ගත හැකියි. (කුරුදු, කරාබු නැටි, සිප්පි කටු, මුහුදු ගල්, සාමාන්‍ය ගල් වර්ග, පබළු, සීකුවින්ස් වැනි ද්‍රව්‍ය හෝ ඔබට තිබෙන සුදුසු ද්‍රව්‍ය )
* ග්ලවුස් 2 ක්
නිර්මාණය කිරීම
🌿පියවර 01
පළමුව අත් දෙකට ග්ලවුස් දමා ගෙන, අංක සටහන් කර ඇති, මනින කප් දෙක වෙන වෙනම ගන්න. එක කප් එකක් රෙසින් කෙමිකල් එක සඳහාත්, අනෙක හාඩ්නර් කෙමිකල් එක සඳහාත් සූදානම් කර ගන්න. මේ කෙමිකල් වර්ග දෙක සූදානම් කරගත් කප් දෙකට 2:1 අනුපාතයට නිවැරදිව මැන ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වේ. රෙසින් 2ට හාඩ්නර් 1 කොටසක් වශයෙන් මැන ගැනීම සිදු කරයි. (උදාහරණ, රෙසින් 5ක් ගත් විට හාඩ්නර් 10ක් මැන ගන්න.)
🌿පියවර 02
නියමිත අනුපාතයට මැනගත් කෙමිකල් වර්ග දෙක, මිශ්‍ර කරන කප් එකට දමා විනාඩි 4ත් 5ත් අතර කාලයක්, එකම අතකට මිශ්‍ර කරගන්න. ඉන්පසුව තව විනාඩි 5ක් පමණ පැත්තකින් කාමර උෂ්ණත්වයෙහි තබා ගන්න. (කෙමිකල් එකෙන් නැඟෙන වායු බුබුළු ඉවත්වීමට මෙය උපකාරි වේ.)
🌿පියවර අංක 03
සකසා ගත් කෙමිකල් මිශ්‍රණය විනිවිද පෙනෙන අයුරින් හෝ ඔබට කැමැති පාටක් එකතු කර ගත හැකිය. කැමැති පරිදි සකසා ගත් කෙමිකල් එක, මෝල්ඩ් එකෙන් භාගයකට දමා ගන්න. (කට මට්ටමට එනම් පිරෙන්න දමා ගන්නේ නැත.)
🌿පියවර අංක 04
ඉන්පසුව ඔබ යොදා ගැනීමට කැමැති ද්‍රව්‍ය නිර්මාණාත්මක හා අලංකාර ලෙස එකතු කරන්න. වියළි මල්, වියළි කොළ, සිප්පි කටු, තේ කොළ, ලී කුඩු , වැලි , ගල් , පබළු, සීකුවින්ස්, දිලිසෙන කුඩු, කුරුඳු, මුහුදු ගල්, කරාබු නැටි වැනි ඕනෑම දෙයක් නිර්මාණාත්මක අයුරින් සිතා යොදා ගත හැකිය. මේ ද්‍රව්‍ය යොදා ගෙන ඔබ කැමති අයුරින් අලංකාර නිර්මාණයක් කර ගන්න.
🌿පියවර අංක 05
ඉන්පසු පැය 5කට හෝ 6කට පසුව එය වේළී ඇති දැයි පරික්ෂා කර බලන්න. මක් නිසාද එය දේශගුණික සහ පාරිසරික තත්ත්වයන් මත, එනම් වැසි දවසක නම් මෙම කාලයට වඩා කාලයක් ගත වීමට ඉඩ කඩ ඇත වේළී ඝන වීමට. එය ඔබ නිරීක්ෂණය කර බලන්න.
පසුව එය වේළී ඇති නම්, ඔබට පුළුවන් දෙවැනි ලේයර් එක යොදා ගන්න. මෝල්ඩ් එක පිරෙන ගානට පමණක් දෙවැනි ලේයර් එක යොදා ගන්න. උතුරා නොයන්න වග බලා ගන්න.
🌿පියවර 06
දෙවැනි ලේයර් එක යොදා ගෙන පැය 24කින් පසුව හොඳිින් වේළී ඇති දැයි පරීක්ෂා කොට, මෝල්ඩ් එකෙන් පරෙස්සමට නිර්මාණය ඉවත් කරගන්න. මේ නිර්මාණය හොඳින් සවි වීමට පැය විසි හතරක් ගත වෙනවා. සාමාන්‍ය කාමර උෂ්ණත්වය යටතේ. ඉන් පසුවද පැය 5ක් පමණ නැවත වේළීමට ඉඩ හරින්න. දැන් ඔබට ඉතාමත් අලංකාර , දීප්තිමත් අගනා නිර්මාණයක් දැක ගන්න හැකි වේ.
ඔබට දැන් මේ නිර්මාණය මාලයකට හෝ කරාබු යුගලයකට, බ්‍රේස්ලට් එකකට, මුදුවකට, කීටැග් එකකට හෝ ඕනෑම සුදුසු දෙයකට සවි කරගත හැකියි.
TEXT අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
PIX BY ශාන් රඹුක්වැල්ල
