කාන්තාවකගේ ශරීරයේ හැඩය ඉස්මතු කර දක්වන්නට බෙහෙවින් උපකාරී වන ඇඳුමක් තමයි තනපට නොහොත් බ්‍රා කියන්නේ. කාන්තාවකගේ සෞඛ්‍යයට පෞරුෂත්වයට මනා පෙනුමට නිවැරැදි බ්‍රා තෝරා ගැනීම වඩාත් බලපාන සාධකයක් වෙනවා. ඔබ දිනපතා සියලුම ඇඳුම්වලට අඳින්නේ එකම බ්‍රා එකක් ද? එහෙනම් අද අපි බලමු කොහොමද නිවැරැදි බ්‍රා එකක් තෝරගන්නෙ කියලා.
මුලින්ම ඔබ ඔබේ බ්‍රා එක ගතයුතු ප්‍රමාණය පිළිබඳ දැනගන්නට ඕනෑ. මිනුම් පටියක් ආධාරයෙන් ඔබට එය මැන ගන්නට පුළුවනි. අවුරුද්දකට වරක් ඔබ මෙම ප්‍රමාණයන් පිළිබඳ අවධානය යොමු කරනවා නම් එය වඩාත් සුදුසු වෙනවා.
ඒ වගේම තමයි වෙෙළඳපොළෙන් ඔබ මිලදී ගන්නා බ්‍රා වර්ග නිමැවී ඇති රෙදි පිළිබඳවත් අවධානය යොමු කරන්නට ඕනෑ. ඒවා කපුරෙදි මිශ්‍ර එකක් නම් එය ඔබට දවස පුරා ඇඳගෙන සිටීමට සුව පහසු වෙනවා. ඒ වගේම ඔබ බ්‍රා එකක් මාස හයක්, අවුරුද්දක් අතර කාලයක් පමණක් භාවිත කරන්නට මතක තබා ගන්න. ඊට වඩා කාලයක් භාවිත කිරීමේදී තනපටයේ හැඩය, පපුවට දෙන අාධාරය වෙනස් වෙන්න පුළුවන්. වර්තමාන වෙෙළඳපොළේ විවිධ මාදිලියන්ගෙන් යුතු තනපට බොහෝමයක් දැක ගන්නට පුළුවනි. ඒ අතුරෙන් ඔබ ළඟ තබාගත යුතු, ඔබ දැනගත යුතුම මූලිකම තනපට මාදිලි පිළිබඳ අපි කතා කරමු.
T-Shirt Bra
මෙවැනි වර්ගයේ බ්‍රා ඔබට එදිනෙදා භාවිතයට වඩාත් සුදුසු වෙනවා. මෙහි තිබෙන මෘදු බව හා නොපෙනෙන හැඩය ඔබට දවසම සුවපහසුව ගෙවන්නට උපකාරී වෙනවා.
Full Coverage Bra
මෙය විශාල පපු පෙදෙසක් ඇති ඔබට වඩාත් සුදුසුම මාදිලියකි. මෙමඟින් පපුවට දෙන ආධාරක බව සහ ආවරණය නිසා ඔබේ පපුවේ හැඩය මනාවට දිස්වීමට උපකාරී වෙනවා.
Push-Up Bra
මෙම මාදිලිය බොහෝම ප්‍රචලිත වන අතර මෙමඟින් ද රවුම් හැඩැති ආකර්ෂණීය පෙනුමක් ඇති කරයි.
Strapless Bra
විලාසිතාවන්ගෙන් යුත් ඇඳුම් අඳින ඔබට මෙවැනි මාදිලියේ බ්‍රා එකක් අත්‍යවශ්‍යම වෙනවා. උරහිස නිරාවරණය වූ ඇඳුම් සඳහා මෙවැනි බ්‍රා එකක් ඔබට භාවිත කරන්නට පුළුවනි.
Sports Bra
ක්‍රීඩා කිරීමට, ව්‍යායාම කිරීමට මෙම මාදිලියේ තනපට භාවිත කරනවා. මෙමඟින් පපුවේ ආරක්ෂාවත්, පහසුවෙන් ක්‍රියා කිරීමට ඇති හැකියාවත් නිසාවෙන් එවැනි අවස්ථාවන්වලදී මෙම වර්ගයේ බ්‍රා එකක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා.
Maternity Bra
ගර්භිණී සහ කිරිදෙන මවුවරුන්ට සුදුසු අත්‍යවශ්‍යම බ්‍රා වර්ගයක් තමයි මෙය.
මෙවැනි විවිධ මාදිලියන්ගෙන් යුතු තනපට පිළිබඳ ඔබ දැනුවත්වීම වඩාත් වැදගත් වෙනවා. වැරදි තනපටයක් භාවිත කිරීමෙන් ඔබගේ උරහිස්වල තද පැල්ලම්, කොන්දේ අමාරුකම් වැනි විවිධ අපහසුතාවලට මුහුණ දීමට වැඩි ඉඩකඩක් ඇත. ඒ නිසාවෙන් අද සිට ඔබේ ඇඳුම් එකතුවට නිවැරැදි සුදුසු බ්‍රා ඇතුළත් කරගන්නට මතක තබා ගන්න. එය ඔබට සුවැති දිවියක් ගෙවන්නට උපකාරි වනු නොඅනුමානය.
TEXT තේජානී තීක්ෂණ
