බොහෝ දෙනා නොදන්නා පැෂන් කොළවල ඇත්තේ පුදුමාකාර ගුණයකි. පැෂන් ග්‍රෑම් සියයක ඇති පෝෂණ ගු ණයක් ලෙස කෙඳි ග්‍රෑම් (104′) මෙහි කොලෙස්ටරෝල් අන්තර්ගතව නැත. සම්පූර්ණ මේදය ග්‍රෑම් (7) කි. විටමින් සී ග්‍රෑම් 20ක් සහ විටමින් ඊ මයික්‍රෝග්‍රෑම් ((02) ක්, විටමින් කේ මිලිග්‍රෑම් 7 ක්. කාබෝහයිඩ්‍රේ ග්‍රෑම් 23ක් පොටෑසියම් මිලිග්‍රෑම් (348) ක් අන්තර්ගතව ඇත.
විටමින් බී (2 “) බී ((6).) සැලකිය යුතු ප්‍රමාණයක් පැෂන් කොළවල අඩංගුව පවතී. විටමින් (A) බවට පරිවර්තනය වන බීටා කැරොටින් මෙහි අන්තර්ගතව පවතී. මෙම බීටා කැරොටින් මඟින් දත් සහ අස්ථි නීරෝගිව තබා ගැනීමේ හැකියාව පවතී. කෙස්වලටත්, ඇස්වලටත්, සමටත් ඉතා ගුණදායක වන අතර කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට මෙන්ම ආර්තවහරණය වූ කාන්තාවන්ට ද ඉතා ගුණදායක වේ. මෙමඟින් අස්ථි වර්ධනය වීමක් සහ අස්ථි ආශ්‍රිතව ඇතිවන ආබාධ ඌනතා වළක්වා ගැනීමටත් උදවු වේ.
විටමින් කේ සහ විටමින් ඊට අන්තර්ගතව පවතින හෙයින් වන්ධ්‍යභාවය සහිත ස්ත්‍රී පුරුෂයන්ට ඉතා ගුණදායක වේ. මානසික ආතතිය, මානසික පීඩනය සහිත රෝගීන්ට මනස සන්සුන් කරගැනීමට පැෂන් කොළ උදවු කෙරේ. අකලට කෙස් පැසීම වැළැක්වීම මෙන්ම කෙස් වැටීම වැළැක්වීමටත් පැෂන් කොළවල ඇත්තේ ගුණදායක පෝෂණ ගුණයකි. කෙස්වලට උදවු වන විටමින් බී 2 ” බී6″ කොපර් සහ පොටෑසියම් සැලකිය යුතු ප්‍රමාණයක් ඇති නිසා මේ ගුණය වර්ධනය වේ. එමෙන්ම ඔමේගා 6 මේද අම්ලය අඩංගුව ඇති නිසා සිරුරේ ආසාදන තත්ත්වයන් වළක්වන ශරීරයට ඉතා හිතකර මේද අම්ලයකි. පැෂන් කොළවල ජලයේ දිය වන තන්තු කොටස් වැඩිපුර අන්තර්ගතව පවතී. ජලයේ දියවන කෙඳි මඟින් මහබඩවැලේ මහඅන්ත්‍රයේ එකතු වන විෂ ද්‍රව්‍යයන් ඉවත් කෙරේ. ආහාර මාර්ගයේ චලනයන් මුත්‍රා ලෙස ඇතිකර මල පිට කිරීම පහසු කෙරේ. එක් රැස්වන විෂ ද්‍රව්‍යයන් ඉවත් කිරීම මඟින් ආසාදන මාර්ග තුළ ආසාදන පිළිකා තත්ත්වයන් ඇති වීම දුරලයි. පැෂන් කොළවල ඇති කෙඳි මඟින් මල මුත්‍රා පිට කිරීම පහසු කරන හෙයින් අර්ශස් සහ ආහාර මාර්ගයේ ප්‍රදාහ තත්ත්වයන් වළකාලයි.
පිළිකාමය තත්ත්වයන් සඳහා පැෂන් කොළ ඉතා ගුණදායක වේ. පැෂන්වල සැලකිය යුතු ප්‍රමාණයකින් ප්ලෙවනොයිඩ ප්‍රමාණයක් අන්තර්ගතව පවතී. ඒවා ප්‍රතිඔක්සිකාරකයන් වේ. එමඟින් ද පිළිකා ඇති වීමෙන් සිරැර ආරක්ෂා කෙරේ. පැෂන්වල කොලෙස්ටරෝල් නැත. මේදයද අවමය. කෙඳි මඟින් මේද කොටස් අඩු කෙරේ. පොටෑසියම් සැලකිය යුතු ප්‍රමාණයක් ඇති හෙයින් හදවත් රෝග වළකාලයි. පැෂන් මල් සහ පලයේ ඖෂධීය ඇල්කොලයිඩ අඩංගු වේ. එමඟින් ස්නායු පද්ධතිය සැහැල්ලු කර නින්ද ඇති කෙරේ. මේ නිසා ඇස්ප්‍රීන් ඖෂධීය සමඟ පැෂන් ගැනීම සුදුසු නොවේ. එසේ ගැනීමෙන් රුධිර සාන්ද්‍රණය අඩු කෙරේ. එමෙන්ම මානසික රෝග සඳහා ඖෂධ ගන්නා අයද වෛද්‍ය උපදෙස් ලබා පැෂන් ආහාරයට ගැනීම සුදුසුය. පෙනීම සඳහා ද පැෂන් කොළ ඉතා ගුණදායක වේ.
පැෂන් ලෙලි ජෑම්
අවශ්‍ය දෑ
පැෂන් ෆෘට් -800ක්
සීනි – 550ක්
ලුණු හැඳි භාගයක්
දෙහි යුෂ ස්වල්පයක්
පළමුව සෝදා ගත් පැෂන් ගෙඩි දෙකට කපා මැද ඇති යුෂ කොටස සූරා ඉවත් කරගන්න. පසුව ලෙලි ටික වෙනම භාජනයකට දමා හොඳින් තම්බා ගන්න. ඒ අතරතුර පැෂන් යුෂ ටික හොඳින් බ්ලෙන්ඩර් කර ඇට ඉවත් වන ලෙස පෙරා ගන්න. විනාඩි 30 ක් පමණ තම්බාගත් ලෙල්ලෙහි පිටත කහපාට කොටස ඉවත් කර ඇතුළත ඇති සුදු පැහැ
කොටස ගලවා බ්ලෙන්ඩර් කර ගන්න. පසුව බ්ලෙන්ඩර් කරගත් පැෂන් යුෂ හා ලෙල්ලෙහි සුදු කොටස පෑන් එකකට දමා එයට ලුණු, සීනි මිශ්‍ර කර හැඳි ගාමින් මඳ ගින්දරේ විනාඩි 10ක් පමණ පිසගන්න. අනතුරුව දෙහි යුෂ එක් කර ජෑම් පදමට පැමිණි පසු ළිපෙන් ඉවතට ගෙන ජීවානුහරණය කරන ලද බෝතලයකට ඇසුරුම් කරගන්න.
පැෂන් මස්කට්
අවශ්‍ය ද්‍රව්‍ය
කෝන් පිටි ග්‍රෑම් 150ක්
සීනි ග්‍රෑම් 400ක්
වතුර – මිලිලීටර් 500ක්
දිය කර ගත් බටර් – මේස හැඳි 08ක්
කරදමුංගු – තේ හැඳි 1/2ක්
ෆුඩ් කලරින්
පොඩියට කපා ගත්ත කජු – ග්‍රෑම් 100ක්
ලුණු – තේ හැඳි 1/2ක්
සාදන ක්‍රමය:
මුලින්ම කෝන් පිටි ටික වතුරත් එක්ක හොඳට කැටි නොවන ලෙස දිය කර ගන්න. පසුව පෑන් එකක් ළිපේ තබා එයට සීනි සහ වතුර දමා සීනි ටික හොඳට වතුරත් එක්ක මඳ ගින්දරේ දිය කර ගන්න. සීනි හොඳින් දිය වූ පසු එයට කරදමුංගු කුඩු සහ ලුණු එක් කරගන්න. මේ සීනි මිශ්‍රණය හොඳට රත් වූ පසු දිය කර ගත්ත කෝන් පිටි ටික දමා
මඳ ගින්දරේ එක දිගට හැඳි ගාන්න. මිශ්‍රණය උකු වූ පසු දිය කර ගත්ත බටර් දමා කලවම් කර ගන්න. අවශ්‍ය නම් කලරින් එක් කරගන්න. මස්කට් මිශ්‍රණය එක ගුළියක් වගේ භාජනයේ ඇලෙන්නේ නැති මට්ටමට පැමිණි පසු පොඩියට කපා ගත් කජු ටික දමා කලවම් කර ගන්න. අවසානයට මස්කට් මිශ්‍රණය බටර් ගා ලෑස්ති කර ගත්ත
තැටියකට දමා හොඳටම නිවෙනකන් පැය තුන හතරක් පමණ තබා කැබලිවලට කපා ආහාරයට ගන්න.
පැෂන් ස්ලයිසස්
අවශ්‍ය ද්‍රව්‍ය
බිස්කට් – ග්‍රෑම් 120ක්
බටර් – ග්‍රෑම් 100ක්
ටින් කිරි මිලිලීටර් 400ක්
පැෂන් මිලිලීටර් 100ක්
පැෂන් ෆෲට් බාර්ස්/ ස්ලයිසස්
පළමුව බිස්කට් ටික බ්ලෙන්ඩරයකට දමා හොඳින් කුඩු කරගන්න. ඉන්පසු එයට දිය කර ගත් බටර් ටික දමා මිශ්‍ර කරගන්න. පසුව එම මිශ්‍රණය ට්‍රේඑකකට දමා හොඳින් තද කර ගන්න. ඉන් පසු ටින් කිරි ස්වල්පයකට පැෂන් යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කර ගන්න. අවශ්‍ය නම් වර්ණක එක් කර ගන්න. අනතුරුව සාදා ගත් බිස්කට් පේස්ට් එකට උඩින් මෙම මිශ්‍රණය දවටන්න. අවසානයට අවන් එක තුළ පැය කාලක් පමණ තබා බේක් කරගන්න.
TEXT ශෂිනි කෞශල්‍යා
