Monday, December 1, 2025
Epaper
Home ජ්‍යෙතිෂයනොවැ.24 සිට දෙසැ.01 දක්වා

නොවැ.24 සිට දෙසැ.01 දක්වා

by Shanaka Lakehouse

මේෂ

ජීවිතයේ සමාජයේ යහපතක් හා ප්‍රසිද්ධියක් ලබන අතර ලෙඩ අසනීප ගතිවලින් දියුණුවක් සුවපත් ලබන අතර පින්දහම් කටයුතුවලට ද යොමුවන වන සතියකි. මිතුරන් හා කටයුතු බහුල අතර බොහෝ දස්කම් ඉස්මතු වී පෙනෙන සතියකි.

වෘෂභ

ආදරය ආලය සම්බන්ධ සුබ ආරංචියක් ලබයි. සිත් තැවුල් ද විටෙක මතු කරයි. ව්‍යාපාරවලින් දියුණුවක් ලබන අතර ලාභ හිමි වේ. දුර දිග සිතා නොබලා ගන්නා තීන්දු තීරණවලින් අපහාස ලබන යෝග ද ඇත.

මිථුන

විනෝද ගමනක් හිමිවන සතියකි. කාන්තා පාර්ශ්වයේ අයට සතුටුවන ආරංචියක් ලබන සතියකි. අනතුරකට ද යෝග ඇත. ගමන් බිමන්, උඩ නැඟීම් ප්‍රවේසම්වන්න. පිටරට අයෙකුගෙන් සුබ ආරංචියක් ලබයි. වෙළෙඳ ව්‍යාපාර කටයුත්තකින් ලාභ හිමි වේ. හිත් පීඩා විඳිම් ද සති අග හිමි වේ.

කටක

ලොතරැයි ජයක් ලබන අතර පෙර තිබූ රෝගයක් නැවතත් මතු වී පීඩා මතු වේ. හදිසි අනතුරකට ද ඉඩ ඇත. විශාල පින් කටයුත්තකට සහභාගි වන සතියකි. රැකියාවේ දියුණුවක් ද වේ. දරුවකු බලාපොරොත්තු වූ අයට එම සතුටු අසන්නට ලැබෙන සතියකි.

සිංහ

අලංකාරය පිළිබඳ වැඩි යොමුවක් ඇති සතියකි. ගනුදෙනුවකින් වැඩි ලාභයක් හිමිකර ගනී. සුබ ආරංචියක් ලබයි. වියදමින් ලාභ හිමිකරන සතියකි. කලා අංශයේ සිටින අයට ලාභ හා දියුණුව ලැබේ. සෞඛ්‍ය ගැටලු මතුකරනා සතියකි. විශාල ගනුදෙනුවලට යොමුවන සතියකි.

කන්‍යා

මුල්‍ය බලාපොරොත්තුවක් සාර්ථක වේ. අලුත් වාහන හා ඉඩම් මිලට ලබා ගන්නා සතියකි. සෞඛ්‍ය පිළිබඳ වැඩිපුර සිතයි. පෙර පැවති නීති ප්‍රශ්නවලින් ජය හිමි වේ. නැදෑයන්, මිතුරන් හා එකතු වී සතුටුවන අවස්ථා උදා වේ. ශල්‍යකර්ම යෙදෙන සතියකි.

තුලා

මුදලක් පිළිබඳ සිතයි. අසල්වාසින් හා පොදු වැඩ කටයුතු සලසන සතියකි. උරුම හිමිකම් ලබයි. විවාහය, ආදරය පිළිබඳ කටයුතු සාර්ථක වේ. විශාල ගිවිසුම් හා ලාභ ලබන කටයුතුවලට අනන්‍ය වන අතර ඒවා යහපත් වේ. සති අග අනතුරු යෝග ද ඇත.

වෘශ්චික

තම දක්ෂතා ඉස්මතු වී අන් අය අතර ප්‍රසිද්ධියක් ලබයි. ධන ලාභ ද හිමි වේ. වික්‍රමාන්විතව සියල්ල සතුටින් ලබා ගන්නා අතර නිවාස ඉදිකිරීම් ආරම්භ කරන සතියකි. දරුවන්ගේ ලෙඩ දුක් නිසා කරදර මතුවන අතර පෙර පැවති නීති ප්‍රශ්නවලින් ජයක් හිමිවන සතියකි.

ධනු

වියදම තරමක් ඇති වේ. මෙතෙක් තිබූ රහස් සතුරු කරදරවලින් ජයක් ලබයි. සැමගෙන් ලාභ ලබන අතර ඒ ආශ්‍රිත ව්‍යාපාර කරන අයට යහපත උදා වේ. අධ්‍යාපනය යහපත් වේ. පාසල් යන දරුවන්ට සුබ සතියකි. සෞඛ්‍ය ගැටලු ද මතු වේ. සැලකිලිමත්වන්න.

මකර

රැකියාවේ ඉහළ ලැබීමක් ඇති කරයි. අන් අයගේ උදවු උපකාර ලබන අතර බොහෝ ප්‍රශ්නවලින් නිදහස ලබයි. තැන්පත් ධනයත් වැඩිදියුණු කරගන්නා යෝග ඇත. සහෝදරයන්ගෙන් සුබ ආරංචියක් ලබයි. අලුත් නි‍ෙවසක් තැනීමට හෝ පදිංචියට යන යෝග ඇත. නැදෑ දරුවකුගේ අධ්‍යාපනයේ සතුටක් අසන්නට ලබයි.

කුම්භ

ආගමික කටයුතුවලට වැඩි නැඹුරුවක් ඇති වේ. තම රැකියාව හා වෘත්තිය සම්බන්ධ දැඩි තීරණ ගන්නා අයගෙන් අන් අයට උදවු උපකාර ද කරයි. තම මුදල් නිකරුණේ නාස්ති වන සතියකි. ලොකු ලාභ ද හිමිකරයි. ලාභ ලබන වැඩ ආරම්භ කරන යෝග ද ඇත. වැඩි ලාභ උපයන සතියකි. නඩු පැටලිලිවලින් ජය ලබයි.

මීන

පිටරට ගමන් සාර්ථක වේ. අලුත් වෘත්තියට ආදායම් ලැබීමකට යෝග අැත. දරුවකුගේ සතුටක් අසන්නට ලැබේ. පවුලේ පැවති අසමඟිතා මඟහැරී යයි. නිවැරැදි සිහිය ලැබී කටයුතු සාර්ථක කර ගන්නා යෝග ඇත.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?