Monday, December 1, 2025
Epaper
Home ජ්‍යෙතිෂයනිදන කාමරය කොයිබට ද?

නිදන කාමරය කොයිබට ද?

by Shanaka Lakehouse

මිනිසාගේ මූලික අවශ්‍යතාවන් සන්තර්පනය කර ගැනීමේදී තමාටම කියා නි‍ෙවසක් ඉදිකර ගැනීමට සියලු දෙනාම සිහින දකිති. එමෙන්ම එය වාස්තු විද්‍යානුකූලව ඉදිකර ගැනීමට සියලු දෙනාම අපේක්ෂා කරති. නි‍ෙවසක් ඉදි කරගැනීමේ දී ආලින්දය, විසිත්ත කාමරය මෙන්ම නිදන කාමරය පිහිටනු ලබන දිශාව මඟින් ජීවිතයේ විවිධ පැතිකඩයන් හෙළිදරවු කරයි. පැරණි ෆෙන්ෂුයි හා වාස්තු විද්‍යානුකූල මතිමතාන්තරවලට අනුකූලව නිදන කාමරයේ දිශානතිය ලිංගික සබඳතා හා පවුල් ජීවිතය කෙරෙහි බලපාන බව විශ්වාස කෙරේ. නි‍ෙවසක හෝ කාමරයක ශක්ති ප්‍රවාහය මිනිස් ජීවිත සඳහා ඍජුවම බලපානු ලබයි. සාර්ථක පවුල් ජීවිතයක් ගත කර ගැනීම සඳහා සුදුසු ලිංගික චර්යාවන් අනුගමනය කිරීම සඳහා ඒ ඒ දිශානතීන්ට අනුකූලව පිහිටා තිබෙන්නා වූ නිදන කාමරයෙන් මඟින් ලැබෙන්නේ අතිමහත් පිටිවහලකි.

නව විවාහ පත් යුවළකට ලබා දීමට සුදුසුම වන්නේ නිරිතදිග දිශාවට මුහුණලා නිර්මාණය වී තිබෙන්නා වූ නිදන කාමරයකි. මන්ද, සාර්ථක ලිංගික චර්යා රටාවක් පවත්වා ගැනීමට අවශ්‍ය සාධක ඒ තුළ ගැබ්වී පවතී. සුළඟ මඟින් පැමිණෙන ජල වාෂ්ප ගෙන එන සිසිලස කාමරය තුළ නිරන්තරයෙන්ම ගැවසීම හේතුවෙන් සාර්ථක ලිංගික චර්‌යා රටාවක් පවත්වා ගෙන යෑම සඳහා එය මහත් රුකුලක් වේ. මෙම දිශාව පෘථිවියට සම්බන්ධය, ස්ථාවරත්වය, ආරක්ෂාව සහ බැඳීම සංකේතවත් කරනු ලබයි.

එබැවින් විවාහපත් යුවළක් සඳහා මෙම දිශාව ඉතාමත් සුදුසු සේ සැලකේ. ඒ සබඳතාවට ස්ථාවර බවක් හා ශක්තිමත් බවක් ද මෙමඟින් ලබා දෙයි. යම්කිසි නි‍ෙවසක ගිනිකොන දිශාවට මුහුණලා නිර්මාණය කර තිබෙන්නා වූ නිදන කාමර විවාහපත් වූ යුවළ සඳහා වඩාත් යෝග්‍ය වේ. මන්ද, එය ලිංගික ආශාවන් ආදරය හා සම්බන්ධතා උත්තේජනය කරන බව විශ්වාස කෙරේ. මෙහි ඇති ශක්තියේ චිත්තවේගීය බැඳීම් සහ ආශාව ශක්තිමත් කිරීමට උපකාරී වන බවට පැරණි මතවාදයක් පවතී. මෙම දිශාව ගින්දරට සහ සිකුරු ග්‍රහයාට සම්බන්ධ වන බැවින් මානසික සුවපත්භාවය ඇති කර ගනිමින් සාර්ථක පවුල් පරිසරයක් ගොඩනඟා ගැනීමට ඉතාමත් වැදගත් වේ. යම් නි‍ෙවසක වයඹ දිශාවට මුහුණලා නිදන කාමරයක් නිර්මාණය කිරීම හේතුවෙන් වාතයට සහ චන්ද්‍රයාට එයට සම්බන්ධ විය හැකිය. එය නිශ්චල නොවන චංචල ස්වභාවයක් පෙන්වයි. එම නිසා ස්ථාවර ලිංගික සබඳතා සඳහා මෙම නිදන කාමර එතරම් සුදුසු නොවන බවට විශ්වාස කෙරේ. නි‍ෙවසක වයඹ දිශාවට මුහුණලා නිර්මාණය කර තිබෙන්නා වූ මෙම නිදන කාමර වඩාත් සුදුසු වන්නේ වඩාත් කෙටි කාලසීමාවකින් නි‍ෙවසින් බැහැරට යන්නා වූ පුද්ගලයන් වෙතොත් එවැනි වූ පුද්ගලයන් වෙතටය. උතුරු දිශාව ද මෙම ජාලයට සම්බන්ධ වන අතර ආදරය සහ ආකර්ෂණය සඳහා හොඳ දිශාවක් යැයි ද සැලකේ. මෙම දිශාව ද විවාහ පත් වූ ස්ත්‍රීන්ට හා පුරුෂයන්ට ගුණාත්මක සම්බන්ධතාවක් පවත්වා ගෙන යාම සඳහා සුදුසු දිශාවක් යැයි සැලකේ.

ඒ ඒ දිශානතීන්ට අනුකූලව නිදන කාමර සකස් කර ගැනීම තුළින් යම් ආකාරයක ගුණාත්මක ලිංගික ජීවිතයක් ඇති කර ගැනීමට හැකිය. මෙවැනි වූ දිශානතීන්ට අනුකූලව නිදන කාමර සකස්කර ගැනීම මෙන්ම නිදන කාමරයේ ඇඳ පිහිටුවීම මඟින් පුද්ගලයින්ගේ සෞඛ්‍ය සබඳතා සහ ලිංගික ජීවිතය කෙරෙහි ද බලපෑම් ඇති කළ හැකි බවට විශ්වාස පවතී. ෆෙන්ෂුයි මුලධර්ම අනුව දෙපසට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයක් තැබීම ඉතාමත් වැදගත්ය. මෙයින් යුවළ අතර ගුණාත්මක සබඳතාවක් හා සමානාත්මතාවක් ඇතිවන බව විශ්වාස කරනු ලබන අතර ඇඳ එක් පැත්තකින් බිත්තියට හේත්තු කර තැබිම මඟින් සබඳතාවය තුළ අසමතුලිතතාවක් ඇති විය හැකි බව කියැවේ.

මීට අමතරව, ඇඳ කාමරයේ දොරට කෙළින්ම මුහුණලා තැබීමෙන් ඇතුළු වන ශක්තිය කෙළින්ම ඇඳට එන බවත් එය දෙදෙනාගේම ලිංගික ශක්තියට බාධා කරන බවත් වාස්තු විද්‍යාෙව් සඳහන් වේ. මෙය අනාරක්ෂිත හැඟීමක් ඇති කරන බැවින් ලිංගික කටයුතු සඳහා සුදුසු නොවන බවට විශ්වාස කෙරේ. මීට අමතරව, ඇඳ ජනේලයට කෙළින්ම මුහුණලා තැබීමෙන් සබඳතාවල අවිනිශ්චිත බවක් ඇති විය හැකි බවත් ශක්තිය පහසුවෙන් පිටතට ගලා යන බවත් ෆෙන්ෂුයිවල සඳහන් වේ. මීට අමතරව, නිදන කාමරයෙහි ඇඳ දෙපස ඉහළින් කැබිනට් රාක්ක හෝ නොතිබිය යුතුය.

මන්ද, එමඟිින් මානසික පීඩනයක් අවිනිශ්චිත බවක් ඇති කරනසුළුය. ඇඳ අවට පිරිසුදුව හා පිළිවෙළට තබා ගැනීම ඉතා වැදගත් වන අතර අවුල්සහගත පරිසරයකින් ආත්ම ශක්තිය හීන කරන අතර එය මානසික ආතතියට හේතු විය හැකිය.

නිවැරදි දිශානතියකට අනුකූලව නිදන කාමරය හා නිදන ඇඳ සකස් කර ගැනීම තුළින් ගුණාත්මක ලිංගික සබඳතාවක් සහිත දිවි පෙ‍ෙවතක් ගත කිරීමට හැකි වේ.

TEXT – සදමිණි ලක්ෂිකා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?