Monday, November 24, 2025
Epaper
Home පුවත්සිබිල් වෙත්තසිංහගේ ‘පුදුම රිදී ගහ’ නවතම කෘති ද්විත්වය එළිදැක්වීම අද

සිබිල් වෙත්තසිංහගේ ‘පුදුම රිදී ගහ’ නවතම කෘති ද්විත්වය එළිදැක්වීම අද

by Shanaka Lakehouse

ශ්‍රී ලංකාවේ ළමා සාහිත්‍ය නව මගකට යොමු කළ සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවයෙන් පසු ප්‍රකාශයට පත් කෙරෙන නවතම කෘති ද්විත්වයක් වන ‘පුදුම රිදී ගහ’ සහ ‘The Magic Silver Tree’ එළිදැක්වීමට නියමිතයි. ආදිත් ප්‍රකාශන විසින් ප්‍රකාශයට පත් කෙරෙන මෙම කෘති ද්විත්වය දොරට වැඩුම අද (24) දින සවස 3ට කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ.

ලංකාවේ ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූ මෙම කෘතියේ මුල් චිත්‍ර 2017 දී ජපානයේදී ප්‍රකාශයට පත් කෙරුණු පොතකට ඇතුළත් විය. මෙම පොතේ මුල් චිත්‍ර ඇතුළත් චිත්‍ර ප්‍රදර්ශනයක් ද එදිනම ආරම්භ කෙරෙන අතර, පෙ.ව. 9.30 සිට ප.ව. 7.30 දක්වා මහජනතාවට විවෘතව තැබේ.

වසර 70කට අධික වෘත්තීය ජීවිතයකට හිමිකම් කියන සිබිල් වෙත්තසිංහ කෘති 400කට අධික සංඛ්‍යාවක් ලියා චිත්‍ර නිර්මාණය කර ඇත. ඇය නිකෙයි සම්මානය ඇතුළු ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇත.

මෙම පොත් දොරට වැඩීමේ සහ චිත්‍ර ප්‍රදර්ශනයේ රසය විඳ ගැනීමට අද (24) සහ හෙට (25) දෙදින තුළ එක්වීමේ අවස්ථාව මහජනයාට විවෘත වෙයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?