බ්‍රිතාන්‍ය රාජකීය තාරකා විද්‍යා සංගමයේ සාමාජිකත්වය දැරූ තාරකා විද්‍යාඥයකු වූ අනුර සී. පෙරේරා ගේ ජීවිත කතාව ඇතුළත් ග්‍රන්ථයක් ප්‍රවීණ මාධ්‍යවේදියකු වන සරත් ජයසිංහයන් විසින් රචනා කරන ලදි.
අනුර සී. පෙරේරා, මෙරට ජනතාව අතර තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව වඩාත් ජනප්‍රිය කිරීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි. සිංහල භාෂාවෙන් විද්‍යා ග්‍රන්ථ තිහකට වඩා ලියමින් රාජ්‍ය සම්මාන දිනූ විද්‍යා ලේඛකයෙකි. ඒ 1971 වසරේ ඔහු ලියූ ‘සූර්යයා සහ ග්‍රහයෝ’ නමැති ග්‍රන්ථයටය.
අනුර සී. පෙරේරාගේ 79 වැනි ජන්ම දිනය යෙදෙන 2026 ජූනි මස 18 වැනිදා මෙම ග්‍රන්ථය දොරට වැඩීමට නියමිතය.
කොළඹ නාලන්දා විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන අනුර සී. පෙරේරාගේ ජීවිත කතාවේ රස මුසු තැන්, ජීවන අත්දැකීම්, මුහුණ දුන් බාධක, දුක්කම්කටොළු ලැබූ සම්මාන සහ ජයග්‍රහණ මෙන් ම අමතක නොවන සිහිවටන සියල්ලම මෙම ග්‍රන්ථයට ඇතුළත් වේ.
