Monday, November 24, 2025
Epaper
Home පුවත්75 වැනි ලිය අභිමානී වැඩමුළුවේ අසිරිය

75 වැනි ලිය අභිමානී වැඩමුළුවේ අසිරිය

by Shanaka Lakehouse

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී ලංකා කුමාරි සුමනසේකර සභාපතිත්වය දරණ ලිය අභිමානී 75 වැනි රූපලාවණ්‍ය වැඩමුළුව පසුගිය දා කිරිබත්ගොඩ, මාකොළ පාරේ සනාරා මන්දීර් හෝටල් පරිශ්‍රයේ දී නොමිලයේ පැවැත්විණි.

සමන්ත ගුණසේකර, ජොනි ගුණසේකර සමන්ත ප්‍රනාන්දු, ලකී සුසිල්, මුතු කුලතුංග, මේනකා ජයවර්ධන යන රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණතමයන් හා රූපලාවණ්‍ය උපදේශක ක්‍රිෂ් ද සිල්වා යන අය එදින විවිධ වැඩසටහන් මෙහෙය වූහ.

මේ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස තරුණී ප්‍රධාන කර්තෘ මනෝලි සුබසිංහ, 306 D4 දිස්ත්‍රික්කයේ හිටපු සිංහාධිපති විරාජ් වික්‍රමසිංහ, චෙල්වන් සහ මානෙල් කොටුවේගොඩ, කුමාරි ගුණසේකර, ඉනෝකා බෝගහතැන්න ඇතුළු රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

PIX BY – කසුන් ප්‍රනාන්දු

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?