Monday, November 24, 2025
Epaper
Home පුවත්‘මිටි මිනිසුන්ගේ උස් හිත්වල කතාව’ වෙනුවෙන් ජනාධිපති සම්මාන ලැබූ සුභද්‍රා දේශප්‍රිය

‘මිටි මිනිසුන්ගේ උස් හිත්වල කතාව’ වෙනුවෙන් ජනාධිපති සම්මාන ලැබූ සුභද්‍රා දේශප්‍රිය

by Shanaka Lakehouse

මාධ්‍යවේදීන් ඇගයීම වස් සිදු කරනු ලබන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල – 2025 දී ලේක්හවුස් ආයතනය සඳහා සම්මාන ද්විත්වයක් හිමි විය. එහිදී ප්‍රශස්ත විශේෂාංග ලිපිය – සිංහල මාධ්‍ය සඳහා වූ සම්මානය දිනාගනු ලැබුවේ සිළුමිණ පුවත්පතෙහි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනි සුභද්‍රා දේශප්‍රියටය. ඒ 2023 ජූනි 18 වන දින පළවූ “මිටි මිනිසුන්ගේ උස් හිත්වල කතාව” නම් විශේෂාංග ලිපිය වෙනුවෙනි

මිහිමිත් මිනිසුන් හෙවත් මිටි මිනිසුන් රෝගීන් නොවන අතර ඔවුන් අනාබාධිත ප්‍රජාවකි. මේ මානව කණ්ඩායමට මානව අයිතිවාසිකම් පොදුය. ඔවුන්ගේ ඒ අනුල්ලංඝනීය අයිතිය බරපතළ ලෙස ඇතැම් උස් මිනිසුන් අතින් උල්ලංඝනය වීම සිදුවෙයි. මේ සමාජ අසාධාරණය පිළිබඳ සමාජ කතිකාවක් වෙනුවෙන් මේ ලිපිය සම්පාදනය කරනු ලැබීය. ඒ අනුව ඔවුන් සමඟ බොහෝ සංවාද ඇති කර ගනිමින් මිටි මිනිසුන් මිටි වීමට වෛද්‍ය විද්‍යාත්මක හේතුව, සමාජයේදී ඔවුන් මුහුණ දෙන ගැටලු සමාජ විද්‍යාත්මක විග්‍රහයක් ඇසුරින් මෙම ලිපිය සම්ප්‍රදානය වී තිබිණි.

සුභද්‍රා මාධ්‍ය ක්ෂේ‍ත්‍රයට පිවිසෙන්නේ ඇය සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ අධ්‍යාපනය හදාරන සමයේ පටන්ය. ඇගේ පියා ‘කම්කරුවා’ පුවත්පතේ සේවය කළ ටී.බී. චන්ද්‍රාය. ගුරුවරයෙක්ව සිට පසුව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වූ ඔහු දැන් මෙලොව හැර ගොස් ය.

ප්‍රකට පුවත්පත් කලාවේදී සම්පත් දේශප්‍රිය ඇගේ සහෝදරයයි.

මාධ්‍ය පවුලකින් පැවත එන සුභද්‍රා 2003 වසරේ සිළුමිණ පුවත්පතේ මාධ්‍යවේදීනියක ලෙස එක්වූ අතර අද එහි ප්‍රා⁣දේශීය ප්‍රවෘත්ති කතුවරිය ලෙස කටයුතු කරයි.

ඇය කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ ශාස්ත්‍රවේදී උපාධිය හා කොළඹ විශ්වවිද්‍යාලයෙන් සිංහල භාෂාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හදාරා තිබේ.

මාධ්‍යවේදිනියක ලෙස ලැබිය හැකි ඉහළම සම්මානය වන මේ ජනාධිපති සම්මානය ලැබූ සුභද්‍රා තමාට අකුරු කරන්නට සහාය වූ සියලුම ගුරුවරුන් සිහිපත් කරන්නට ද අමතක නොකළාය.

සහෝදර පුවත්පතක සහෘද මාධ්‍යවේදිනියක ලැබූ මේ ජයග්‍රහණය වෙනුවෙන් තරුණී අපි ද ඇයට සුබ පතමු.

Pix By – රුක්මාල් ගමගේ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?