Monday, November 24, 2025
Epaper
Home පුවත්ලෝක වාර්තාවක් තැබූ තාරකා විද්‍යා සම්මානලාභී රත්නපුරේ රුසින් තත්සර

ලෝක වාර්තාවක් තැබූ තාරකා විද්‍යා සම්මානලාභී රත්නපුරේ රුසින් තත්සර

by Shanaka Lakehouse

ලෝක වාර්තාවක් තැබූ තාරකා විද්‍යා සම්මානලාභී රත්නපුරේ රුසින් තත්සර තාරකා විද්‍යා ග්‍රන්ථ 14ක් පමණ රචනා කර පසුගියදා “හෙළ සුජාත පුත්‍රයන්ගේ මෞලි මංගල්‍යය -පුරවැසි අබිමන් 2025″සම්මාන උළෙලේ “National Youth Pride Astronomy Excellence” සම්මානයට පාත්‍ර විය. ඒ තරුණයෙකු ලෙස තාරකා විද්‍යාවට කරනු ලැබූ සේවය නිසාය.

මෙරට කීර්තිමත් තාරකා විද්‍යාඥයෙකු වන අනුර සී.පෙරේරා මහතාගේ ශිෂ්‍යයෙකු වන මොහු Ceylon Foundation for Policy Analysis ආයතනයේ ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු ලෙස ද කටයුතු කරන ඔහු අනුර සී. පෙරේරා මහතා සමඟ ලංකාව පුරා තාරකා විද්‍යා දේශන පැවැත්වීමට ද කටයුතු කරයි.

රත්නපුර සීවලී විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රුසින් තත්සර මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැඟිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ ශිෂ්‍යයෙකි.

ඔහු විසින් තාරකා විද්‍යාව සම්බන්ධ ග්‍රන්ථ රැසක් රචනා කොට තිබේ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?