Monday, November 24, 2025
Epaper
Home පුවත්මාරියා දැන් තිරගත වේ

මාරියා දැන් තිරගත වේ

by Shanaka Lakehouse

ඉන්දුනීසියාවේ බංගයි දූපත් ආශ්‍රිත මහ සයුරේ 2016 වසරේ සිදු වූ සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ වූ ‘මාරියා’ මේ මස 21 දා සිට දිවයින පුරා සිනමාහල්වල තිරගතවීමට නියමිත වේ.

‘මාරියා’ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් හා තිර පිටපතකි. ඉන්ද්‍රජිත් සිල්වාගේ නිෂ්පාදනයකි.’මාරියා’ ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වන අතර ඉදිරියටත් හොඳ නිර්මාණ සමඟින් සිනමා කර්මාන්තයේ රැඳී සිටීමට ඔහු බලාපොරොත්තු වේ.

මහේන්ද්‍ර පෙරේරා, හේමාල් රණසිංහ, අෂාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, ප්‍රියන්ත සිරිකුමාර, දසුන් පතිරණ, සුරන් දසනායක මේ සඳහා රංගනයෙන් දායක වෙති. කැමරා අධ්‍යක්‍ෂණයෙන් චන්න දේශප්‍රිය, දිය යට රූපගත කිරීම්වලින් මැක්ලීන් ඇඩම්ස්, සංස්කරණයෙන් ඩිලන්ත පෙරේරා, සංගීත අධ්‍යක්‍ෂණයෙන් චින්තක ජයකොඩි, සහාය අධ්‍යක්ෂණයෙන් දමින්ද මඩවල, අංග රචනයෙන් ප්‍රියංක තිලක් රත්නායක කලා අධ්‍යක්ෂණයෙන් සුනිල් ප්‍රේමරත්න මරියා දායක වී ඇත.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?