Monday, November 24, 2025
Epaper
Home මැහුම් ‍‍ ගෙතුම්රිබන් මලෙන් මැවෙන රටා

රිබන් මලෙන් මැවෙන රටා

by Shanaka Lakehouse

දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක පන් බෑග්. අද අපි රිබන් එම්බ්‍රොයිඩරි පන් බෑගයක් හැඩ වැඩ කරමු.

සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය –

  • පන් බෑගයක්
  • එම්බ්‍රොයිඩරි ෆ්‍රේම්
  • රිබන්
  • ට්‍රැපැස්ටි ඉදිකටුවක්
  • ලයිටරයක්
  • කතුර
  • නූල්

නිර්මාණය කිරීම –

පළමුව තරමක් දිගින් යුතු රිබන් පටියක් කපා ගන්න. එහි කෙළවර ත්‍රිකෝණයක ආකාරයට (1 රූපයේ පෙනෙන ලෙස) නවාගන්න.

ඉන් අනතුරුව නැවතත් එම ත්‍රිකෝණ කොටස රිබන් එක පැත්තටම නවාගන්න. (2 රූපය)

පසුව 3 රූපයේ ලෙසට රිබන් පටිය නැවත පිටුපසට නවන්න.

මේ අන්දමට ඔබ ගත් රිබන් පටිය අවසාන වන තෙක් ත්‍රිකෝණයක ආකාරයට එන ලෙස රිබන් එකෙහි හොඳ පිට හා කණපිට මාරුවෙන් මාරුවට නවාගන්න. ඒ අතරතුර ඉදිකටුවකින් මසා ගන්න. (4 හා 5 රූප)

පසුව රිබන්පටිය හරහට කැපුමක් යොදා ගෙන එය ද මලට තබා මසා ගන්න. (6 සහ 7 රූප)

පන් බෑගය ගෙන ඊට රිබන් එකෙන් රෝස මල් පෙති තුනක් මසාගන්න. (8 සහ 9 රූප)

ඉහත මසා ගත් රෝස මලෙහි මැද කොටස (7 රූපය) පන් බෑගයට තබා නොගැලවෙන ලෙස හොඳින් මසාගන්න. (10 රූපය)

11 රූපයේ දැක්වෙන ලෙසට රෝස පෙති නිර්මාණය කරගන්න.

රෝස මලෙහි පෙති වැඩි කර ගැනීමෙන් පිරිපුන් අලංකාරවත් මලක් නිර්මාණය කර ගත හැකියි. (12 රූපය)

මල නිමා කිරීමෙන් පසුව අවශ්‍ය පරිදි පත්‍ර මසා ගන්න (13 රූපය)

 

PIX BY – ශාන් රඹුක්වැල්ල

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?