බලන්නකෝ අනේ, අපේ ඔෆිස් එකේ ඉන්න හුඟක් තරුණ ගැහැනු දරුවන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් දරුෙවා් බලාගන්න ගෙදරට එන servantsලා වැඩිකල් ඉන්නෙ නැතිව දාලා යන එක. මේ හින්දා office එකේ වැඩවලටත් හරිම බාධාවක්. මොකුත් කියන්නත් බැහැ, කිරිසප්පයොනේ…මවුපියන්ගෙ පණ ඉතිං දරුවොනෙ. අපි මේ හැමදේම කරන්නෙ එයාලා හින්දනේ..නිවාඩු ඉල්ලනකොට ඉතිං නොදිත් බැහැ. ඒත් ඉතිං… වැඩ ගොඩගැහෙනකොට ලොක්කගෙන් දෝස්මුරය මටනේ අනේ මන්දා ඇයි මේ ළමයින්ට ගෙදරට එන ආයම්මව තියාගන්න බැරි. අපෙ දරුවො බලාගත්තෙත් අායම්මලා. හැබැයි අපිට නම් මෙහෙම කරදර තිබ්බෙ නෑ. අපිටත් වඩා ඒ අය අපේ දරුවන්ව අැස්දෙක වගේ බලාගත්තා. අපිත් නිදහසෙ රාජකාරිය කර ගත්තා. එයාලා අපිට වද නොදුන් නිසා තමයි, අපේ ජිවිතත් ලස්සන කරගෙන ඉහළ තනතුරු ලබන්නත් අවස්ථාව ලැබුණෙ. ඇයි අප්පා ඒ කාලේ අපිට ඉන්න පුළුවන් වුණානම් මේ දරුවන්ට බැරි.”
මේ මගේ හිතවතියක් පැවසු කතාවක්. අද කාලේ බොහෝ දෙනෙක් මුහුණදෙන ප්‍රශ්නයක්. විශේෂයෙන්ම වර්තමානය වන විට බොහෝ රැකියා ක්ෂේත්‍රයන්හි කාන්තා නියෝජනය ඉහළ අගයක් ගන්නා නිසාම දරුවෝ බලා ගැනීමට කාගේ හෝ පිහිටක්, සරණක් නැතිවම බැරිය. අතීතයේ සේවයක් වූ මෙහෙකාරකම අද වන විට රැකියාවක් වීමත් මේ ඛේදවාචකයට හේතුවක්.
මොවුන්ට ඇති අධික ඉල්ලුම නිසාම මෙහෙකරුවන් සපයන ආයතන රටපුරා බිහි වී තිබීමෙන් පෙනෙන්නේ මෙය මුදල් ඉපයිය හැකි මහ පරිමාණයේ ව්‍යාපාරයක් බවයි. හැමදේම මුදලට විකිණෙන සමාජයක මනුස්සකම හරියට කළුනික හොයනවා වාගේ නිෂ්ඵල වූවකි.
එදා සේවාවක් වූ, අද වෘත්තියක් වී ඇති, බොහෝ වේලාවට ආයතනයකින් ඔබ නිවෙසට ගන්නා මෙහෙකාරිය, මුදලක් ගෙවා ගන්නා තවත් සේවකයෙක් ලෙස සිතා ඔබ කටයුතු නොකළ යුතුය. ඔබ ඇයට ඉතාම කාරුණික, නිහතමානී කෙනෙකු ලෙස පිළිගැනීමක් ලබාදීම කළ යුතුයි.
ඒ පිළිගැනීමත් සමඟ නිෙවසට පියනඟන අමුත්තියට සතුටක් එක් කරනු නොඅනුමානය. ඇය පවුලට එක්වූ තවත් සාමාජිකයකු ය යන සිතුවිල්ල ඇයට දැනෙන ලෙස කටයුතු කරන්න. පවුලේ කෙනෙකු යැයි සිතා ඇයට ආදරය දෙන්න. කරුණාවෙන් සලකන්න. ඇයව බලා ගන්න. රැකවරණය සපයන්න. ඇගේ අවශ්‍යතා අසා දැනගෙන …එනම්, හැඩට රුවට ඉන්න ලස්සනට අඳින්න, පළදින්න අවශ්‍ය කළමනා නිති සපයන්න. ලෙඩට දුකට පිහිට වන්න. කොටින්ම ගෙදර කෙනෙකුට වගේ සලකන්න.
මෙහෙකාරිය, වැඩකාරිය නොව ආයම්මා ආච්චි අම්මා ලෙස ඇයට දැනෙන්න ඔබ නිෙවසෙ වටපිටාව ගොඩනැඟුවහොත් ඇය ජීවිත කාලයටම සින්න වේවි. එවැනි අත්දැකීම් අපේ පරම්පරාවේ අයට නම් ඕනෑතරම් ඇතිවාට සැකයක් නැත.
