Monday, November 24, 2025
Epaper
Home විශේෂාංගLuggage ඇසුරුමේ රහස

Luggage ඇසුරුමේ රහස

විදෙස්ගත වන ඔබ දැනගත යුතුම කරුණු

by Shanaka Lakehouse

විදෙස් රටක පදිංචි වීමේ සිහිනය සැබෑ කර ගත් ඔබ, සංචාරයක් සඳහා විදෙස්ගත වන ඔබ, විදෙස්ගතව සිටින මිතුරන් සඳහා තවත් විදෙස්ගත වන කෙනෙකු හරහා දේවල් යවන්නේ නම්… මේ ආදී කුමන කරුණක් නිසා හෝ ඔබ විදෙස්ගත වන්නේ නම් අවශ්‍ය වන දෑ බහාලූ ගමන්මලු ගෙන යන්නට සිදුවේ. මෙහිදී ප්‍රධාන වශයෙන් luggage සහ Hand luggage එකක් ගෙනයයි.

මේවාහි බහාලමින් ගෙන යන දෑ පිළිබඳ යම් එකඟතාවක් පවතී. ලෝක ගුවන් ගමන් සම්ප්‍රදායට අනුව අතේ ගෙනියන හෙවත් Hand luggage සඳහා ගෙනයා හැකි බර ප්‍රමාණය වන්නේ කිලෝග්‍රෑම් 7කි. Main luggage එක කිලෝ ග්‍රෑම් 30, 32…ප්‍රමාණයෙන් විය යුතුවේ.

luggage එක pack කර ගැනීම තමා විසින්ම සිදු කරගැනීම සුදුසුය. ඒ අනුව එහි අඩංගු දෑ පිළිබඳ ඒ ඒ දේවල් අඩංගු කර ඇති තැන් පිළිබඳ තමාට හොඳ අවබෝධයක් ලැබේ. මේ සෑම දේකින්ම අවධානය යොමු කරන්නේ ආරක්ෂාවයි.

පසුගිය වසර 10කට ආසන්න කාලයේ පටන් LAG ⁣සඳහා ඇතුළත් වන දෑ Hand

luggage එකෙහි බහාලීමට අවසර නැත. LAG ලෙස දක්වා ඇත්තේ

  • Liquid
  • Aerosol
  • Gas යන්නයි.

මේවායින් මිලිලීටර් 100 දක්වා ප්‍රමාණයක් Hand luggage හි ගෙන යෑමට අවසර තිබේ. ඉන් එහාට වැඩිවන ප්‍රමාණයන් ගෙන යා නොහැකි වේ. ඒවාද ආරක්ෂිත බහලුම්වල බහා තිබිය යුතුයි.

නමුත් ඒ ඒ Airportවල duty Free එකෙන් ගන්නා දෑ මේ සඳහා අයත් නොවේ. ඒවා ගෙන යන්නට අවසර ලැබේ.

Hand luggage හි ගෙන යා හැකි නමුත් Check luggage හි ගෙන යා නොහැකි දෑ මෙන්ම Hand luggage හි ගෙන යා නොහැකි, එහෙත් Check luggage ගෙන යා හැකි දෑ තිබේ.

එසේම රටින් රටට ද ගෙන යා හැකි, නොහැකි භාණ්ඩ තිබේ. හැම රටකටම පාහේ මල් පැල, පලතුරු ආදිය අවසරයකින් තොරව ගෙන යෑමට නොහැකි වේ. මේවා විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට ද ගෙන ඒමට අවසර නැත.

ඖෂධ වර්ග

තමාට අවශ්‍ය ඖෂධ වර්ග ගෙන යාමට අවස්ථාව තිබේ. එහෙත් එකවර වැඩි ප්‍රමාණයක් ගෙන යන්නේ නම් Presscription එකක් තිබීම අත්‍යවශ්‍ය වේ. පැනඩෝල්, අසමෝදගම්, කැස්සට ගන්නා සිරප්, පස්පංගුව වැනි දෑ රෝගවලට ගන්නා ඖෂධවලට අමතරව තිබිය යුතුයි.

එක් එක් රටවලට බලපාන නීති තරමක් එහා මෙහා විය හැකියි. මේ රේගු සීමා පිළිබඳව අන්තර්ජාලය පරීක්ෂා කිරීමෙන් දැනුම්වත්වත් විය හැකියි. තමා යන රටේ රේගු සීමා පිළිබඳව හොඳ අවබෝධයක් ඇත්නම් ගුවන්⁣තොටුපළේදී කිසිම කලබලයක්, වදයක් නොවී ගමනාන්තය දක්වා යා හැකියි.

ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, ජපානය, කොරියාව වැනි රටවල දැඩි රේගු සීමාවන් තිබේ. ගමනාන්ත නීති පරීක්ෂා කර ගමන් මලු සඳහා අවශ්‍ය දෑ එක්කර ගැනීම වැදගත් වේවි.

ආහාර පාන

  • සීල් කළ, පැකට් කළ, ටින් කළ, වියළි කෙටි ආහාර
  • සීල් කළ බිස්කට්, චොකලට්
  • කුඩු කළ පාන මිශ්‍රණ
  • තේ බෑග්/ ක්ෂණික කෝපි පැකට්
  • ක්ෂණික නූඩ්ල්ස්/ සුප්පැකට්
  • වියළි පලතුරු
  • සීල් කළ කුළුබඩු
  • රික්තක මුද්‍රා තැබූ වියළි මාළු මස් (ගමනාන්තයේදී අදාළ රටේ අවසරය දී ඇත්නම් පමණක් ගෙනයන්න)
  • මීට අමතරව කෙටි ආහාර ලෙස
  • කිරි ටොෆි, සීල් කළ මුරුක්කු,
  • මැගී නූඩ්ල්ස්, වියළි කරපිංචා,
  • සහල් පිටි, බැදපු රටකජු
  • ආදිය ගෙනයා හැකියි.

ඇසුරුම් කරන අන්දම

  • සීල් කළ ඇසුරුම් භාවිත කිරීම වඩාත් සුදුසුයි.
  • කුළුබඩු ආදිය බෑග් දෙකක පමණක් දමා සීල් කිරීම සුදුසු වේ.
  • වියළි කරවල, හාල් මැස්සෝ,
  • උම්බලකඩ…. නිවෙසේ සෑදූ දේවල් ගෙන යන්නේ නම් එහි අන්තර්ගතය ලේබල් කළ යුතුයි.
  • වීදුරු භාජන සහිත ඇසුරුම්වලින් හැකිතාක් වැළකී සිටීම ද සුදුසු වේ.

 

ගමන් මලුවල ගෙනයා නොහැකි දේ

  • නැවුම් පලතුරු සහ එළවළු (මේවා බොහෝවිට තහනම් වේ)
  • නැවුම්ව පිසූ ආහාර (නරක් වීමේ අවදානම ඇත)
  • තෙත ගතියෙන් යුතු ව්‍යාංජන හෝ සම්බෝල(මේවා කාන්දුවීමට පුළුවනි.)

ගුවන් ගමන අතරතුරදී ගුවන් යානය නවතා තබන ගුවන් තොටුපළකදී යානයෙන් බැහැරව යන විට ඔබගේ වටිනා භාණ්ඩයන් සියල්ලම රැගෙන යන්න. එමෙන්ම ගමනාන්තයේදී ගුවන් යානයෙන් පිටව යන විට ඉහළ පිහිටි ‍රාක්කයේ ඇති ගමන් මල්ල ඇතුළු ඔබගේ බඩුබාහිරාදිය සියල්ල ඇති බව සහතික කරගන්න.

නොමිලේ අතේ රැගෙන යා හැකි ගමන් මල්ලට අමතරව පහත සඳහන් භාණ්ඩයන් ද රැගෙන යාමට අවසර ලැබෙනු ඇත.

  • එක් ලැප්ටොප් පරිගණකයක්
  • Power bank, ලිතියම් බැටරි, චාජර්, මොබයිල් ෆෝන්
  • කාන්තාවන් සඳහා එක් අත්බෑගයක්, එක් පසුම්බියක් හෝ අත්පොතත්
  • උඩ කබායක්,පොරවනයක් හෝ ලොම් කබායක්
  • කුඩයක් හෝ සැරයටියක්
  • කුඩා කැමරාවක් සහ /හෝ දූරදර්ශකයක්

ළදරුවන් සමඟ ගුවන් ගමන්වල යෙදෙන ගුවන් මගීන් සඳහා පරිභෝජනයට ගැනීම සඳහා ළදරු ආහාර ගෙන යා හැකි 22”x15”x8” (සෙමී 55x38x20) පරිමාණයෙන් යුත් එක් බෑගයක් සහ රාත්තල් 11 (කිලෝග්‍රෑමි 05 ) බරින් නොවැඩි ළදරුවා පිරිසිදු කරන කටයුතු සඳහා අවැසි ද්‍රව්‍ය සහ බැහැර කරන රෙදිපිළි රැගෙන යා හැකිය.

ළදරුවා රැගෙන යා හැකි පැසක් හෝ සම්පුර්ණයෙන්ම ඇකිළිය හැකි ළදරු කරත්තයක් (මැදිරිය තුළ රැගෙන යාමට ඉඩ ඇත්නම් පමණි.එසේ නොහැකිවුවහොත් පිරික්සුම් ගමන් මලුවක් ලෙස රැගෙන යා හැකිය)

අතේ රැගෙන යා හැකි ගමන් මලුව පහත සඳහන් නිර්ණායකයන් මත රැගෙන යාමට ඉඩ නොදෙනු ඇත.

  • බර ,ප්‍රමාණය සහ ස්වභාවය අනුව ගුවන් ගමන සඳහා සුදුසු නොවන විට
  • ආසනය යට රැඳවිය නොහැකි නම් හෝ උඩින් ඇති රාක්කවල ඇසුරුමට නොහැකි විට
  • ක්‍රමානුකූලව අසුරා නොමැති විට
  • අතේ රැගෙන යා හැකි ගමන් මලු‍ සඳහා පනවා ඇති සීමාවන් අනුගමනය කිරීම

මෙය අතිශයින් වැදගත් වන්නේ එමඟින් ගුවන් මගීන්ට මෙන්ම සත්කාරක කාර්ය මණ්ඩලයට ද සිදුවන අනතුරු අවදානම අවම කරගැනිමට හැකි වන බැවිනි.අතේ රැගෙන යන බරින් වැඩි ඕනෑම ගමන් මල්ලක් ගුවන් යානයට පිවිසුම් වන දොරටුවේදී ඉවත් කර අමතර ගමන් මලු ගාස්තුවකට යටත් කෙරෙනු ඇත.

 

TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?