බ්ලැක් ෆොරස්ට් ගැටෝ විශේෂ අතුරුපසක් ලෙසින් ඕනෑම අවස්ථාවට ගැළපේ. නිරිතදිග ජර්මනියේ මුලින්ම සාදන ලද ගැටෝ කේක් විශේෂයට අයිති කේක් එකකි මේ. මෙය සෑදීමට චෙරි යොදා ගන්නා අතර පයින් ගසක පොතු හැඩයටයි කේක් එක වටේ නිර්මාණය කළ යුත්තේ.
මුලින්ම අපි ස්පොන්ජ් කේක් එක හදා ගනිමු.
චොකලට්ස්පොන්ජ් කේක්
අවශ්‍ය දේවල්
- කුඩු කරගත් සීනි ග්‍රෑම් 400ක් (කප් 2ක්)
- පාන් පිටි ග්‍රෑම් 300ක් (කප් 2 3/4ක්)
- කොකෝවා කුඩු ග්‍රෑම් 82ක් (කප් 1ක්)
- බේකිං සෝඩා තේ හැඳි 2ක්
- බේකිං පවුඩර් තේ හැඳි 1ක්
- බටර් ග්‍රෑම් 200ක් (කප් 1ක්)
- බිත්තර සුදු මද 5ක්
- බිත්තර කහ මද 5ක්
- කිරි ග්‍රෑම් 220ක් (කප් 1ක්)
- ලුණු තේ හැඳි 1/2ක්
- වැනිලා තේ හැඳි 1ක්
- සන්ෆ්ලවර් තෙල් කප් 1/4ක්
සාදන ආකාරය
1. මුලින්ම බිත්තර සුදු මද, කහ මද වෙන්කර ගෙනභාජන දෙකකට දාගන්න.
2. පාන් පිටි, කොකෝවා කුඩු, බේකිං පවුඩර්, බේකිං සෝඩා, ලුණු හොඳින් මිශ්‍ර වන තුරු තුන් වරක් හලා ගන්න.
3. කේක් එක බේක් කරන ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් හෝ බටර් ටිකක් ගාලා පාන් පිටි හෝ කොකෝවා කුඩු ටිකක් ඉහගන්න.
4. මුලින් අවන් එක රත් වෙන්නට සෙල්සියස් අංශක 180ට දාගන්න.
5. වතුර පොඩ්ඩක් වත් නැති භාජනයක මුලින්ම සුදු මද හොඳින් බීට් කරගන්න.
6. ඉන්පසු බිත්තර කහ මද බීට් කරන්න. කහ මදවලට සීනි සහ බටර් දමා හොඳින් ක්‍රීම් එකක් වගේ වෙනකම් බීට් කරන්න. ඒ මිශ්‍රණයට ඔයිල්, වැනිලා එකතු කර හොඳට මිශ්‍ර කරන්න.
7. දැන් එම මිශ්‍රණයට හලා ගත් පිටි මිශ්‍රණයෙන් හා කිරිවලින් ටික ටික දාන ගමන් spatula එකකින් හොඳින් මිශ්‍ර කරන්න.
8. ඒ මිශ්‍රණයට කලින් අපි සාදා පැත්තකින් තිබ්බ බිත්තර සුදු මද මිශ්‍රණය ටික ටික එකතු කර spatula එකකින් එහා මෙහා පෙරළා ගන්න.
9. කේක් තැටියට මිශ්‍රණය දාගෙන අවන් එකට දමා විනාඩි 35ක් බේක් කර ගන්න.
දැන් අපි කේක් එක මැදට දාන (sandwich) චෙරි ෆිලින් එක හදා ගනිමු.
අවශ්‍ය දේවල්
- සීනි ග්‍රෑම් 50ක්
- කෑන් චෙරි ග්‍රෑම් 450ක්
- වතුර මේස හැඳි 1ක්
සාදන ආකාරය :
1. චෙරි කෑන් එකෙන් ඉවතට අරගෙන චෙරි ගෙඩි සහ එහි ඇති දියර මිශ්‍රණය වෙන් කර ගන්න.
2. චෙරි දියර ටික පෑන් එකකට දාලා ඒකටම සීනි දමා රත් කරන්න.
3. හොඳට සීනි දියවෙලා බුබුළු දමා ගෙන එනකොට ඒකට චෙරි ගෙඩි ටිකත් එකතු කරන්න.
4. වතුර තේ හැඳි 2ක් දිය කර චෙරි මිශ්‍රණයට එකතු කරන්න.
බුබුළු දා පෙණ ගතිය නැති වුණාම ළිප නිවලා මිශ්‍රණය හොඳට නිවෙන්න තියන්න.
සීනි සිරප්
අවශ්‍ය දේවල්
- සීනි ග්‍රෑම් 50ක්
- වතුර කෝප්ප 1/2ක්
සාදාගන්නා ආකාරය
1. භාජනේකට සීනි, වතුර දමන්න. ළිපේ තබා බුබුළු එනකල් හැඳි ගාමින් රත් කරන්න. දැන් නිවෙන්න තියන්න.
විපින් ක්‍රීම්
අවශ්‍ය ද්‍රව්‍ය
- හෙවි ක්‍රීම් කප් 3ක්
- අයිසිං සීනි කප් 3/4ක්
- සාදා ගන්නා ආකාරය
1. බීට් කරන්න ගන්න භාජනය සහ විස්ක් එක පැය බාගයක් ෆ්‍රිජ් එකේ තියලා ගන්න.
2. දැන් සිසිල් කරගත්තු භාජනයට හෙවි ක්‍රීම් සහ සීනි එකතුකර අඩු ස්පීඩ් එකෙන් පටන් අරන් වේගය වැඩිකර ස්පීඩ් එකට දමා විනාඩි 10ක් විතර පදම එනතුරු බීට් කරන්න. ගොඩක් බීට් කරන්න එපා.
අපි දැන් කේක් එක සරසා ගනිමු
1. මුලින්ම කේක් එක කොටස් තුනකට කපා වෙන්කර ගන්න.
2. බ්‍රෂ් එකක් ආධාරයෙන් සීනි සිරප්වලින් කේක් කෑලි 3 හොඳට පොඟවා ගන්න.
3. විපින් ක්‍රීම් එක පයිපින් බෑග් එකකට දමා කැමැති හැඩයේ නොසල්ස් එකක් භාවිත කර මැද සැන්ඩ්විච් කර ගන්න.
4. ඉන්පසු චෙරි ෆිලින් එකෙන් ටිකක් අරන් විපින් ක්‍රීම් තට්ටුවට උඩින් අතුරා ගන්න.
5. මේ ආකාරයට කොටස් කීපයම සැන්ඩ්විච් කරන්න. කැමැති නම් තට්ටු 3ක් නැතිනම් 6ක් වශයෙන්. ඒක තමන් කැමති ආකාරයට කර ගන්න පුළුවන්.
6. දැන් තියෙන්නෙ විපින් ක්‍රීම් එක කේක් එක වටේ ගා ගන්න.
7. ඊළඟට අපි කලින් ගාගෙන සූදානම් කරගත්ත චොකලට් උඩින් දමන්න.
විපින් ක්‍රීම් ද එකතුකර කැමැති විදිහට සරසා ගන්න.
කේක් එක ෆ්‍රිජ් එකේ දාන්නම ඕෙන. සාමාන්‍ය උෂ්ණත්වයේ පැය 6ක් පමණ තබා ගන්න පුළුවන්.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
