සිංහල ගායන වංශකතාවේ අමරණීය පිටුවක් පෙරළුෑ රුක්මණී දේවියගේ මධුර ස්වරය යුග ගණනාවක් පුරා අප අතර රැව් පිළිරැව් දෙයි.
රටක් ආදරය කළ ඇයගේ ගීත ප්‍රිය කළ ගායිකාවක් ලෙස යමුනා සෙනෙවිරත්න කැපී පෙනේ. රුක්මණී දේවියගේ හඬ අනුකරණය කරමින් ඇය එම හුරුව වසර ගණනාවක් පුරා රැක ගත්තාය.
එලෙසින් ගායන ලෝකයට ප්‍රවිෂ්ට වූ යමුනා සෙනෙවිරත්න පසුගියදා ඇයගේම ස්වතන්ත්‍ර නිර්මාණයකට පිවිසියාය. ‘සයුරු වැලක් විලසේ’ නම් වූ මෙම ගීතයේ පද රචනය වර්නන් පෙරේරා විසින් සිදු කර ඇති අතර, එය අර්නස්ට් සොයිසා සංගීතවත් කර ඇත. ගුරුවරියක ලෙස තම වෘත්තීය ජීවිතයෙන් විශ්‍රාම සුවය ලබන ඇයගේ මෙම ගීතය මේ වන විටත් ශ්‍රාවකයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ.
යමුනා සෙනෙවිරත්න මේ වන විට ගීත ලෝකයේ දිගු ගමනක් යන්නට පෙරුම් පුරමින් සිටින්නීය.
