
හොඳම කවිය
චෙස්
කළු සුදු කොටු අතර
අනවරත
තරගයෙන් ඉක්බිති
කින්ග්
ක්වීන්
නයිට්
එකම
පෙට්ටියක
ප්‍රසාද් ඉන්දික ගුණරත්න
ප්‍රසාද් ඉන්දික ගුණරත්නගේ ‘චෙස්’ නම් කවිය මේ සතියේ හොඳම කවිය ලෙස තෝරා ගමි. ‘චෙස්’ ලෙස නම් කොට ඇති මේ කවිය මිනිස් ජීවිතයේ ඉරණම පිළිබඳව සියුම් ඉඟි කිරීමක් කරයි. රජතුමා ද යාචකයා ද මරණයට මුහුණ දෙති. අඩු වචන සංඛ්‍යාවකින් ගැඹුරු අරුතක් ප්‍රකාශ කිරීම ප්‍රසාද් ඉන්දිකගේ අරමුණ බව පෙනෙයි.
*************************************************************

උපුටාගත් කවිය
පාරාවළලු
බත් මාළු උයා මේසයට තියා
රසට සුවඳට මිහිරිව
දරුවන්ට රහසින්
දංකුඩ සූරාගෙන කා
කුසගිනි නිවා ගත් අම්මා
අද මහලු මඩමේ
හිමිදිරියේ සිට
ඇඳිරි වැටෙනතෙක්
වේල සරිකරන්නට
දහඩිය හෙළමින්
වෙහෙසුණු අප්පච්චි
අද අගුපිලක
උඹටත් දරුවන්
ඉන්නවා නේද පුතේ?
උඹත් මවු පදවිය
ලැබුවා නේද දුවේ?
උඹලගේ දරුවොත්
ලොකු මහත් වෙලා
කරදඬු උස්මහත් වෙලා
මේ ආදර්ශයම ගත්තොත්
පෙරළා කොහොමට හිටී ද
රඹුක්කන කීර්ති එස්. කුමාර
*************************************************************
පැතුම
තිඹිරිගෙයදි නුඹෙ වත මා දකිද්දි
සියුමැලි කොපුල්
රත් පැහැයක් ගනිද්දි
තුරුලට හණික ගෙන
සෙනෙහෙම පොවද්දි
දුටුවා නුඹෙ ලෝකය හෙට දිනේදි
ටික ටික නුඹෙ පා යුග
එසවන කලට
සුරතින් මවෙත අත්වාරුව
බලන විට
දෑතම දිගු නොකළෙ
අම්මා ඒ දවස
තනිවම නුඹත් වැටි වැටි
නැඟිටන් එන්න
රුවටත් එහා නුඹෙ ගුණ
තව වැඩිවෙන්න
රුවැති ගුණැති දියණිය
ලොව වෙත යන්න
අම්මා දුන්න ඒ වදනින් හුරුවෙන්න
නුඹට මෙන්ම ලොවටම සෙත සාදන්න
ලෝකය දිනන්නට
නුඹ දවසක නික්මේවි
අම්මා දුන්න ඒ ඔවදන් සිහිවේවි
ගල් පර අතර හෙට
නුඹ නොවැටිව යාවි
දිනෙක නුඹත්
නිවෙසක පහනක් වේවි
සචිනි
*************************************************************

ගැහැනිය
උදෑසන කණිසමට අවදි වී වෙහෙසෙන්න
පැමිණෙන දුක් කඳුළු සෙනෙහසින් පිළිගන්න
වැඩ ලොවේ බාගෙටත් වැඩිය බර අරගන්න
පිරිමින්ට බැහැ, ගැහැනු අපි නැතිව හිනැහෙන්න
මුහුණු හය අත් දොළහ වෙලාවට මදි වෙන්න
ලෝකයේ ගැහැනුන්ට හැකිය පෙරමුණ ගන්න
ගැහැනු කඳුළැලි සලා පිරිමි මඟ නොසදන්න
සිදුහත් කුමරුටත් බැහැ ලොවට බුදුවෙන්න
ඩී.එම්.එස්. දර්ශිකා පන්නල
*************************************************************

කුහුඹු ගමන
නොනැවතී යන ගමන
බෑරක් ද
සැණකෙළි බිමක් වෙතද
දුක් පුවතක් අසාවද
කොයිබද
කඩිසරව දුවන අතරේ
උන් හිටි ගමන්
ආපසු හැරී එන්නේ
කලකිරීමෙන් ද
වන්දනා ගමනක් ද
උනුන් තුඩ තබ තබා අසන්නේ
කෝඩුකාරයින් ද
මඟ හසර හඳුනනා
පෙර පුරුදු ගමනක් ද
නැතොත් මඟ අස අසා යනවාද
සංසාර චාරිකාවක
චමින්ද රොෂාන්
*************************************************************
සෙනෙහස
දහසක් මල් පිබිදෙවුවා
අක්කේ නුඹ,
අපේ අම්මගෙ තාත්තගේ…
උසස් පෙළින් සමත් වෙලා
සරසවි ගිය දවසේ…
සතුට මෝදු වෙලා ගලා ගියා
අපේ අම්මගේ දෑසේ…
සරසවියට…
සරසවියට දිනෙන් දිනම ගතවීලා
අවුරුදු සතරක් ගෙවුවා…
පිරිහුණු අපේ ආර්ථිකය
නුඹ හින්දම හිඟ වූවා
එහෙත් නුඹට
අපේ අම්මා තිබුණු එකම
වස්තු කැටය
දොල්්ලහේ කුඹුරු යාය
උකසට තිබ්බා…
ගත්තු උපාධියක් නැතේ… ඇයි? අක්කේ එහෙම කළේ…
නුඹට නොවෙද අපේ අම්මා
මුළු සේසත පිදුවේ…
දරු ගැබකුත් හදලා
අපහට ගින්දර දීලා
අතරමං වුණා…
ඒත් අපේ අම්මා නෑ…
නුඹ ගැන අහිතක් හිතුවේ..
“මට කිවුවා අනේ පුතේ”…
ගෙන්න ගනින් නුඹෙ අක්කා…
නෑ මට වැඩියක් ඒකී…
එල්.එම්. විජයරත්න
