නත්තල් කාලේ හැමෝගෙම සිත් සතුටින් ප්‍රබෝධයෙන් පිරී ඉතිරී ගිහින්. ඒ සතුටින් නිවෙස පුරාම අපූරු කළ එළියක් එක් කරන්න ඇත්නම් කෙතරම් අපූරු ද? මේ නත්තල් සැරසිලි නිර්මාණය කරන්නට සූදානම් වන ඔබට ඒ සඳහා කදිම අදහසක් ගෙන දෙන නිර්මාණාත්මක සැරසිලි කීපයකි.
මේ නත්තල් සැරසිලි නිර්මාණය සඳහා ඔබට නුග වැල්, වියළි තේ කෝටු, ෆෝම් කැබලි, කම්බි, වියළි කැලෑ දෙල් කොළ, පොයින්සෙටියා මල් , වර්ණවත් ක්‍රිස්මස් බෝල, රතු ඉටිපන්දම්, වියළි ෆයිනස් ගෙඩි, මහත තඹ කැබැලි යොදා ගත හැකියි.
අනෙක් සැරසිල්ල නත්තල් මේසයටය මේ සඳහා විවිධ ප්‍රමාණයට කපා ගත් ලී කොට කැබලි අවශ්‍යයි.
මුලින්ම මේ ලී කොට කැබලි සැරසිල්ලට අවශ්‍ය ආකාරයට මේසේ මැදින් රඳවා ගන්න. කම්බියක ආධාරයෙන් සම්බන්ධ කරගන්න. ඒ වටා නුගවැල් ඔතා ගන්න. ඉන්පසු වල්දෙල් කොළ ෆෝම් එක මත අවශ්‍ය ආකාරයට රඳවා ගන්න. ෆයිනස් ගෙඩි ඒ ආකාරයටම ඒ අතරින් රඳවා ගන්න.
වර්ණවත් ක්‍රිස්මස් බෝල සහ පොයින්සෙටියා මල් රඳවා ඒ අතරට වියළි තේ කෝටු ගසා ගන්න. දැන් ලී කොට කැබලි මත දල්වා ගත් රතු ඉටිපන්දම් රඳවාගත හැකියි.
TEXT – අචිනි ලක්මාලි
