සීතල ඍතුවේ උදාවත් සමඟින් අපට දැනුම් දෙන්නේ නත්තලේ අසිරිමත් බවයි.
සුන්දර නත්තල සඳහා සූදානම් වන ඔබට නිවෙස සරසා ගැනීමට ඔබේ අතින්ම ඉතා පහසුවෙන් පොයින්සෙටියා මලක් (Poinsettia Flower) සකසා ගත හැකි ආකාරය අද අපි බලමු. පයිප් ක්ලීනර් මඟින් සකසා ගන්නා මෙම මල් යොදා ගෙන ඔබට ස්වයං රැකියා අවස්ථාවක් සකසා ගැනීමටත් හැකියාව ඇත.
සෑදීමට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය
1. පයිප් ක්ලීනර් (රතු සහ කොළ)
2. බයින්ඩින් කම්බි
3. පබළු (රත්රන් වර්ණයෙන් යොදා ගන්නේ නම් සුදුසුයි.)
නිර්මාණය සකස් කිරීමට පියවර
01 පියවර
මලේ පෙති සකසා ගැනීම
පයිප් ක්ලීනර් තුනක් ගෙන රූපයේ දැක්වෙන පරිදි මැදින් නවාගෙන, තවත් පයිප් ක්ලීනර් එකක් ගෙන කලින් නවා ගත් පයිප් ක්ලීනර් තුන තුළින් යවා අඹරවා ගන්න. (රූප අංක 01 සහ 02)
ඉන්පසු රූපයේ දැක්වෙන පරිදි සියලුම පයිප් ක්ලීනර් එකතුකර පෙත්තක් ආකාරයට සකසා ගන්න. (රූප අංක 03)
එවැනි පෙති රතු පාටින් 5ක් සහ කොළ පාටින් 5ක් සකසා ගන්න. (නත්තල සඳහා රතු සහ කොළ වර්ණ භාවිත කරන බැවින්) (අංක 04 රූපය)
02 පියවර
කම්බියක් ගෙන අඟල් 4ක පමණ ප්‍රමාණයේ කැබලි 3ක් කපා ගන්න. ඉන්පසු රූපයේ පෙනෙන ආකාරයට කම්බි මැදට වන්න පබළුවක් දමා හොඳින් අඹරවා ගන්න. (රූප අංක 05)
03 පියවර
පබළු දමා සකසා ගත් කම්බි 3 එකට තබා තවත් කම්බියකින් ඔතා ගන්න. (රූපය අංක 06)
ඉන්පසු එම කම්බිවලට පිටින් සකසා ගත් පෙති එකිනෙක තබා තවත් කම්බියකින් ඔතා ගන්න. (අංක 07 රූපය)
ඔබට මෙම පොයින්සෙටියා මල නත්තල සඳහා බිත්ති සැරසිල්ලක් ලෙස හෝ මෙම මලට ස්ටික් එකක් සම්බන්ධ කර පෝච්චියකට දමා ගැනීමට වුවද සකසා ගත හැකියි.
ඉතින් ඔබත් වෙනස් විදිහකට සිතන නිර්මාණශීලි කෙනෙක් නම් මෙය උත්සාහ කර බලන්න. මෙම නිර්මාණවලට ඉතා ඉහළ දේශීය සේම විදේශීය වෙළෙඳපොළක් තිබෙනවා. නිෙවසට වී සිටින කෙනෙක් නම් මේ වගේ නිර්මාණයක් කරන්න ලොකු වෙලාවක් ගත වන්නේ නැහැ. ඉතින් උත්සාහ කර බලන්න. ඉතා ලස්සන නිර්මාණයක් අවසානයේ මනසට කියා නිමකළ නොහැකි සතුටක් ලැබෙනු නොඅනුමානයි. මේ මනස සුවපත් කරන්නා සේම ආදායම් මාර්ගයක් පහසුවෙන් උපයාගත හැකි කලාවකි.

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
