Monday, December 1, 2025
Epaper
Home ජ්‍යෙතිෂයදෙසැ.01 සිට දෙසැ.07 දක්වා

දෙසැ.01 සිට දෙසැ.07 දක්වා

by Shanaka Lakehouse

මේෂ

අන් අය හා තරමක් ගැටෙන ස්වභාවයක් මතු වේ. අහිමිවීම් – අලාභහානි කරදර තරමක් යෙදෙන සතියකි. ගමන් බිමන් යාමේදී පරිස්සම්වන්න. ශාරීරිකව නිතර උෂ්ණ රෝග වැඩි වේ. මූත්‍රා ආශ්‍රිත රෝග මතුකරයි. වතුර පානය ඉහළ නැංවිය යුතුය. කිරීමට සිතන කටයුතුවලට සතුරු කරදර මතු වේ. පරිස්සම් වියයුතු සතියකි.

වෘෂභ

නඩු හබ පැටලිලිවලට යෝග ඇති අතර ඉන් පරාජය විය හැකියි. ඒවා කල් දමා තැබීම ඉතා යහපත් වන සතියකි. ආදර සබඳතා බිඳවැටෙන හා සැකය මුල්කරගෙන ප්‍රශ්න මතු වේ. වැය පස වැඩි වේ. මුදල් නාස්ති වන යෝග ඇත.

මිථුන

හෘද රෝග හා ශල්‍යකර්මවලට යාමට තිබූ වෛද්‍ය ප්‍රතිඵල වෙනස් වන, ඔබට සහනය ගෙනෙන සතියකි. ඊර්ෂ්‍යාකාර සතුරු කරදර හා සේවක ප්‍රශ්නවලට නිවැරැදි විසඳුම් ලැබේ. සාධාරණය ලබන සතියකි. පියාට, සැමියාට, සොහොයුරාට තරමක් අපල මතු වේ.

කටක

හෘද රෝග උත්සන්න වන, පීඩනය තරමක් වැඩි වන සතියකි. පාසල් දරුවන්ට හදිසි අනතුරු මතු කරයි. ලාභය වාසිය අඩු වන සතියකි. දුරදිග බලා කටයුතු කළ යුතු සතියකි. නොදන්නා දෙය කිරීමට ගොස් අපහාස පීඩා ලබන යෝග ඇත. පරිස්සම්වන්න.

සිංහ

පියා සමඟ ගැටීම් ඇතිවන නුරුස්සන ගති, ඉක්මන්කාර ගති මතුවන වැඩිකර සතියකි. වාහන අනතුරු වීමෙන් ප්‍රවේසම් වන්න. තමා අතින් අන් අයට ද අනතුරු විය හැකියි. තීන්දු අපහාසයන් සමඟ ජනප්‍රිය වන යෝග ඇත. නීතිවිරෝධි වැඩවලින් පරිස්සම්වන්න. ලියකියවිලි ප්‍රශ්න මතු වේ. පරිස්සම්වන්න. නීති ප්‍රශ්නවලින් ද පරිස්සම් විය යුතු වේ.

කන්‍යා

උත්සාහය, උද්‍යෝගය වැඩිපුර මතුකරනා සතියකි. අන් අය හසුරවාගෙන පාලනය කරගෙන යන යෝග ඇත. හොඳ කල්පනා ශක්තියක් ඇති වේ. තම ජීවිතයට අදාළ සුබ පණිවුඩයක් ලැබීමට භාග්‍ය ඇත. පවුලේ සමගිය ඇති වේ. නව රැකියා ලාභ හිමි කරයි.

තුලා

විකුණුම් ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට සුබ සතියකි. භූමි ලාභ වගා ලාභ ලබයි. නීති වෘත්තියෙන් ප්‍රසිද්ධියක් ලබයි. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ අය තරමක් කල්පනාකාරී විය යුතු අතර අත්වැරැදීම්වලට යෝග අැත.

වෘශ්චික

තම තේජස සහ නායකත්වය ඉහළ යන යෝග ඇත. රැකියාවේ උසස්වීම් ඇති කරයි. තම දක්ෂකම් ඉස්මතු වී පෙනෙන සතියකි. අන් අය අතර උසස් තැනක් හිමි වේ. ස්වාභාවික දේවලින් ලාභ හිමි වේ. සතුරන් නැති වී යන සතියකි.

ධනු

වැයපස අධික වන අතර නිෂ්ඵල වියදම් ඇති වේ. ආරක්ෂක සේවයේ යෙදෙන අය ඉතා පරිස්සම්වන්න. ස්ථිර විවාහ යෝග මතුවන සතියකි. චරිතයට හානි ගෙන දේ. තීන්දු අපහාස සතුරු කරදර මතුකරයි. හෙද සේවයේ හා වෛද්‍ය ක්ෂේත්‍රයේ නියුතු අයට ඉතා පරිස්සම් විය යුතුයි. වෘත්තීමය කරදර මතු වේ.

මකර

පෙර පැවති අපල තත්ත්ව මඟහැරී යයි. ඉවසීම ඇතිව තම කටයුතු එදිනෙදා කරනා යෝග ඇත. පෙර පැවති සතුරු කරදර මඟහැරී යයි. දරුවන්ගේ දියුණුවක් දැක සිත සතුටුවන සතියකි. මුනුපුරු මිනිබිරියන් ලබන යෝග ඇත. පිරිසුදුකම නිසා ලෙඩ අඩු වේ. උෂ්ණ රෝග මතු වේ.

කුම්භ

දේශපාලන අංශයට ඉතා සුබ වේ. තම තත්ත්වය උසස් කර ගන්නා අතර අන් පිටස්තර අයගේ සහාය ද හිමි කරයි. අලුත් ව්‍යාපාර දියුණු වේ. ඉඩකඩම් දේපළ හිමිවන සතියකි. පෙර නතර වී තිබූ කටයුතු නැවත අරඹන අතර යහපත ළඟා වේ.

මීන

අලුත් වැඩකට අතගසන යෝග ඇත. ආගමික කටයුතුවලින් ඉදිරියට යා හැකි කාලයකි. ශෘස්තෘෘවරයන්ගෙන් උපකාර උදා වේ. පෙර පැවති නීති ප්‍රශ්න යහපත් වන සතියකි. අන් අය අතර තත්ත්වයන් හිමි වේ. අධ්‍යාපනයේ සුබපල ද පිටරට අධ්‍යාපනික යෝග ද ඇත.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?