Monday, December 1, 2025
Epaper
Home පුවත්සුදේශ් වසන්තගේ නවතම සිනමා නිර්මාණය ‘රතී’ ඇරඹෙයි

සුදේශ් වසන්තගේ නවතම සිනමා නිර්මාණය ‘රතී’ ඇරඹෙයි

by Shanaka Lakehouse

බොක්ස් ඔෆීස් ජයග්‍රහණ රැසක් හිමිකරගත් ප්‍රවීණ අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස්ගේ පුත් සුදේශ් වසන්ත පීරිස් සිය 25 වැනි චිත්‍රපටය වන “රතී” නිර්මාණයට අත තබයි. මීට පෙර ඔහු අධ්‍යක්ෂණය කළ ‘හුස්ම’ සහ ‘සීරුවෙන්’ වැනි නිර්මාණ සිනමා රසික අවධානය දිනා ගත්තේය.

“රතී” චිත්‍රපටයේ මුහුරත් උලෙළ කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. ප්‍රවීණ ලේඛක සරත් ධර්මසිරි විසින් තිර රචනය කළ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත ඩිස්නි රාජපක්ෂ සමඟ චමීර ලියනගේ නිරූපණය කරති.

මෙම සිනමා කෘතිය සඳහා ගාමිණි මොරගොල්ලාගම කැමරා අධ්‍යක්ෂණයෙන්, විමල් දේශප්‍රිය සහාය අධ්‍යක්ෂණයෙන්, කේශාන් පෙරේරා සංගීතයෙන් දායක වේ. රොඩ්නි වැන්ටුවෙස්ට් වේශ නිරූපණයෙන්, ප්‍රියාන් ශ්‍රී ඇඳුම් නිර්මාණයෙන්, සරත් සමරවික්‍රම විධායක කලා අධ්‍යක්ෂණයෙන් සහ චන්දන ප්‍රියංකර කලා අධ්‍යක්ෂණයෙන් එක්වන මෙම නිර්මාණයට ගීතා කාන්ති ජයකොඩි,ග්‍රේස් ආරිය විමල් ඇතුළු නළු නිළියන් දායකත්වය සපයයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?