Monday, December 1, 2025
Epaper
Home පුවත්සුනිල් කොස්තාගේ අධ්‍යක්ෂණයෙන් ‘උරුවිසි’ නැවතත් වේදිකාවට

සුනිල් කොස්තාගේ අධ්‍යක්ෂණයෙන් ‘උරුවිසි’ නැවතත් වේදිකාවට

by Shanaka Lakehouse
කීරගල ආරච්චි මහතා සිහිකරමින් ආගමික වතාවත් සිදුකළ මොහොත

අසූව දශකයේ ලාංකේය ප්‍රේක්ෂකාගාරය විසින් මහත් ඉහළින් වැලඳගත්, ඩී. කීරගලආරච්චිගේ මුල් නාට්‍ය නිර්මාණය වූ රාජ්‍ය සම්මාන දිනූ ‘උරුවිසි’ නාට්‍යය නව නිෂ්පාදනයක් ලෙස නැවත වේදිකාගත කිරීමට සූදානම් වේ. මෙහිදී මෙම නාට්‍යයේ මුල් නිර්මාණකරු වූ ඩී. කීරගල ආරච්චි මහතාට උපහාරයක් ලෙසින් ඔහු සිහි කරමින් නාට්‍යය ආරම්භ කිරීම සිදුවිය.

නව නිෂ්පාදනයේ මුහුරත් උලෙළ පසුගිය දා බොරැල්ලේ පුංචි තියටර්හිදී පැවැත්වුණු අතර එයට නළු නිළියන්, මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් රැසක් සහභාගි විය.

‘උරුවිසි’ නව නිෂ්පාදනය අජානි පෙරේරා මහත්මියගේ වන අතර, මෙවර අධ්‍යක්ෂණය ප්‍රවීණ කලාකරු සුනිල් කොස්තා මහතාගෙනි.

මුල් නාට්‍යයේ ‘උරුවිසි’ චරිතය වෙනුවෙන් වීණා ජයකොඩි මහත්මිය හොඳම නිළිය ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඇය මෙම නව නිෂ්පාදනයේද රංගනයෙන් දායක වේ.

මීට අමතරව කැලුම් විජේසූරිය, අවන්ති අපෝන්සු මාලි ජයවීරගේ, අනුරාධ මල්ලවාරච්චි, සුසිල් පෙරේරා, නිහාරි සෝමසිරි, විරාජ් පෙරේරා, ශාලිත ගුණවර්ධන සහ ඕදාත හංසක වැනි ජනප්‍රිය නළු නිළියන් සමඟ නවකයන් රැසක් රංගනයෙන් දායක වෙති. නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරණය ආචාර්ය සත්‍යජිත් ධර්මප්‍රිය බුත්පිටිය විසින් සිදු කරනු ලබයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?