සබරගමුව පළාතේ රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් රාශියක් සහභාගී වන දැවැන්ත රූපලාවණ්‍ය වැඩමුළුවක් දෙසැම්බර් 27 වැනිදා පැවැත්වේ. රත්නපුර නගර ශාලාවේ දී පවත්වනු ලබන මෙම වැඩමුළුව උදෑසන 9.00 සිට සවස 6.00 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
“කැලණි නදී Event” මනාලියන් දැක්ම සහ මෝස්තර නිර්මාණ ශිල්පීන්ගේ තරගාවලියෙන් මෙම වැඩසටහන අලංකාර වීමට නියමිතයි.
විවිධාංගීකරණ රැසකින් සමන්විත මෙම වැඩසටහනට ආධුනික මෙන්ම ප්‍රවීණ ශිල්පීන්ගේ මනාලියන් දැක්ම සහ මෝස්තර නිර්මාණ තරග ද ඇතුළත්ය. ක්ෂේත්‍රයේ දසක තුනක අත්දැකිම් බහුල ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිීන් දෙදෙනකු වන ලෙස්ලි කාවින්ද සහ කුමාරී ගුණසේකර විසින් Bridal Makeup, Facial, Hair Cut and Colour විශේෂාංග රැසක් සමඟ එදින වැඩමුළුව වර්ණවත් වණු ඇත.
එදිනට සහභාගි වන ඔබට රූපලාවණ්‍ය දැනුම පමණක් නොව, ආකර්ෂණීය තෑගි දිනා ගැනීමට ද අවස්ථාව හිමිවේ.
