Monday, December 1, 2025
Epaper
Home Recipeඇඹුල් කියලා බිලිං නොකා හිටියේ වටිනාකම නොදැන නේද?

ඇඹුල් කියලා බිලිං නොකා හිටියේ වටිනාකම නොදැන නේද?

by Shanaka Lakehouse

බිලිං කියන්නේ ලෝකයේ තියෙන පලතුරු වර්ගවලින් නිතරම වගේ අවතක්සේරු වන පළතුරු වර්ගයක්. තරමක් කාමරංගාවලට සමානකමක් දැක්වුවත් බිලිංවල කාමරංගාවලට සමාන නොවන තද ඇඹුල් රසක් තමයි අන්තර්ගත වෙන්නේ.

ඒවගේම ලොවපුරා විවිධ ඉවුම් පිහුම් කටයුතු සඳහා බිලිං භාවිත කරනවා. බිලිං සැලකෙන්නේ උෂ්ණාධික දෙයක් විදිහටයි. විටමින් B සහ C යකඩ, පොස්පරස් සහ විශාල ප්‍රතිඔක්සිකාරක බලයකින් සපිරි මේ පලතුරේ නිජභූමිය වන්නේ පිලිපීනයයි.

මේ බිලිං කියන පලතුර ලොවපුරා වගා කරන අනෙක් පලතුරු වර්ග තරම්ම ප්‍රසිද්ධියක් ඉසිලුවේ නැතත් අප නොසිතනා තරමේ විශාල පෝෂණ ගුණයක් බිලිං තුළ අන්තර්ගත වේ.

ප්‍රතිශක්තිකරණ පද්ධතියට, කොලජන් නිෂ්පාදනය කරන්න, ප්‍රතිඔක්සිකාරකයක් විදිහටත් බිලිං ඉතා වැදගත් වෙනවා. ඒ වගේම අපි කවුරුත් ආසයිනේ කෙට්ටු වෙන්න. බිලිංවල කැලරි ප්‍රතිශතය ඉතා අඩු බැවින් බර පාලනය කරන්නත් ඉතා වැදගත් වෙනවා.

කැස්සට ඖෂධයක් ලෙස මහදුරු ඇට කිහිපයක් සමඟ බිලිංගෙඩි තුනක් සහ සීනි එක්කර මිශ්‍රණයක් භාවිත කරලා ඔබට පුළුවන් ලේසියෙන්ම කැස්ස සුව කර ගැනීමට. තවද දියවැඩියාව සුව කරන ඖෂධයක් ලෙසද බිලිං ප්‍රයෝජනවත්. ඔබත් දියවැඩියාව රෝගයෙන් පීඩා විඳින අයෙක් නම් බිලිං ගෙඩි 6ක් ගෙන තළා වතුර වීදුරුවකට එක්කර වතුර පැසෙන කල් රත්කර නිවාගෙන දවසට දෙවරක් පානය කරන්න.

කුරුලෑවලට සුවය දෙන ඖෂධයක් ලෙස බිලිං තුළ අන්තර්ගත වන ආම්ලික ද්‍රාවණය නිසා ඵලදායීව කුරුලෑ සුවකර දීමේ හැකියාව තිබෙනවා. බිලිං ගෙඩියකින් කුඩා කැබැල්ලක් කපාගෙන ආසාදනය ඇති වූ ස්ථානයේ තබා සුවවීමේ ක්‍රියාවලිය සිදු වන තුරු විනාඩි කිහිපයක් සිට එම ස්ථානය පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

උගුරේ ඇති වෙන උල්ලෝගම් සඳහා ප්‍රතිකාරයක් ලෙස ද බිලිං භාවිත කළ හැකිය. මෙය දිලීර වර්ග නිසා මුඛයේ සහ උගුරේ ඇතිවෙන ආසාදන තත්ත්වයකි. ඇති වූ විට මුඛය තුළ සුදුපැහැති ලප ඇති වේ. මේ ප්‍රතිකාර ක්‍රමය තරමක් වේදනාකාරී වුවත් බිලිං තුළ අන්තර්ගත වන ආම්ලිකතාවය නිසා මෙය ඵලදායී ප්‍රතිකාර ක්‍රමයක් ‍ෙවනවා. ඔබටත් මේ ආසාදන තත්ත්වය ඇතිවෙලා නම් බිලිං ගෙඩියක් තළා ආසාදනය ඇතිවූ ස්ථානවල තබන්න.

දත් කැක්කුමට ප්‍රතිකාර ක්‍රමයක් ලෙස බිලිං ගෙඩියකින් ස්වල්පයක් වේදනාව ඇති දතේ තබාගන්න. මේ සරල ඖෂධය ෆාමසිවලින් ලබාගන්න තිබෙන වේදනා නාශකවලට වඩා ප්‍රබල ඖෂධයක් වේවි. ආහාර දිරවීම පහසු කරවීමටත්, ආහාර රුචිය උත්තේජනය කිරීමටත් බිලිං ඖෂධයක් විදිහට යොදාගන්නා නිසා මලබද්ධය රෝගීන්ට සුව ඔසුවක් වේ.

කටු ඇනුණු විට බිලිංගෙඩි උණු අලුවේ තම්බා බැඳීම සරල ප්‍රතිකාරයක් ලෙස

භාවිත කරනු ලබයි. තවද බිලිං කල්තබාගත හැකි අපුරු ආහාරයකි. ඒ බිලිං පෙති කපා ලුණු මිශ්‍ර කර වේළා ගැනීමෙනි. ඊට අමතරව විවිධ අයුරින් බිලිං පරිභෝජනය සඳහා සකසා ගනු ලබයි. ඒ අතරින් බිලිං වට්නි, බිලිං සම්බෝල, බිලිං ජෑම් සකසා ගන්නා ආකාරය බලමු.

බිලිං සම්බෝල

අවශ්‍ය ද්‍රව්‍ය

කුඩා බිලිං ගෙඩි 50ක් පමණ

උම්බලකඩ කුඩු

මේස හැඳි 01ක්

කහ ස්වල්පයක්

ලියූ අමු ඉඟුරු පෙති 02ක්

රම්පෙ

කරපිංචා

කෑලි මිරිස් අවශ්‍ය පමණට

කපාගත් රතු ලූනු අහුරක්

ලියාගත් සුදුලූනු බික් 03ක්

කුරුඳු කැබැල්ලක්

පොල්තෙල් මේස හැඳි 04ක්

ලුණු ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

හොඳින් සෝදා ගත් බිලිං පෙති කපාගන්න. එය ලුණු මිශ්‍ර වතුරේ පැය 1/2ක් පමණ තිබෙන්නට හරින්න. ඉන්පසු හොඳින් දිය මිරිකා හැර, අනෙක් ද්‍රව්‍ය සමඟ කලවම් කරන්න. අවසානයේ පොල්තෙල් ටික භාජනයකට දමා රත් කර, බිලිං මිශ්‍රණය එහි දමා විනාඩි කිහිපයක් බැද ගන්න.


බිලිං චට්නි

අවශ්‍ය ද්‍රව්‍ය :-

බිලිං ග්‍රෑම් 500ක්

ලුණු කැට ස්වල්පයක්

සීනි

කෑලි මිරිස්

අබ ස්වල්පයක්

තෙල් අවශ්‍ය පමණට

සාදන ආකාරය:-

මැටි හට්ටියක් ගෙන බිලිං ටික දාගන්න. එයට අවශ්‍ය ප්‍රමාණයට ලුණු දමා මඳගින්දර දමා හැළිය මැටි පියනකින් වසා තබන්න. එවිට බිලිං රත් වූ විට බිලිංවල තියෙන වතුර එළියට එන අතර ඒවා අයින් කර ගැනීම සිදු කළ යුතුය. වාර දෙක තුනකට සැරයක් හොඳින් කලවම් කර බලන්න. වතුර ඉවත් වූ පසු ඔබගේ රස අනුව සීනි එකතු කරගන්න. සීනි රත්වීගෙන එන විට නැවත වතුර ගතිය ස්වල්පයක් ඉතිරිවන ලෙස තම්බා ගන්න.

තෙම්පරාදුව සකසා ගැනීමට තවත් හට්ටියක් ගෙන එයට තෙල් ස්වල්පයක් රත් වෙන්න දමන්න. තෙල් රත් වූ පසු එයට අබ ඇට ස්වල්පයක් දමන්න. පසුව කෑලි මිරිස් ටිකක් වැඩියෙන් එකතු කර තෙලෙන් හොඳින් බැදෙන්න දෙන්න. ඉන්පසු අනෙක් හට්ටියේ සකසා ගත් බිලිං මෙම තෙම්පරාදුවට එකතු කරන්න. පැණි රස, ඇඹුල්, සැර තමන්ට අවශ්‍ය පරිදි සකසා ගන්න. මෙය බෝතලයකට දමා මාසයක් පමණ කල්තබා ගැනීමට ද හැකියාව පවතී.

TEXT – තරුෂී පතිරණ

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?