මේෂ
වාහන පැදවීමෙන් පරෙස්සම් වන්න. ඉක්මන්කාර ගති නිසා පාඩු, හානි, අනතුරු ඇති වීමට යෝග ඇත. ශරීරය උෂ්ණාධික වේ. ස්නායු හා ශරීර අභ්‍යන්තර රෝග උත්සන්න වන කාලයකි. හදිසි අනතුරු හා සතුරු කරදර ද සිදුවිය හැකි අතර ශල්‍ය කර්මයන්ට භාජනය වන ඔබ එය තරමක් ප්‍රමාද කළ යුතු සතියකි.
වෘෂභ
විවාහය තුළ ප්‍රශ්න මතු කරයි. නීති ප්‍රශ්නවලින් අවාසිදායක තත්ත්ව මතුවේ. ලිය කියවිලි සම්බන්ධ ගැටලු තම ජීවිතයේ හෝ රැකියාවේදී මතුකරයි. ඉතා කල්පනාකාරී විය යුතු වේ. ප්‍රේම සබඳතාවලදී ඉවසීමෙන් කටයුතු කරන්න. මුදල් නැතිවීමට ද යෝග ඇත. වාසනාව ඇතත් අහිමිවන යෝග ඇත.
මිථුන
පෙර පැවති රෝගී තත්ත්වවලින් යහපත් ගුණයක් ලබන සතියකි. නිවැරදි ප්‍රතිකාර ලැබීමට අවස්ථාව උදා වේ. සතුරු කරදරවලින් යහපත හා ඔවුන් සමඟ සමගිවන සතියකි. ව්‍යාපාරවල ගැටලු මඟහැරී යයි. කතාවෙන් විශාල කරදර අඩු කර ගත හැකියි.
කටක
උඩ නැඟීම්, වැටීම්, තුවාල වීම්වලට යෝග ඇත. තම ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු සතියකි. ආරවුල් පිළිබඳ පැටලිලි වැඩි සතියකි. තම තත්ත්වය පෙන්වීමට ගොස් කරදරේ වැටෙන යෝග ඇත. පරෙස්සම් වන්න. කරන කටයුතුවලින් වාසි අඩු වේ. උත්සාහයේ තරමට ප්‍රතිඵල අඩුකරන සතියකි.
සිංහ
දේපළ ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න, ගැටලු මතුවන සතියකි. වාහන පැදවීමේදී ඉතා පරෙස්සම් විය යුතු වේ. තමාගේ වරදක් නැතත් ගැටලු ඇතිවීමේ ස්වභාවය වැඩිය. ඉඩකඩම් මිලදී ගැනීම් හා විකිණීම්වලින් පරිස්සම්වන්න. පවුලේ ප්‍රශ්න, කරදර ඇතිවන යෝග ඇත.
කන්‍යා
නිර්භීත ගති මතු වේ. පෙර කුසල් මතු වී අන් අයගේ වියදමින් ගමන් බිමන් ලබන යෝග ඇත. නායකත්වය මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සුබ සතියකි. සහෝදර අය සමඟ පවුලේ කරන කටයුතුවලින් වාසි ලැබෙන අතර පෙර පැවති මත ගැටුම් මඟහැරී යයි.
තුලා
බ්‍රෝකර් වැඩවලින් ලාභ හිමි වේ. වෙෙළඳ ක්ෂේත්‍රයේ ඉහළට යන යෝග ඇත. අන් අයගේ ආකර්ෂණය හිමි කරයි. බෙල්ලෙන් උඩ අසනීප තත්ත්ව මතු කරයි. තම ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ. සිත සතුටට පත්වන සතියකි.
වෘශ්චික
තම තත්ත්වය ඉහළට යන යෝග ඇත. දේශපාලන ක්ෂේත්‍රයේ අයට සුබ සතියකි. ආගමික කටයුතුවලින් ද දියුණුව ඇති වෙයි. ජලය හා දියර ආශ්‍රිත ව්‍යාපාර කරන අයට වැඩි වාසි හිමි වේ. පෙර පැවති සතුරු කරදර මඟහැරී යයි.
ධනු
වියදම තරමක් අධික වේ. පෙර සතුරු කරදර වගේම විවිධ කරදර ප්‍රශ්න මතු වේ. ප්‍රේම සබඳතා වලට ඉක්මන්කාර ගති ඇතිවීමෙන් අවාසි මතු වේ. අනතුරු ඇත. ගමන්බිමන් හා අන් අය හා කටයුතු කිරීමේදී පරෙස්සම් විය යුතු වේ. දුරදිග නොබලා ගන්නා තීරණ නිසා රැකියා කරදර ඇති වේ.
මකර
අලස ගති මඟහැරී උත්සාහය, උද්‍යෝගය මතු වේ. නිදහසේ තම කටයුතු කරගෙන යන අතර, අන් අය අතර කතාවට ලක් වේ. දරුවන්ගේ විවාහ මංගල කටයුතු නිසා වැඩ අධික සතියකි. ඇස් සම්බන්ධ රෝග මතු වේ. ප්‍රවේසම් වන්න. උෂ්ණ රෝග හා සමේ රෝග සාදයි. පරෙස්සම් වන්න.
කුම්භ
රැකියාවේ ස්ථිරත්වය හා උසස් තත්ත්වයක් ලබන යෝග ඇත. පිටස්තර අයගේ සහාය ද හිමිවෙයි. රටින් පිට යන යෝග ද ඇත. නව ව්‍යාපාර ආරම්භයට හා භූමිලාභ ලබන යෝග ඇත. රාජ්‍ය අංශයේ ද උපකාර හිමිවෙයි.
මීන
පෙර පැවති කරදර මඟ හැරී යයි. වැඩිහිටි අයට සැලකීමට ලැබෙන අතර රටින් පිට වන්දනා ගමන් යාමට ද යෝග උදා වේ. නීති ප්‍රශ්න විසඳේ. උසස් අධ්‍යාපනයට පිටරට යන යෝග ඇත. පහසු ලෙස අධ්‍යාපනය ලබන යෝග ඇත. තම බලය උසස් ලෙස ලබන යෝග ඇත.
TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර
