අපේ රටේ ප්‍රචලිත අනුරාධපුරය, පොළොන්නරුව ඇතුළු මහවන්නි සත්පත්තුව ආශ්‍රිතව ගොඩනැඟී ඇති මහා දේව පුරාණයේ දෙවි දේවතාවුන් ඇතුළු බහිරව දේවත්වයෙන් සලකනු ලැබේ. බහිරව, වයිරව, බැරැන්ඩි හඳුන්වනු ලබන මෙම දෙවියා භූමිගත වස්තුවලට අධිපති බැව් ඉපැරණි ජන විශ්වාසයකි. බහිරව දෙවියන් සඳහා ඉපැරණි ජනකතා අති විශාල සංඛ්‍යාවක් නිර්මාණය වී ඇත්තේය. සිංහල දේව පුරාණයේ සඳහන් වන වැඩි පිරිසක් දේවත්වයට පත්වී ඇත්තේ ඝාතනයකින්, මරා දැමීමෙන් පසුව බව තහවුරු වී තිබේ. බහිරව දේව සංකල්පය ගැන මහාචාර්ය පරණවිතාන ශූරීන්, ඝනනාථ ඔබේසේකර විද්වතුන්, මහාචාර්ය අභය ආරියසිංහ විදුදරතුමා සහ පියසේන කහඳගම පරිසරවේදීන් විශාල කරුණු රාශියක්ම බහිරව දේව සංකල්පය ගැන තොරතුරු දක්වා තිබේ.
ඉපැරණි රජවරු තමන් සතු රන්, රිදී, මුතු, මැණික් වැනි අගනා භාණ්ඩ සුරැකීම සඳහා නොඉඳුල්් රූමත් තුන්කුළුදුල් කාන්තාවක් බිල්ලට දෙන බව ඓතිහාසික තොරතුරකි. එදත් අදත් මැණික් පතල් කැපීමේදී බහිරව පූජාවක් කරනු ලැබේ. සිංහල ජනයා අතර බහිරව පූජාව පිළිබඳ උච්චම ස්ථානයට පත් වූයේ මහනුවර යුගයේදීය.
කුළුඳුළේ පුතකු ලැබුණු විට බහිරව බැල්ම වැටේ යැයි මතය නිසාම මුළු පවුලටම අපල දෝෂ, ග්‍රහ දෝෂ ඇති වේ යැයි යන මතය ගරු කළ නිසාම පුත්‍රයා බහිරවයාට බිලිදීමේ සිරිත එවකට පැවතිණි. මහනුවර නගර සීමාව පිහිටි බහිරව කන්ද තුළ එබඳු බිලිදීමේ පූජා පැවැත් වූ තැනක් ෙලස අදටත් ප්‍රසිද්ධිය. මහනුවර රාජධානිය අවසාන අවදියේදී ශ්‍රී වික්‍රම රාජසිංහ රජ අණින් තරුණ රූමත් කන්‍යාවියන් බිලි දුන් බැව් දැක්වේ. බහිරවයින් අට දෙනෙක් අෂ්ඨ බහිරව නම් ප්‍රකටය.
මේ පිළිබඳ ඉපැරණි තඹපත් පොතක හා පුස්කොළ පොතක දැක්වේ. බහිරව තෙමෝ එක් වරෙක දේව විලාසයෙන් ද තවත් විටෙක දිව්‍ය විලාසයෙන් ද පෙනී සිටියි.
දේව විලාසයෙන් සිටින විට අතකින් කඩුවක් ද අනෙක් අතින් කුසලානය ද දරාගෙන සිටී. වාහනය සුනඛයාය. පැරණි විශ්වාස කෙසේ වෙතත් වත්මන්හි බහිරව දෙවියන් සෙත් පතා ශාන්ති කර්ම පූජා පවත්වනු ලැබේ. අනුරාධපුරයේ අභයගිරි චෛත්‍ය භූමියට ඇතුල්වන දොරටුව ඉදිරිපිට පියගැට පෙළ දෙපස ඇති මුරගල්වල නිර්මිත (සංඛ, පද්ම) රූ දෙකේ බහිරව දෙවියන්ගේ. රූප ලෙස සලකා එතැන දේවාලය තනා තිබේ.
බහිරව පූජාවක් ද පවත්වනු ඇත. මේ දේවාල දෙක ඉදිවී ඇත්තේ විසි වැනි සියවසේදීය. භව භෝග, වස්තු සම්පත් උසස් තත්ත්ව ලැබීමටත් ලෙඩ දුක්, හතුරු කරදර, පීඩා උපද්‍රව හානි වීම උදෙසාත් පිහිට පතයි.
විවාහ කටයුතු ප්‍රමාද වීම, පෙම් සබඳතා නොකැඩී පවත්වාගෙන යාමත්, දරුඵල ලැබීමටත් මෙම සංඛ පද්ම රූ දෙකට පූජා පවත්වති. පැන් ද දෝවනය කරති. මෙම රූප දෙක මුල් කොටගෙන වසරක් පාසාම අභයගිරි විහාරයේ පවත්වනු ලබන බහිරව පූජාවක් ද තිබේ.
එම පූජාවේ දී හේවිසි බෙර වාදනය කර ගිලන්පස බුදුන් වහන්සේට පූජා කර චෛත්‍යය වටා පැදකුණු කොට ප්‍රධාන කපු තැන විසින් සංඛ පද්ම රූප දෙකම සඳුන් කිරිපැන්වලින් නහවුනු ලැබේ. මේ දේව දානයට කැකුළු හාල් මිටි දහයකින් පොල් දමා කිරිබතක් උයා එයට මුං ඇට මිටි දෙකක් එක් කර දානය උයයි. පොල් ගෙඩි 500 ක් ගනු ලැබේ. මී පැණි, උක්හකුරු මිශ්‍ර කරයි. දේව දානය සංඛ පද්ම දේව මූර්තියට තබා ඉතිරි කොටස එයට සහභාගී වන බැතිමතුන්ට දානයක් වශයෙන් බෙදනු ලැබේ. මෙම දානය අනුභවයෙන් සියලු දුක් කරදර හිිරිහැර හා ලෙඩ ලෙඩදුක් නිවාරණය වේ යැයි ජන විශ්වාසයක් පවතී.
බහිරව පූජාව
අපි මෙතෙක් කතාබහ කළේ බහිරව දේව සංකල්පය ගැනයි. වර්තමානයේ ද මෙම බහිරව පූජාව පවත්වනු ලැබේ. නිෙවසක් ගොඩනඟන විටදී බහිරව පූජාව තබනු ලැබේ. පැරැණි ගැමියන් එදා කළු ගොනකු ඉඩමට ගොම්මන් සවස් කාලයේ ගෝධූලි මුහුර්තයෙන් සවස 5.03 සිට 7 දක්වා කාලය තුළ ගාල්කර ඉඳිකඩුල්ල වසා දමා ගවයා ළැඟ සිටි තැන උගේ ගොමවලට ඖෂධ වර්ග කලවම් කර එම දියර දෙහි අත්තෙන් බිම ඉසිනු ලැබේ.
ලොව සෑම සතකුගේම අසූචි දුර්ගන්ධයි.
නමුත් ගවයාගේ ගොම දුගඳක් නැත.
(ඒ ගවයාගේ ආමාශගත රසායන ක්‍රියාවලිය නිසාය.) අතීතයේ විශේෂයෙන්ම නිෙවසක් ගොඩ නැඟීමේදී බහිරව පූජාවක් තැබීම ඔවුන්හටම ආවේණික සිරිතකි. බහිරවයන් අට දෙනකු මෙම දේව පුරාණය සඳහන් වී තිබේ.
පුද පූජා තැබීම බහිරවයන් සතුටු කිරීම අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් නිවැසියන්ට වන කායික මානසිකමය පීඩනය වළකා ගැනීමට මේ බහිරව පූජාව තැබූ බව පෙනේ. පිදේනි තබා යාදිනි සැහැලි කන්නලව් කරන්නේ බහිරවයා සතුටු කරගෙන යහතින් තමාගේ නිවෙස තුළ ජීවත්වීමටය. පාෂාණ රන්, රිදි, මැණික් වර්ගයන් ද පිදේනිවල තබයි. කස්තුරි,ගෝරෝචන ද තබනු ලැබේ.
බහිරව පූජාව කරන්නේ සිංහල බෞද්ධයන්ගේ එක්තරා පිරිසකි. අදටත් බහිරව පූජාව තබන අය කොතෙකුත් සිටිති. මෙය ඇත්තටම තේරුමක් තිබේද? බහිරව පූජාව නොතබා තමා ගොඩනඟා ගත් නිෙවස තුළ ජීවත්වීමට බැරිද? තමා අදහන ආගම නිතිපතා අදහමින් සිතට එකඟව ආත්ම ශක්තියෙන් යුක්තව නිෙවස තුළට විශ්ව ශක්තිය කාන්දු කරගෙන සිිටින්නේ නම් වෙනත් පුද පූජා, බහිරව පූජා නොතිබ්බාට කිසිදු වරදක් සිදු නොවේ.
මේ බහිරව පූජාව ගැන වැඩිම උනන්දුවක් දක්වන්නේ කාන්තාවන්ය. “අපේ ගෙදරට බහිරව පූජාවක් තිබ්බා නම් හරි හොඳයි. අනේ අල්ලපු ගෙදරට නම් බහිරව පූජාවක් තිබ්බලු. දැන් හරි අපූරුයි. අනේ අපිත් බහිරව පූජාවක් තියමුකෝ.”
“කොච්චර වියදමක් යනවද?“
“එක මං එයාගෙන් අහලා කියන්නම්.”
“මගේ දෙයියනේ ලොකු ගාණක් ලූ. ඒක පොතේ දැම්මනම් පොලියක්වත් හම්බවෙනවා.්”
මෙලෙස මිථ්‍යා සහ අන්ධ විශ්වාසයන් නිසාම අමාරුව වැටෙන අය ද අද සිටියි. මේ ශාන්ති කර්මය අද විට එක්තරා වෙළෙඳාමක් බවට පත් වී තිබේ. බහිරව පූජාවක් තමාගේ නිෙවසට නොතිබ්බාට වෙනත් කිසිදු බාහිර බලපෑම් ගොඩ නොනැඟේ. ශක්තිමත් සිතකින් කළ නොහැකි දෙයක් මෙලොව නැත. දැනට හොඳම උදාහරණය හෑන්ඩ් ෆෝන් එකෙන් සිම්පත මොනතරම් අපූරු විශ්මිත නිර්මාණයක්ද තරුණ, වැඩිහිටි, කාන්තා ඔබ සැමටම මේ බහිරව පූජාව ගැන යටි සිතින් සිටීමට අවකාශ ඇත.
අවසන් වශයෙන් කිව හැක්කේ බහිරව පූජාව ඇතුළු ජෝතිෂ්‍ය යන්ත්‍ර මන්ත්‍ර ගුප්ත විද්‍යාව ඇතුළත ගැන තෙවැනි ඇසකින් බලන විට මනසට මුල් තැන දී අපි වාස්තු විද්‍යානුකූලව නිෙවසක් ගොඩ නඟා ගෙන ඒ තුළ අප අදහන ආගමික වතාවත් නොපිරිහෙලා ඉටුකරන්නේ නම් ඊට වඩා දෙයක් නැත.
