“අභියෝග ජයගෙන HIV නිවාරණය නව මඟකට ගැනීම’ මෙවර ඒඩ්ස් දින තේමාවයි.
2030 වසර වන විට ඒඩ්ස් අවසන් කිරීමේ ඉලක්කයක් කරා ගමන් කරමින් පසුවෙයි. මේ ඉලක්කය සපුරා ගැනීමට නම් තවත් ඉලක්ක 3ක් සපුරාලිය යුතුවේ.
* නව ආසාදන සියයට 95කට වඩා
අඩු කළ යුතුයි.
* ප්‍රතිකාර සහ සේවාවන් වෙත සියයට
95කට වඩා යොමු විය යුතුයි.
* ප්‍රතිකාර ගන්නන් වෙනස් කොට සැලකීම
සහ කොන් කිරීම සියයට 95කට වඩා අඩු
කළ යුතුවේ.
එසේම ඒඩ්ස් මරණ අඩු කිරීමද
කළ යුතු වේ.
ලෝකයේ පළමු HIV රෝගියා හමුවන්නේ 1987 ලංකාවේ වර්ෂයේදීය. එතැන් පටන් මේවන තෙක් එනම් 2025 වසරේ මුල් කාර්තු 3 අවසන්්‍ෙවද්දී HIV සමඟ ජීවත්වන්නන් ගණන 7168ක් දක්වා ඉහළ ගොස් තිබේ. 2010 වසරට සාපේක්ෂව 2024 වසර වෙද්දි ලෝකයේ මෙරට HIV නව ආසාදිතයින් හමුවීම සියයට 40කින් අඩුවී තිබේ. නමුත් මෙම වකවානුව තුළ මෙරට HIV නව ආසාදිතයින් සියයට 48කින් වැඩි වී තිබේ. මින් හැඟෙන්නේ බොහෝ දෙනෙක් නොදැනුම්වත්භාවයෙන් පෙළෙන බවයි.
තරුණ ප්‍රජාව අතර 2010 වසර වන විට අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන්නන් අතරේ HIV ආසාදිතයින් 9ක්ව පැවති අතර එය 2024 වසර වනවිට 91ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර වැඩිපුර සිටින්නේ පිරිමි ළමුන්ය. පිරිමි පිරිමි පුද්ගලයන් අතර පවතින ලිංගික සම්බන්ධතා මෙයට සෘජු හේතුවක් බව ඒත්තු ගැන්වේ.
පසුගිය වසර වන විට HIV රෝගීන්ගේ මරණ ගණන 50ක් දක්වා ඉහළ ගොස් තිබේ.
