Monday, December 8, 2025
Epaper
Home පුවත්දක්ෂාවේශයෙන් ඇවිළෙන්නන්ගේ වේදිකාව Sri Lanka’s Got Talent තුන්වැනි අදියර ඇරඹේ

දක්ෂාවේශයෙන් ඇවිළෙන්නන්ගේ වේදිකාව Sri Lanka’s Got Talent තුන්වැනි අදියර ඇරඹේ

by Shanaka Lakehouse

ලෝකයේ අතිමහත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් Got Talent වැඩ සටහනේ ශ්‍රී ලාංකේය මුහුණුවර වූ Sri Lanka’s Got Talent හි තුන්වැනි අදියර දෙසැම්බර් 13 සිට සෙනසුරාදා සහ ඉරිදා දිනවල රාත්‍රී 8.30ට සිරස ටීවී තුළින් විකාශය වේ.

ගිනස් වාර්තා පොතට අනුව ලොව වැඩිම පිරිසක් නැරඹූ රියැලිටි වැඩ සටහන් මාලාව ලෙසටද සැලකෙන Got Talent මේ වන විට මහද්වීප 6ක් පුරා රටවල් 80කට ආසන්න ප්‍රමාණයක විවිධ භාෂා වලින් ප්‍රතිනිර්මාණය වී ඇත.

මෙවර මෙහි විනිශ්චයකරුවන් ලෙස අඛිල ධනුද්දර, සංගීතා වීරරත්න, ධනු ඉන්නාසිතම්බි සහ ස්ටෙෆනි සිරිවර්ධන ක්‍රියා කරන අතර වැඩසටහන ඉදිරිපත් කරන්නේ ජනප්‍රිය YouTube තරු දෙපළක් වන ජනා සහ ප්‍රියා විසිනුයි. Judges’ Audition, Cull Episodes, Quarter Finals, Semi Finals, Pre-Finale සහ Finale ලෙසින් වට දෙකේ වැඩසටහන් 28ක් පුරාවට මෙම අදියර දිග හැරෙනු ඇත.

මෙහි මූලික වටයේ පරීක්ෂණ (Audition) පළාත් 09ම ආවරණය කරමින් පැවැති අතර ඒ සඳහා සහභාගී වූ දහස් ගණනක් වූ තරගකරුවන් අතරින් 130ක් Judges’ Round වටය සඳහා තෝරා ගැනුණි.

Srilanka’s Got Talent දෙවැනි අදියර 2024 වසරේ පැවති අතර එහි කිරුළ දිනා ගත්තේ කළුතර සිට පැමිණි ළාබාල සර්කස් ශූරයා වූ රවීන්ද්‍ර කුමාර විසිනි. දැඩි කම්කටොලු මධ්‍යයේ ඉතා දුෂ්කර ගමනක් තනිව පැමිණි ඔහු මිල කළ නොහැකි Got Talent කුසලානය හිමිකර ගැනීමට සමත් වූයේ සිය නොසැලෙන අධිෂ්ඨානය සහ කැපවීමට අසමසම වටිනාකමක්ද එක්කරමිනි.

ත්‍රාසය, භීතිය, කුතුහලය සපිරි අසමසම වික්‍රමාන්තයන්, හාස්‍යජනක මෙන්ම විනෝදය සපිරි පෙර නොවූ ආකාරයේ ඉදිරිපත්කිරීම් මෙන්ම සංවේදී හැඟුමිබර අවස්ථාවන් සමඟින් වෙනස්ම අත්දැකීමක් සති අන්තයේ විඳ ගන්නට මෙමඟින් ඔබටත් හැකිවේවි.

TEXT – චම්පා

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?