සංසලා International Academy of Sawing(pvt)Limited හි නිර්මාතෘවරිය මෙන්ම අධ්‍යක්‍ෂිකාවද වේ. රාජ්‍ය ආයතනයක හිටපු පරිපාලන නිලධාරිනියක් වූ ඇය දැනට මෙම ඇඟලුම් හා මැහුම් ක්ෂේත්‍රයන්ගේ දශක දෙකකට ආසන්න කාලයක අත්දැකීම් සහිත ළාබාලම උපදේශිකාවද වේ.
2019 සිට ඇය විසින් ආරම්භ කරන ලද අපේ මැහුම් පන්තිය Youtube චැනලයේ හිමිකාරියවන ඇය දෙස් විදෙස් ව්‍යවසායිකාවන් විශාල පිරිසකට ඇගේ යූටියුබ් චැනලය මඟින් මැහුම් පිළිබඳ පාරම්පරික හා නවීනතම වූ තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් නොමිලයේ දැනුම් ලබාදෙන්නියක්ද වෙයි.
2020 වසරේ සිට විවිධ සම්මානයන්ට පාත්‍ර වූ ඇය 2024 වසරේදී මැහුම් ක්ෂේත්‍රයට හා සමාජ උන්නතිය වෙනුවෙන් කරන ලද සේවය අගයමින් දේශාභිමානී, දේශබන්ධු, ජාතික අභිමානී, ව්‍යවසායක අභිමානි, ශ්‍රී ජනරංජන යන ගෞරව නාමයන්ට පාත්‍ර විය.
දිළිඳු පවුල් සඳහා ක්‍රියාත්මක වන ඇගේ අපේ මැහුම් පන්තිය සමාජ සත්කාරක වැඩසටහන් හරහා සමාජය වෙනුවෙන් අතිමහත් සේවාවක් එක්කරනු ලබන අතර, ඇය පුරා දශක දෙකකට ආසන්න කාලයක් සිසුන් වෙනුවෙන් ආදරණීය මවක් සහෝදරියක් සේම මිතුරියක් ලෙසද ඇගේ දැනුම බෙදා දෙන්නියක ලෙස කටයුතු කරයි.
‘සන්නාලියන් රැජිනියන් කරන්නට’ යන තේමා පාඨය ඔස්සේ ඇය ‘අපේ මැහුම් පන්තිය’ කරගෙන යයි.
