Monday, December 8, 2025
Epaper
Home විශේෂාංගලස්සන සිතුවමක් 3D ක්‍රමයට දකින්න කවුරුත් කැමැතියි

ලස්සන සිතුවමක් 3D ක්‍රමයට දකින්න කවුරුත් කැමැතියි

by Shanaka Lakehouse

අප සාමාන්‍යයෙන් චිත්‍ර ඇඳීමේදී නොයෙකුත් ක්‍රම භාවිත කරනවා.

නමුත් එහිදී 3D ගතියක් ගැනීම විශේෂ අවස්ථාවක්. මේ නිර්මාණ ක්‍රමයේදී 3D ගතියක් ගැනීම සඳහා Texture පේස්ට් එක භාවිත කරන්න පුළුවන්. Texture paste එකෙන් ගසක් නිර්මාණය කරන ආකාරය අද බලමු. මේ නිර්මාණ කලාවෙන් ඔබට ස්වයං රැකියාවකට මඟ පාදගන්නත් පුළුවන්. අවශ්‍ය වන්නේ ඔබේ නිර්මාණශීලී හැකියාවයි.

අවශ්‍ය ද්‍රව්‍ය

කැන්වස් එකක්

Texture පේස්ට් එක

පයිපිං බෑග්

පැතලි පින්සලක්

ඇක්‍රලික් (Acrylic) වර්ණ

නිර්මාණය කිරීම

01. මුලින්ම අපට අවශ්‍ය නිර්මාණය කැන්වස් එක මත ඇඳගන්න.

පේස්ට් එක ලබාගත් පසු එය පයිපිං බෑග් එකට අපට අවශ්‍ය ප්‍රමාණයෙන් දමා ගන්න.

02. දැන් අපි ඇඳගත්ත ගසේ කඳ අප පුරවා ගත්ත පයිපිං බෑග් එකේ පේස්ට් එකෙන් හොඳින් පුරවා ගන්න.

03. කඳේ මැද හරිය ටිකක් වැඩිපුර පුරවා ගන්න.

හීනි අතු දමා ගැනීම සඳහා පයිපිං බෑග් එක හීනියට කපා ගත යුතුය.

04. අප මුලින් පුරවා ගත්ත කඳ දැන් හොඳින් තුනී කරගත යුතුය. එය ගසේ හැඩයට නිර්මාණය කරගත යුතුය.

05. අප ඇඳගත් සම්පූර්ණ ගසම පයිපින් බෑග් එක ආධාරයෙන් පයිපිං කර හොඳින් වේළා ගත යුතුය.

06. වැඩිපුර පේස්ට් එක පාවිච්චි කර ඇති නිසා වේළීම සඳහා ටික වේලාවක් ගතවේ.

හොඳින් වේළුණු පසු අපට අවශ්‍ය පරිදි එය පාට කර ගත හැකියි.

07. නිර්මාණය වඩාත් ලස්සනව කැපී පෙනෙන්නේ කළු පාට පසුබිමකට ගෝල්ඩ් වර්ණ එකතු කිරිමෙනි. මෙහිදී fabric acrylic පාවිච්චි කිරීමෙන් තව තවත් ලස්සන නිර්මාණයක් බිහිකර ගත හැකියි.

 

08. මේ නිර්මාණයට ක්ලියර් වානිෂ් එකක් ස්ප්‍රේ කර ආරක්ෂා කරගන්න. එවිට පුළුවන් වතුරවලින් වුණත් පිසදා පිරිසුදු කරගන්න.

09. දැන් මේ නිර්මාණයට කැන්වස් එකක් භාවිත කළත් ඔබට පුළුවන් වීදුරු බෝතලයක්, කේක් බෝඩ් එකක් වගේ ඉවතලන ඕ‍ෙනම දේකට මේ නිර්මාණය කරගන්න.

Texture Art නිර්මාණකරණයට කැමැති ඔබට මෙන්න ඒ සඳහා අනගි අවස්ථාවක්. තරුණී Texture Art එක් දින වැඩමුළුව 2025 දෙසැම්බර් 13 වැනි සෙනසුරාදා පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා නොමිලයේ පැවැත්වේ. ප්‍රවීණ අත්කම් හා රෙදි පින්තාරු ශිල්පිනී වරුණී උල්විස්හේවා මඟින් නොමිලයේ සිදුකරන මෙම වැඩමුළුව සඳහා ලියාපදිංචි වීමට පහත කූපනය පුරවා එදින වැඩමුළුවට සහභාගී වන්න. ලියාපදිංචි වීම සඳහා 0112 429591 දුරකතන අංකය අමතන්න.

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?