Monday, December 8, 2025
Epaper
Home වෛද්‍යHIV සමඟ ජීවත්වන සෑම අයෙක්ම ඒඩ්ස් රෝගියකු නොවේ

HIV සමඟ ජීවත්වන සෑම අයෙක්ම ඒඩ්ස් රෝගියකු නොවේ

HIV වළකන්නත් පැය 72 පෙත්තක්

by Shanaka Lakehouse

HIV යනු වයිරසයයි. එය මානව ප්‍රතිශක්ති ඌනතා වයිරසයයි. මෙම වයිරසය ශරීරයට ඇතුළු වූ විට ප්‍රතිශක්තීකරණ පද්ධතිය හෙවත් ලෙඩවලට ඔරොත්තු දීමේ හැකියාව ටිකෙන් ටික අඩපණ වී යයි. මේ අනුව ඒඩ්ස් තත්ත්වයට පත්වීමට අවුරුදු 2ත් 10ත් අතර කාලයක් ගතවේ. බාහිරින් බැලූ කල HIV වයිරසය ශරීරගත වී ඇත්දැයි සොයා ගත නොහැකියි. ඒ සඳහා HIV සඳහාම වූ පරීක්‍ෂණයක් කර ගත යුතුවේ.

එය රුධිරය ලබාගෙන කරන පරීක්ෂණයක්, HIV ක්ෂණික පරීක්ෂණයක් හෙවත් රැපිඩ් පරීක්ෂාවක් මඟින් විනාඩි 20ක් වැනි කෙටි කාලයක් ඇතුළත HIV ශරීරගත වී ඇත්ද නැද්ද යන්න සොයාගත හැකි වේ. යම් අයෙක් රුධිරය ලබාගෙන පරීක්ෂාවට ලක් කිරීමට අකැමැත්තක් දක්වන්නේ නම් එවැනි කෙනකුට මුඛ මාර්ගය භාවිත කොට HIV ස්වයං පරීක්ෂණ කට්ටලයක් (Self kit) එකක් භාවිත කළ හැකියි.

මේ පරීක්ෂණ සේවාවන් ජාතික ලිංගාශ්‍රිත රෝග සායනය ඔස්සේ කරගත හැකියි. දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ලිංගාශ්‍රිත රෝග සායන 40ක් පමණ ක්‍රියාත්මක වේ. ස්වයං පරීක්ෂණ කට්ටල ලිංගාශ්‍රිත රෝග සායනයෙන් හෝ Know for sure.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

රුධිරය භාවිත කොට කරන පරීක්ෂණය සති 3ත් 6ත් අතර සමය කෞල සමයයි. එනම් වයිරසය ශරීරගත වී සති 3ත් 5ත් අතර කාලය ගත වූ පසුවයි HIV ඇත්ද නැද්ද යන්න හඳුනා ගත හැකි වන්නේ.

ස්වයං පරීක්‍ෂණ කට්ටලයකට නම් වයිරසය ශරීරගත වී මාස 3ක පමණ කාලයක් ගත වූ පසුවයි වයිරසය ශරීරගත වී ඇත්ද නැද්ද යන්න තහවුරු කරගත හැකි වන්නේ. ඒ මෙම පරීක්ෂණය Antibody හෙවත් ප්‍රතිදේහ පමණක් භාවිත කරමින් සිදු කරන පරීක්ෂණයක් නිසා යි.

අනාරක්ෂිත ලිංගික හැසිරීමකට ලක් වූයේ නම් රුධිර පරීක්ෂාවක් සඳහා යොමු වීම අතිශය වැදගත් වේ.

HIV ආසාදිතයෙක් බව තහවුරු වූ පසු ඔවුන් සායන සඳහා යොමු කෙරේ. මෙහිදී හැකි තරම් ඉක්මනින් ඖෂධ භාවිතයට යොමු වූයේ නම් ඒඩ්ස් තත්ත්වයට යෑම වළක්වා ගත හැකියි.

HIV ආසාදනයට පත් වූ අයෙක් ඖෂධ නොගන්නේ නම් ඒඩ්ස් තත්ත්වයට යෑමට අවුරුදු 8ත් 10ත් අතර කාලයක් ගතවේ. මේ සැලකිය යුතු කාලයකි. මෙවැනි අයෙක් ඖෂධ නොගන්නේ නම් තවත් අයකුට HIV ආසාදනය වීමට ඇති ඉඩකඩද වැඩිවෙයි.

වර්තමානයේ නවීන ඖෂධ පවතියි. මෙම ඖෂධවලට HIV රෝගය පාලනයට ඇති හැකියාවද ඉතාම වැඩියි. එසේම මෙම ඖෂධවල ඇති අතුරු ආබාධ ද අවම වේ. ලිංගාශ්‍රිත රෝග සායනයන් වෙත යොමුවන රෝගීන් සඳහා මෙම ඖෂධ ප්‍රමාදයකින් තොරවම ලබාදෙයි. ART හෙවත් Antirectrol Therapy යන ඖෂධය මේ සඳහා ලබා දෙයි.

මෙම ඖෂධයේ ඇති වටිනාකම නම් එය ලබා ලබාගත් පසු රුධිරයේ ඇති HIV වයිරස ප්‍රමාණය ඉතාම අවම ප්‍රමාණයකට පත්වීමයි.

ඖෂධ ලබා ගැනීමේ ඇති වාසි

*ප්‍රතිශක්තීකරණ පද්ධතියට මෙම වයිරසය නිසා වන හානි අවම වේ.

*ශරීරගත වී ඇති HIV වයිරස ප්‍රමාණය අඩු වූ විට කෙනකුගෙන් තවත් කෙනකුට රෝගය බෝ වීමට ඇති හැකියාව හෙවත් සම්ප්‍රේෂණය වීම අවම වේ. ඖෂධ භාවිතය තුළින් රෝගය පැතිරීම වැළැක්වීම මෙහි පරමාර්ථයයි.

*අවදානම් හැසිරීමක් සහිත කණ්ඩායමකට අයත් වූයේ නම් ප්‍රමාදයකින් තොරව HIV පරීක්ෂණයක් සඳහා යොමු වන්න. රෝග ලක්ෂණ මතුවීමට කලින් ඉක්මනින් හඳුනාගත හැකි වන්නේ පරීක්ෂණයක් මඟිනි. කල්ගත ‍ෙවද්දී වන හානිය ද වැඩිවේ.

*ඔබ හඳුනන තවත් කෙනෙකුට මේ පිළිබඳ අවදානමක් ඇත්නම් ඔවුන්වද පරීක්ෂණ සඳහා යොමු කරවන්න. ලිංගාශ්‍රිත සායනයන් වෙත යොමු වන්න. මේ සඳහා සහභාගී වන සියලුම දෙනාගේ පෞද්ගලිකත්වය, රහස්‍යභාවය සුරකින බවට වග කියයි. එබැවින් මෙම අවස්ථාව කිසිසේත්ම මඟ හරින්නට එපා.

HIV සමඟ ජීවත්වන සෑම කෙනෙක්ම ඒඩ්ස් රෝගියෙක් බවට පත් වන්නේද?

HIV වයිරසය ආසාදිත වූවන් හෙවත් HIV සමඟ ජීවත් වන්නන් ඖෂධ ලබාගන්නේ නම් මියෙන තුරාවටම ඒඩ්ස් රෝගී බවට පත් නොවේ. ඖෂධ ලබා නොගත්තේ නම් අවුරුදු 8ක් 10ක් ගත වූ පසු ඒඩ්ස් රෝගයකු බවට පත්වීමට පුළුවනි.

HIV රෝගය සමඟ ජීවත්වන්නකු ඒඩ්ස් රෝගයකු(නතු කරගත් ප්‍රතිශක්ති ඌනතා වයිරසය ඇති අයකු) ලෙස හැඳින්වීම සාධාරණ නැත.

HIV රෝගය සඳහා ඖෂධය ලබාගන්නේ නම්, ඒ කෙනාගේ වයිරස ප්‍රමාණය ඉතාම අවම මට්ටමක පවතී. එනම් එය පරීක්ෂා කරන යන්ත්‍රය සඳහා හසු නොවේ නම් (Undetectable viral load) ඒ පුද්ගලයාගෙන් තවත් අයකුට HIV වයිරසය බෝ නොවේ. මෙය ප්‍රතිකාර කිරීම හරහා වන නිවාරණයයි. HIV ශරීරගත වූ සියලු දෙනා රෝගය හඳුනාගත්තේ නම්, ඖෂධ ලබාගත්තේ නම් එතැනින් එහාට රෝගය බෝ නොවේ.

එවැනි කෙනෙකු සමඟ ලිංගිකව හැසිරීමට පුළුවනි ද?

ඉහත සඳහන් කළ පරිදි අනාරක්ෂිත බවින් මිදුණු කෙනෙකුට ලිංගිකව හැසිරීමට කිසිදු බාධාවක් නොමැත. වයිරසය ශරීරය තුළ පවතී නම් එවැනි කෙනකුට ඉතාම ආරක්ෂිත පරිදි කොණ්ඩමයක් භාවිත කර ලිංගිකව හැසිරීමට පුළුවනි. යම් හෙයකින් කොණ්ඩමයට හානි වූයේ නම් පැය 72ක් ඇතුළත ලිංගාශ්‍රිත රෝග සායනයකට සහභාගී වී HIV වළක්වා ගැනීම සඳහා වන පෙත්තක් (PEP- Post- exposure prophylaxis) ලබා ගත හැකියි.

(දායකත්වය සඳහා ලබා දෙන රුධිරය)

දායකත්වය සඳහා ලබා දෙන සියලුම රුධිරයන් HIV සඳහා වන පරීක්‍ෂණයට ලක්වේ. මේ නිසා ඒ ඔස්සේ HIV සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව ඉතාම අවම වෙයි. මේ සඳහා ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානය කැපවීමෙන් කටයුතු කරයි.

මත්ද්‍රව්‍ය විදගැනීම් …ආදිය නිසාත් HIV ශරීරගත වීමට අවස්ථාව තිබේ.

මවගෙන් දරුවාට

රටක් ලෙස HIV මවගෙන් දරුවාට බෝවන අවස්ථාව අපේ රට තුරන් කර තිබේ. ඒ සියලුම ගර්භිණි මවුවරුන් පාහේ HIV පරීක්‍ෂණය සඳහා යොමු කරන නිසායි. යම් මවක ආසාදිත තත්ත්වයේ පවතී යයි හඳුනාගතහොත් ගර්භිණි සමයේදී අදාළ ඖෂධ ලබාදී වයිරසය Undetectable viral load තත්ත්වයට පත් කරයි. මේ ඔස්සේ දරුවාට වයිරසය ශරීරගතවීම වළකාලයි. HIV පරීක්ෂාව සඳහා යොමු නොවුණු මවුවරුන්ගේ දරුවන් කිහිප දෙනෙක් HIV ශරීරගත වූවන් ලෙසට සිටී.

Undetectable viral load තත්ත්වයේ සිටින මවකට දරු ප්‍රසූතිය සාමාන්‍ය ක්‍රමයටම කළ හැකියි. වයිරසය යම් මට්ටමක පවතී නම් දරු ප්‍රසූතිය සිදු කරන්නේ සීසර් සැත්කමක් මඟිනි. මෙවැනි මවුවරුන් 10 – 15 ක් පමණ සිටි.

මවුකිරි ලබාදීම

Undetectable viral load තත්ත්වයේ සිටියත් මවුකිරි ලබා දීමක් සිදුවන්නේ නැත. ඒ පියයුරුවල විවිධාකාර තත්ත්ව මතු විය හැකි නිසයි. එම දරුවන්ට Formula milk ලබා දේ.

TEXT – ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?