Monday, December 8, 2025
Epaper
Home ස්වයං රැකියාකේක් එකේ හැඩ මවන ගම් පේස්ට් අයිසිං මල් කලාව

කේක් එකේ හැඩ මවන ගම් පේස්ට් අයිසිං මල් කලාව

by Shanaka Lakehouse

ඔයා හදා ගත්ත කේක් එකක් අයිසිංවලින් කවර් කර ගත්තට පස්සෙ ඔයාගෙ අතින්ම ගම්පේස්ට් අයිසිං මල් ටිකක් හදලා කේක් එක ඩෙකරේට් කර ගත්තාම කොච්චර ලස්සනද? මෙවර තරුණී නුග සෙවණ සුසංයෝගයෙන් අපි කියාදෙන්නේ ඒ පිළිබඳයි. කේක් කලාවට ළබැඳි ඔබට මෙය අපූරු අත්දැකීමක් වේවි.

ඩේසි මල (අයිසිංවලින් සාදා ගන්නා)

අවශ්‍ය ද්‍රව්‍ය

මල් පේස්ට්

පෙති වේනරය

26 ඝනකම කම්බියක්

වේන බෝඩ් එකක්

රෝලිං පින් එකක්

කොළපාට වර්ණය

පෙති සඳහා අවශ්‍ය වර්ණ

ඩේසිමලේ හැඩය ඇති කටරයක්

කෝන් ෆ්ලවර්

ඩේසි මල් සාදා ගැනීම

මුලින්ම ගම්පේස්ට් එක සාදා ගනිමු.

සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

කෝන් ෆ්ලවර් කප්1ක්

තයිලෝ පවුඩර් මේස හැඳි 1ක්

වතුර කෝප්ප 1/4ක්

දියර ග්ලූකෝස්

මේස හැඳි 1ක්

එළවළු තෙල්

(Vegetable oil) මේස හැඳි 1ක්

සාදන ක්‍රමය

පළමුව කෝන් ෆ්ලවර් තයිලෝ පවුඩර් බඳුනකට දමාගන්න. පසුව වෙනත් ඇලුමිනියම් බඳුනකට වතුර, තෙල්, දියර ග්ලූකෝස් දමා ඩබල් බොයිල් කරගන්න. මෙසේ ඩබල් බොයිල් කරගත් මිශ්‍රණය පෙර කෝන් ෆ්ලවර් දමාගත් බඳුනට දමා හොඳින් අනාගන්න. මෙසේ අනාගත් මිශ්‍රණය භාවිතයට ගන්නා තෙක් හොඳින් ඔතා ශීතකරණයේ තබාගන්න.

ඩේසි මලේ පෙති සාදාගන්නා ආකාරය

පළමුව පේස්ට් එක හොඳින් අනාගන්න.

දැන් වේනර් බෝඩ් එක ගෙන, ඒ මතට කෝන් ෆ්ලවර් ඉසින්න.

වේනර් බෝඩ් එක මත පේස්ට් එක තබා පසුව රෝලින් පින් එක ආධාරයෙන් තුනී කරගන්න.

මෙසේ තුනී කරගත් පේස්ට් එක මත ඩේසි මලේ පෙති හැඩය ඇති කටරය තබා පෙති කපා ගන්න. (එසේ කපාගන්නා පෙති 30/35ක් පමණ අවශ්‍ය වේ.)

පසුව කපාගත් පෙති අතට ගෙන ඝනකම 26 කම්බි ගෙන එකින් එකට දමාගන්න.

දැන් පෙත්ත හැඩකර ගැනීමට පෙති දාර වේනරය මත තබා ප්‍රෙස් කරගන්න.

එලෙස සාදාගත් පෙති සියල්ල වේළෙන්නට තබන්න.

සම්පූර්ණ ඩේසි මල සාදාගන්නා අයුරු

ඝනකම අඟල් 18ක කම්බියක් ගෙන උඩ කොටස කොයිල් එකක් ආකාරයට නවාගන්න. පසුව නවාගත් කම්බිය වැසෙන සේ කොළ පාට දමා සාදාගත් ගම් පේස්ට් ටිකකින් බෝලයක් ආකාරයට කවර් කරගන්න. මෙසේ කවර් කරගත් බෝලයක් වැනි කොටසේ ගම් ආලේප කර කොළ පාට දමා සාදාගත් රුලං අලවාගන්න.

එසේ අලවාගත් පසු රුලං දමා සාදාගත් රවුම වටේට පෙර සාදා වියළාගත් මල් පෙති හැඩය සිටින සේ ගසාගන්න.

අවසානයේ කම්බියේ නටුවට මල් ටේප් ඔතා අලංකාර කරගන්න.

මෙසේ සාදාගන්නා මල් ඔබට දිගු කාලයක් තබා ගැනීමට හැකියාවක් ඇත.

 

TEXT – අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?